Sri Lanka Volleyball
සන්කුවික් ජාතික බීච් වොලිබෝල් ශූරතා තරඟාවලිය 2024
සන්කුවික් ජාතික බීච් වොලිබෝල් ශූරතා තරඟාවලිය 2024 හි විවෘත පිරිමි අවසන් තරඟය සදහා Sri Lanka Airforce – A සහ Sri Lanka Army – B යන කණ්ඩායම් දෙක තේරී පත් විය. මෙහිදී පලමු වටය ලකුණ 21ට 15 ක් ලෙස අවසන් වූ අතර දෙවන වටය ලකුණු 21ට 16 ක් ලෙස Sri Lanka Army – B කණ්ඩායම ජයග්‍රහණය කරන ලදි.
ඒ අනුව පිරිමි විවෘත අංශයෙහි ශූරතාවය Sri Lanka Army – B කණ්ඩායම අත් කරගන්නා ලදි. මෙහිදී නලීන් පෙරේරා සහ මධුෂ වික්‍රමසිංහ එම කණ්ඩායම නියෝජනය කරන ලදි.මෙම තරඟාවලියෙහි කාන්තා විවෘත අවසන් තරඟය සඳහා Sri Lanka Navy – A සහ Sri Lanka Navy – B යන කණ්ඩායම් දෙක තේරී පත් විය.