DSI පාසල් වොලිබෝල් තරඟාවලිය 2024

DSI පාසල් වොලිබෝල් තරඟාවලිය දිස්ත්‍රික් සහ ජාතික මට්ටමින් තරඟ අවසන් කර අවසන් මහා තරග 2024 නොවැම්බර් මස 29 සහ 30 යන දිනයන් හී දී සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ දී ගරු ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න මැතිතුමා, අධ්‍යාපන අමාත්‍යාංශයේ නිළධාරීන්, DSI ආයතනයේ කළමණාකාර අධ්‍යක්ෂ තුසිත රාජපක්ෂ මහතාගේ සහ ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ සභාපති ගරු කංචන ජයරත්න මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදි. මේ සඳහා DSI ආයතනය අනුග්‍රහය දක්වන ලදි.මෙවර තරඟාවලිය අවු: 11,13,15,17 සහ 19 පහල වයස් කාණ්ඩයන් මගින් පවත්වන ලදි. මෙහිදී බාලක හා බාලිකා අංශයෙන් එම තරඟාවලියේ පැවැත්වූ අවසන් තරඟ හී ප්‍රතිථල පහත දක්වා ඇත

11න් පහළ බාලිකා
• ශූරතාවය – ධම්මිස්සර ජාතික පාසල නාත්තන්ඩිය
• අනු ශූරතාවය – ශ්‍රී රාහුල විද්‍යාලය – අනුරාධපුරය
• 03 වන ස්ථානය – රෙජී රණතුංග විද්‍යාලය, මිනුවන්ගොඩ
 
11න් පහළ බාලක
• ශූරතාවය – ධම්මිස්සර ජාතික පාසල, නාත්තන්ඩිය
• අනු ශූරතාවය – රෙජී රණතුංග විද්‍යාලය මිනුවන්ගොඩ
• 03 වන ස්ථානය – ලූර්දු මහා විද්‍යාලය, නාත්තන්ඩිය
 
13න් පහළ බාලිකා
• ශූරතාවය – ධම්මිස්සර ජාතික පාසල – නාත්තන්ඩිය
• අනු ශූරතාවය – මාබිම විද්‍යාකර මහා විද්‍යාලය ගම්පහ
• 03 වන ස්ථානය – කොලොන්න මහා විද්‍යාලය,  කොලොන්න
 
13න් පහළ බාලක
• ශූරතාවය – ධම්මිස්සර ජාතික පාසල – නාත්තන්ඩිය
• අනු ශූරතාවය – ශ්‍රී සේන විද්‍යාලය, ඉඹුලාන
• 03 වන ස්ථානය – ධර්මපාල විද්‍යාලය, ඇහැලියගොඩ
15න් පහළ බාලිකා
• ශූරතාවය – විජයබා ජාතික පාසල- හුංගම
• අනු ශූරතාවය – විජයබා මධ්‍ය විද්‍යාලය – මහව
• 03 වන ස්ථානය – ධම්මිස්සර ජාතික පාසල, නාත්තන්ඩිය
 
15න් පහළ බාලක
• ශූරතාවය – ධම්මිස්සර ජාතික පාසල – නාත්තන්ඩිය
• අනු ශූරතාවය – රාජසිංහ මධ්‍ය විද්‍යාලය -රුවැන්වැල්ල
• 03 වන ස්ථානය – ධර්මපාල විද්‍යාලය, ඇහැලියගොඩ
 
17න් පහළ බාලිකා
• ශූරතාවය – වික්‍රමශිලා ජාතික පාසල – ගිරිඋල්ල
• අනු ශූරතාවය – විජයබා ජාතික පාසල – හුංගම
• 03 වන ස්ථානය – වාඩියගොඩ මහා විද්‍යාලය, වාඩියගොඩ
 
17න් පහළ බාලක
• ශූරතාවය – ධම්මිස්සර ජාතික පාසල  – නාත්තන්ඩිය
• අනු ශූරතාවය – ජනාධිපති ජාතික පාසල  – නාත්තන්ඩිය 
• 03 වන ස්ථානය – වලගම්බා මහා විද්‍යාලය, ගලපිටමඩ
19න් පහළ බාලිකා
• ශූරතාවය – විජයබා ජාතික පාසල – හුංගම  
• අනු ශූරතාවය – රාජසිංහ මධ්‍ය විද්‍යාලය – රුවන්වැල්ල
• 03 වන ස්ථානය – සංඝමිත්තා බාලිකා මහා විද්‍යාලය, කිරිදිවැල
 
19න් පහළ බාලක
• ශූරතාවය – රාජසිංහ මධ්‍ය විද්‍යාලය – රුවැන්වැල්ල 
• අනු ශූරතාවය – පන්නල ජාතික පාසල – පන්නල
• 03 වන ස්ථානය – ධම්මිස්සර ජාතික පාසල  නාත්තන්ඩිය