ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය, ඩයලොග් ආසියාටා සමාගමේ අනුග්‍රාහකත්වයෙන් පවත්වනු ලබන ඩයලොග් ජනාධිපති රන්කුසලාන අවු. 25 න් පහළ ජාතික වොලිබෝල් තරගාවලියේ ජාතික මට්ටමේ කාන්තා තරග අද දින අනුරාධපුර පළාත් ක්‍රීඩා දෙපරේතමේන්තු ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී උත්කර්ෂවත් අන්දමින් ආරම්භ විය.
මෙම තරගාවලියේ ආරම්භක උත්සවය සඳහා ඩයලොග් ආසියාටා සමාගමේ වයඹ/උතුරුමැද පළාත් ජ්‍යෙෂ්ඨ කලාප කළමණාකරු බුද්ධික පෙරේරා මහතා, ඩයලොග් ආසියාටා සමාගමේ සන්නාම කළමණාකරු ඉෂාර තිලකරත්න මහතා, අනුරාධපුර දිස්ත්‍රික් වොලිබෝල් සංගමයේ සභාපති ලාල් සෙනෙවිරත්න මහතා, අනුරාධපුර දිස්ත්‍රික් වොලිබෝල් සංගමයේ ලේකම් උපාලි සුමනතිලක මහතා, ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ විධායක කමිටු නිලධාරීන් සහභාගී විය.
ජනාධිපති රන් කුසලාන ඩයලොග් වොලිබෝල් තරගාවලිය 25න් පහල ආරම්භක උත්සවය පසුගියදා හොරණ නගර සභා ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.මෙම අවස්තාව සදහා ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ ලේකම් සහ මධ්‍යම ආසියානු වොලිබෝල් සංගමයේ මහ ලේකම් A.S.නාලක මහතා සහ ඩයලොග් ආසියාටා සමාගමේ මෙහෙයුම් කළමනාකරු මංජුල ගුණසේකර මහතා ඇතුලු ආරාධිත අමුත්තන් විශාල පිරිසක් සහ ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ නිලධාරීන් සහ මෙම තරගාවලියේ පූර්ණ අනුග්‍රහය දක්වන ඩයලොග් ආසියාටා සමාගමේ නිලධාරීන් සහභාගි විය.
මෙහි පිරිමි තරගාවලියේ ශූරතාවය රදාවාන ගෝල්ඩන් බර්ඩ්ස් ක්‍රීඩා සමාජය විසින් දිනාගත් අතර අනුශූරතාවය පොතුපිටිය ලකී සික්ස් ක්‍රීඩා සමාජය විසින් දිනා ගන්නා ලදී.කාන්තා ශූරතාවය ගම්පහ සංඝමිත්තා විදුහල දිනාගත් අතර අනුශූරතාවය හෝමාගම ක්‍රීඩා සමාජය දිනා ගන්නට සමත් විය.