මධ්‍යම ආසියානු බීච් වොලිබෝල් තරගාවලිය 2024

මධ්‍යම ආසියානු වොලිබෝල් සම්මේලනයේ ආරාධනයකට අනුව ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය සංවිධානය කරනු ලැබූ CAVA Beach Volleyball Championship 2024  තරගාවලිය 2025 ජනවාරි 24 දින සිට 26 දින දක්වා මීගමුව වෙරළ වොලිබෝල් ක්‍රීඩාංගණය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්විය. මෙම තරගාවලිය සඳහා කිරිකිස්ථානය, මාල දිවයින, ඉරානය, භූතානය, කසකස්ථානය සහ ශ්‍රී ලංකාව යන රටවල් සහභාගී විය.තරගාවලියේ සමාරම්භක උත්සවය 2025 ජනවාරි 24 දින ප.ව. 8.30 ට ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ ගරු සභාපති කංචන ජයරත්න මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.