Sri Lanka Volleyball
මධ්‍යම ආසියානු බීච් වොලිබෝල් තරගාවලිය 2024
මධ්‍යම ආසියානු වොලිබෝල් සම්මේලනයේ ආරාධනයකට අනුව ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය සංවිධානය කරනු ලැබූ CAVA Beach Volleyball Championship 2024 තරගාවලිය 2025 ජනවාරි 24 දින සිට 26 දින දක්වා මීගමුව වෙරළ වොලිබෝල් ක්‍රීඩාංගණය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්විය. මෙම තරගාවලිය සඳහා කිරිකිස්ථානය, මාල දිවයින, ඉරානය, භූතානය, කසකස්ථානය සහ ශ්‍රී ලංකාව යන රටවල් සහභාගී විය.
තරගාවලියේ සමාරම්භක උත්සවය 2025 ජනවාරි 24 දින ප.ව. 8.30 ට ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ ගරු සභාපති කංචන ජයරත්න මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය. මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංක වොලිබෝල් සම්මේලනයේ ප්‍රධාන ලේකම් සහ මධ්‍යම ආසියානු වොලිබෝල් සම්මේලනයේ ලේකම් ඒ. ස් නාලක මහතා, මීගමුව නාගරික කොමසාරිස් නුවනි සුදසිංහ මහත්මිය සහ බීච් වොලිබෝල් කොමිසමේ සභාපති ප්‍රියන්ත ජයකොඩි මහතා සහභාගී විය. සමාරම්භක උත්සවයේදී ශූරතා කුසලානය එළි දැක්වූ අතර, මෙම කුසලානය ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ සභාපති කාංචන ජයරත්න මහතා විසින් මධ්‍යම ආසියානු වොලිබෝල් සංගමයේ මහලේකම් ඒ.එස්. නාලක මහතා වෙත පිරිනමන ලදී.
2025 ජනවාරි මස 26 දින ප.ව. 3.00 සිට තරගමාලාවේ කාන්තා සහ පිරිමි අවසන් මහා තරග පැවැත්වූ අතර, අවසන් මහා තරග සහ ජය සංකේත ප්‍රධානය මධ්‍යම ආසියානු වොලිිබෝල් සංගමයේ සභාපති මොහොමඩ් ලතීෆ් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මේ සඳහා ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ ගරු සභාපති කංචන ජයරත්න මහතා ඇතුළු ආරාධිතයින් මෙම සමාප්ති උත්සවය සඳහා සහභාගී විය.
මෙම තරගාවලියේ කාන්තා අවසන් මහා තරගය කසකස්ථාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වූ අතර කසකස්ථාක කණ්ඩායම ජය හිමි කර ගනිමින් තරගාවලියේ කාන්තා ශූරයින් බවට පත්විය. එමෙන්ම පිරිමි අවසන් මහා තරගය ශ්‍රී ලංකාව සහ ඉරාන කණ්ඩායම සමග පැවැක්වූ අතර ඉරාන කණ්ඩායම ජය හිමිකර ගනිමින් තරගාවලියේ පිරිමි ශූරයින් බවට පත්විය.