2025 වර්ෂයේ ජ්‍යෙෂ්ඨ හා කණිෂ්ඨ ජාතික වොලිබෝල් සහ බීච් වොලිබෝල් කාන්තා සහ පිරිමි කණ්ඩායම් සඳහා පුහුණුකරුවන් තෝරා ගැනීම.

මධ්‍යම ආසියානු වොලිබෝල් සම්මේලනයේ දින දර්ශනය අනුව 2025 වර්ෂයේ ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය විසින් පහත සඳහන් ජ්‍යෙෂ්ඨ හා කණිෂ්ඨ කාන්තා සහ පිරිමි වොලිබෝල් සහ බීච් වොලිබෝල් තරගාවලි සඳහා සහභාගී වීමට නියමිතව ඇති අතර එම කණ්ඩායම් හී පහත සඳහන් තනතුරු සඳහා අයදුම්පත් කැඳවීමට ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය තීරණය කර ඇත.

වොලිබෝල් පුහුණුකරුවකු ලෙස ඔබගේ සියලු සුදුසුකම්, දක්වා ඇති දක්ෂතා ඇතුලත්ව ඔබගේ පෞද්ගලික විස්තර, සම්බන්ධ කර ගත හැකි දුරකථන අංක, දැනට ක්‍රියාත්මකව පවතින විද්‍යුත් තැපැල් ලිපිනයක් (Email Address) සහ ඡායා රූපයක් අනිවාර්යයෙන් ඇතුලත් කොට සකස් කරන ලද අයදුම්පතක් [email protected] විද්‍යුත් ලිපිනයට හෝ ලියාපදිංචි තැපෑලෙන් 2025 ජුනි මස 30 දිනට ප්‍රථම පහත සඳහන් ලිපිනයට යොමු කරන්න.

ප්‍රධාන ලේකම්,
ශ්‍රි ලංකා වොලිබෝල් සම්මේලනය
නො: 33
ටොරින්ටන් පෙදෙස
කොළඹ 07.

අයදුම්පත්‍රය යොමු කිරීමේදී ඉල්ලුම් කරන කන්ඩායම සහ ඉල්ලුම් කරන තනතුරු අයදුම්පත්‍රයේ ඉහලින් සඳහන් කිරීම අනිවාර්ය වේ.

විංග් කමාන්ඩර් එච්කේඒ ද අල්විස්
ප්‍රධාන ලේකම්
ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය

තවද මෙම සබැදියාවේ සඳහන් කර ඇති Online Application ෆෝරමය සම්පූර්ණ කිරීම ද අනිවාර්යයෙන් සිදු කල යුතු වේ.

Selection of Volleyball Coaches for National Teams Selection of Trainers / Coaches Selection Criteria

DOWNLOAD COACHES SELECTION CRITERIA

Get 30% off your first purchase

X