Sri Lanka Volleyball
“Est Cola” AVC Beach Tour 24th Samila Open බීච් වොලිබෝල් තරගාවලිය 2025 අප්‍රේල් මස මස 11 දින සිට 17 දින දක්වා තායිලන්තයේ හත්යායි නගරයේ දී පැවැත්වීමට නියමිතව ඇත. ඒ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය හා පිරිමි කණ්ඩායම් දෙකක් සහ කාන්තා කණ්ඩායම් දෙකක් සහභාගි වීමට නියමිතව ඇත.
මෙම තරගාවලිය සඳහා කාන්තා සහ පිරිමි අංශය නියෝජනය කරමින් රටවල් 17 බැගින් සහභාගී වීමට නියමිතව ඇතමෙම තරගාවලිය සඳහා සහභාගී වන කණ්ඩායම් පහත පරිදි වේ.පිරිමි කණ්ඩායම්01 -කණ්ඩායම – මලිත් දිල්ෂාන් සිල්වා සහ දිලීප චාමික සේනාරත්න.02 කණ්ඩායම – මධූෂ වික්‍රමසිංහ සහ චානක නලින් පෙරේරාපුහුණුකරු – ඉන්දික ටිරෝන් ජයතිලක මහතා
කාන්තා කණ්ඩායම්01-කණ්ඩායම – දීපිකා බණ්ඩාර සහ කසුනි තාරුකා ලක්ෂාණී02- කණ්ඩායම – ෂෙහානි අසංගා සහ චතුරිකා මධුසානි වීරසිංහපුහුණුකරු – තක්ෂිලා නිරන්ජලී