“Est Cola” AVC Beach Tour 24th Samila Open Beach Volleyball Championship 11th – 17th April 2025

“Est Cola” AVC Beach Tour 24th Samila Open බීච් වොලිබෝල් තරගාවලිය 2025 අප්‍රේල් මස මස 11 දින සිට 17 දින දක්වා තායිලන්තයේ හත්යායි නගරයේ දී පැවැත්වීමට නියමිතව ඇත. ඒ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය හා පිරිමි කණ්ඩායම් දෙකක් සහ කාන්තා කණ්ඩායම් දෙකක් සහභාගි වීමට නියමිතව ඇත.

මෙම තරගාවලිය සඳහා කාන්තා සහ පිරිමි අංශය නියෝජනය කරමින් රටවල් 17 බැගින් සහභාගී වීමට නියමිතව ඇත
මෙම තරගාවලිය සඳහා සහභාගී වන කණ්ඩායම් පහත පරිදි වේ.
පිරිමි කණ්ඩායම්
01 -කණ්ඩායම – මලිත් දිල්ෂාන් සිල්වා සහ දිලීප චාමික සේනාරත්න.
02 කණ්ඩායම – මධූෂ වික්‍රමසිංහ සහ චානක නලින් පෙරේරා
පුහුණුකරු – ඉන්දික ටිරෝන් ජයතිලක මහතා 

කාන්තා කණ්ඩායම්
01-කණ්ඩායම – දීපිකා බණ්ඩාර සහ කසුනි තාරුකා ලක්‍ෂාණී
02- කණ්ඩායම – ෂෙහානි අසංගා සහ චතුරිකා මධුසානි වීරසිංහ
පුහුණුකරු – තක්ෂිලා නිරන්ජලී

මෙම කණ්ඩායම් කළමනාකරු වශයෙන් ශ්‍රිලංකා වොලිබෝල් සම්මේලයේ නියෝජනය කරමින් ධනපාල ජයපත්ම මහතා කටයුතු කරයි ශ්‍රී ලංකා පිරිමි සහ කාන්තා බීච් වොලිබෝල් කණ්ඩායම සමුහ ඡායාරූපයකට පෙනි සිටින ලදි.