Sri Lanka Volleyball
ඩයලොග් ජනාධිපති රන් කුසලාන අවු. 25 න් පහළ වොලිබෝල් තරගාවලිය 2024
ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යාංශය සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව සංවිධානය කරනු ලබන SRI LANKA SPORTS FIESTA 2024 හි වොලිබෝල් තරග 2024 අගෝස්තු මස 16 දින තුම්මුල්ල ගුවන් හමුදා ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පවත්වන ලදි. ඒ අනුව මෙම SRI LANKA SPORTS FIESTA 2024 හී වොලිබෝල් තරග සඳහා ඩයලොග් ආසියාටා සමාගමේ පූර්ණ අනුග්‍රාහකත්වයෙන් පවත්වන ඩයලොග් ජනාධිපති රන් කුසලාන අවු. 25 න් පහළ වොලිබෝල් තරගාවලියේ පිරිමි සහ කාන්තා අවසන් මහා තරග එදින පවත්වන ලදි. මෙම අවසන් මහා තරග ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය (රියර් අදිමිරාල්) ෂෙමාල් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් සහ ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ සභාපති ගරු කංචන ජයරත්න මැතිතුමාගේ සහභාගීත්වයෙන් පැවැත්විය.
ඩයලොග් ජනාධිපති රන් කුසලාන අවු. 25 න් පහළ වොලිබෝල් තරගාවලිය 2023
ජනාධිපති රන් කුසලාන ඩයලොග් වොලිබෝල් තරගාවලිය 25න් පහල ආරම්භක උත්සවය පසුගියදා හොරණ නගර සභා ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.මෙම අවස්තාව සදහා ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ ලේකම් සහ මධ්‍යම ආසියානු වොලිබෝල් සංගමයේ මහ ලේකම් A.S.නාලක මහතා සහ ඩයලොග් ආසියාටා සමාගමේ මෙහෙයුම් කළමනාකරු මංජුල ගුණසේකර මහතා ඇතුලු ආරාධිත අමුත්තන් විශාල පිරිසක් සහ ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ නිලධාරීන් සහ මෙම තරගාවලියේ පූර්ණ අනුග්‍රහය දක්වන ඩයලොග් ආසියාටා සමාගමේ නිලධාරීන් සහභාගි විය.
මෙහි පිරිමි තරගාවලියේ ශූරතාවය රදාවාන ගෝල්ඩන් බර්ඩ්ස් ක්‍රීඩා සමාජය විසින් දිනාගත් අතර අනුශූරතාවය පොතුපිටිය ලකී සික්ස් ක්‍රීඩා සමාජය විසින් දිනා ගන්නා ලදී.කාන්තා ශූරතාවය ගම්පහ සංඝමිත්තා විදුහල දිනාගත් අතර අනුශූරතාවය හෝමාගම ක්‍රීඩා සමාජය දිනා ගන්නට සමත් විය.
Get 30% off your first purchase