“SUNQUICK ” - ජාතික බීච් වොලිබෝල් ශූරතාවය - 2024/2025
ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ අධීක්ෂණය යටතේ “SUNQUICK” පූර්ණ අනුග්‍රහකත්වයෙන් බීච් වොලිබෝල් කොමිසම මෙහෙයවනු ලබන “SUNQUICK” ජාතික බීච් වොලිබෝල් ශූරතාවය, 2025 ජනවාරි මස 31 සහ පෙබරවාරි 01 සහ 02 යන දින වලදී මිගමුව වෙරළ උද්‍යානයේ දී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.
බීච් වොලිබෝල් ක්‍රීඩාව පැවැත්වීමේ අරමුණින්, ග්‍රාමීය හා නාගරික පාසැල් කේන්ද්‍ර කර ගනිමින් බීච් වොලිබෝල් ක්‍රීඩාවේ යෙදී සිටින දක්ෂ දරු දැරියන් දිරි ගන්වමින් ක්‍රීඩාව ජාතික හා ජාත්‍යාන්තර තලයට ඔසවා තබන්නට ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය “SUNQUICK” අනුග්‍රාහකත්වයෙන් බීච් වොලිබෝල් කොමිසම මෙහෙයවනු ලබන මෙම තරඟාවලිය ශ්‍රී ලංකා බීච් වොලිබෝල් ක්‍රීඩා ක්ෂේත්රයේ කැපී පෙනෙන දියුනුවට මහ හෙලි කල සංධිස්ථානයකි. අවුරුදු කිහිපයක සිට පවත්වාගෙන එන මෙම තරඟාවලිය මගින් ශ්‍රී ලංකා බීච් වොලිබෝල් ක්ෂේත්රයට දක්ෂ වොලිබෝල් ක්‍රීඩා තරු රාශියක් හදුන්වා දී තිබේ.
ශ්‍රි ලංකා බීච් වොලිබෝල් ක්‍රීඩා ක්ෂේත්රයේ වැදගත් සංධිස්ථානයක් වන ජාතික බීච් වොලිබෝල් ශූරතාවය 2024 වෙනුවෙන්“SUNQUICK” ආයතනයේ අනුග්‍රහකත්වය ලබා දීමට හැකිවිම එම ආයතනය ලබාගත් මහත් ගෞරවයකි. එමෙන්ම ජාතික මට්ටමෙන් සලකා බලන කල ශ්‍රි ලංකා බීච් වොලිබෝල් ක්‍රීඩාව ජාතික හා ජාත්‍යාන්තර මට්ටමට ඔසවා තැබීමට හා ඒ මගින් ක්‍රීඩාවේ අලවිකරණය ප්‍රවර්ධනය කිරීමට අවස්ථාවක් ලැබෙනු ඇත.
පසුගිය තරගාවලියේ වයස් කාණ්ඩ අංශ වලින් ජයග්රහන BituLink ක්‍රීඩා සමාජය, නාත්තන්ඩිය ජනාධිපති විද්‍යාලය, මහමෙරුව Leisureක්‍රීඩා සමාජය, හුංගම විජයබා ජාතික පාසැල සහ සීදුව දවිසමර මහ විද්‍යාලීය කණ්ඩායම් දිනාගත් අතර හා විවෘත කාන්තා හා පිරිමි ශූරතාවයන් ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රීඩා සමාජය දිනා ගන්නා ලදි.
මෙම වසරේ මෙම තරඟාවලියට මුලු දිවයිනම නියෝජනය වන ආකාරයෙන් පාසැල් වොලිබෝල් කණ්ඩායම් 120 කට අධික ප්‍රමාණයක් සහභාගි වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
වයස අවුරුදු 18 න් පහළ, අවුරුදු 21 න් පහළ හා අවුරුදු 25 න් පහළ වයස් කණ්ඩායම් අනුව කාන්තා හා පිරිමි හා විවෘත කාන්තා හා පිරිමි වශයෙන් මෙවර “SUNQUICK” ජාතික බීච් වොලිබෝල් ශූරතාවය පවත්වනු ලබයි.
මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකාවේ ඕනෑම ක්‍රීඩා සමාජයක, රාජ්‍ය හෝ පෞද්ගලික ආයතන / සංස්ථා / ත්‍රිවිධ හමුදා / පොලිසිය සහ පාසල් යන කණ්ඩායම් මගින් “SUNQUICK ” ජාතික බීච් වොලිබෝල් ශුරතාවය සඳහා අයදුම්පත් ඉදිරිපත් කල හැක.
*අවු. 18 න් පහළ තරගාවලියට සහභාගී වන සැම ක්‍රීඩක/ක්‍රීඩිකාවක්ම 2024 වර්ෂයේ දෙසැම්බර් මස 31 දිනට වයස අවුරුදු18 ට අඩුවිය යුතුය. ( ක්‍රීඩක /ක්‍රීඩිකාවන් 2007 .01.01. දින හෝ ඊට පසු උපන් අය විය යුතුය)
*අවු. 21 න් පහළ තරගාවලියට සහභාගී වන සැම ක්‍රීඩක/ක්‍රීඩිකාවක්ම 2024 වර්ෂයේ දෙසැම්බර් මස 31 දිනට වයස අවුරුදු21 ට අඩුවිය යුතුය. ( ක්‍රීඩක /ක්‍රීඩිකාවන් 2004 .01.01. දින හෝ ඊට පසු උපන් අය විය යුතුය)
*අවු. 25 න් පහළ තරගාවලියට සහභාගී වන සැම ක්‍රීඩක/ක්‍රීඩිකාවක්ම 2024 වර්ෂයේ දෙසැම්බර් මස 31 දිනට වයස අවුරුදු25 ට අඩුවිය යුතුය. ( ක්‍රීඩක /ක්‍රීඩිකාවන් 2000 .01.01. දින හෝ ඊට පසු උපන් අය විය යුතුය)
ඉහත වයස් සීමාවන්ට අයත් නොවන සියලු ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා විවෘත තරගාවලියට අයදුම් කල හැක.මෙම සියලුම තරඟ ජාත්‍යාන්තර වොලිබෝල් සම්මේලනය හා ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ බිච් වොලිබෝල් තරඟ නීති රීති යටතේ පවත් වනු ලබයි.
මෙම “SUNQUICK” – ජාතික බීච් වොලිබෝල් ශූරතාවය – 2024 තරගාවලියේ අයදුම්පත් ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලන නිල ෆේස්බුක් පිටුව ඔස්සේ සහ https://srilankavolleyball.lk/ යන ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලන වෙබ් පිටුව වෙත යොමු වීම මගින් ලබා ගත හැක.
නිවැරදිව සම්පූර්ණ කළ සියලුම අයදුම්පත් 2025 ජනවාරි මස 25 දිනට ප්‍රථම පහත ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් හෝ ගෙනැවිත් භාරදිය සිදු කල හැක.
තරඟ කමිටු ලේකම්
ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය
අංක. 33, ටොරින්ටන් පෙදෙස
කොළඹ – 07
දුරකථන අංකය – 0112669344