Sri Lanka Volleyball
මන්චි ජාතික ශූරතාවය 2024 – සුපර්ලීග් තරගාවලිය
ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය විසින් සිලෝන් බිස්කට් සමාගමේ පුර්ණ අනුග්‍රාහක දායකත්වයෙන් පවත්වනු ලබන මන්චි ජාතික ශූරතා සුපර්ලීග් තරගාවලිය 2024 පැවැත්විය. මෙම තරගාවලිය සඳහා ශ්‍රි ලංකාවේ ප්‍රබලම පහත සඳහන් පරිදි පිරිමි කණ්ඩායම් 11 හා කාන්තා කණ්ඩායම 06සහභාගි කරවා ගැනීමට ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය කටයුතු සංවිධානය කළහ.
මෙහිදී සුපර්ලීග් තරඟාවලියේ පිරිමි හා කාන්තා කාණ්ඩයේ අවසන් තරඟය 2024 ජනවාරි මස 04 දින වෙන්නප්පුව ඇල්බට් පීරිස් ගෘහස්ථ ක්‍රීඩාංගනයේ දී පැවැත්වුනු අතර පිරිමි කාන්ඩයේ අවසන් තරඟය ලංකා විදුලිබල මණ්ඩල කන්ඩායම සහ ශ්‍රී ලංකා වරාය අධිකාරී කණ්ඩායම අතර පැවැත්විණි. එහිදි ශ්‍රී ලංකා වරාය අධිකාරී කණ්ඩායම ජයග්‍රහණය කරමින් 2024 වර්ෂයේ ජාතික ශූරයන් බවට පත්විය.
Get 30% off your first purchase