Sri Lanka Volleyball
ඩී. සැම්සන් සහ පුත්‍ර සමාගමේ පූර්ණ අනුග්‍රහයෙන්, අධ්‍යාපන අමාත්‍යාංශය, ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය ඒකාබද්ධව ශ්‍රී ලංකා පාසල් වොලිබෝල් සංගමයේ මෙහෙයවීමෙන් පවත්වනු ලබන DSI පාසැල් වොලිබෝල් තරගාවලිය 2024 අවසන් මහා තරග 2024 නොවැම්බර් මස 29 සහ 30 දින වලදී සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී ITN රූපවාහිනී නාලිකාවේ සජීවී විකාශයක් ලෙස පැවැත්විය.
මෙම අවසන් මහා තරග සඳහා ගරු ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න මැතිතුමා, ඩී. සැම්සන් සහ පුත්‍ර සමාගමේ කළමණාකාර අධ්‍යක්ෂ තුසිත රාජපක්ෂ මැතිතුමා, ඩී. සැම්සන් සහ පුත්‍ර සමාගමේ අධ්‍යක්ෂ අසංක රාජපක්ෂ මහතා, අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව මහතා, ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ සභාපති කංචන ජයරත්න මැතිතුමා, ශ්‍රී ලංකා පාසල් වොලිබෝල් සංගමයේ ලේකම් චමින්ද කුමාර මහතා ඇතුළු ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ නිලධාරීන් සහ ශ්‍රී ලංකා පාසල් වොලිබෝල් සම්මේලනයේ නිලධාරීන් සහභාගී විය.