
ජනාධිපති රන් කුසලාන ඩයලොග් වොලිබෝල් ශූරතා Golden birds සහ MAS දිනා ගනියි.අවුරුදු 25 න් පහළ ඩයලොග් ජනාධිපති රන් කුසලාන පිරිමි සහ කාන්තා වොලිබෝල් සූරතා පිළිවෙළින් රදාවාන ගෝල්ඩන් බර්ඩ්ස් කණ්ඩායම සහ අම්පාර MAS කණ්ඩායම අත් කර ගන්නට සමත් වුණා.
පිරිමි අවසාන තරගයේ දී ගෝල්ඩන් බර්ඩ්ස් කණ්ඩායම විසින් වට 3-0 ක් ලෙස රුවන්වැල්ල රාජසිංහ ක්රීඩා සමාජය පරාජය කරමින් ජයග්රහණය ලබා ගැනීමට සමත් වුණා .එහිදී ලකුණු සටහන් වූයේ ලකුණු 25- 20,25-18 සහ 25-11 ක් ලෙසයි.
කාන්තා අවසාන තරගය වට 4 ක් දක්වා පැවති අතර .අනු සූරතාවය දිනාගත් ගලිගමුව හයිඩ්රාමනී කණ්ඩායම අම්පාර MAS කණ්ඩායමට එරෙහිව තරගයේ පළමු වටය 25-19 ක් ලෙස ජය ගත් නමුත් ඉන් අනතුරුව MAS කණ්ඩායම ඉතිරි වට 3 ලකුණු 25-22/25-11 සහ 25-23 ක් ලෙස ජයග්රහණය කරන්නට සමත් වුණා.