මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකාවේ ඕනෑම ක්‍රීඩා සමාජයක, රාජ්‍ය හෝ පෞද්ගලික ආයතන / සංස්ථා / ත්‍රිවිධ හමුදා / පොලිසිය සහ පාසල් යන කණ්ඩායම් මගින් “SUNQUICK ” ජාතික බීච් වොලිබෝල් ශුරතාවය සඳහා අයදුම්පත් ඉදිරිපත් කල හැක.
01. අවු. 18 න් පහළ තරගාවලියට සහභාගී වන සැම ක්‍රීඩක/ක්‍රීඩිකාවක්ම 2024 වර්ෂයේ දෙසැම්බර් මස 31 දිනට වයස අවුරුදු 18 ට අඩුවිය යුතුය. ( ක්‍රීඩක /ක්‍රීඩිකාවන් 2007 .01.01. දින හෝ ඊට පසු උපන් අය විය යුතුය)
02. අවු. 21 න් පහළ තරගාවලියට සහභාගී වන සැම ක්‍රීඩක/ක්‍රීඩිකාවක්ම 2024 වර්ෂයේ දෙසැම්බර් මස 31 දිනට වයස අවුරුදු 21 ට අඩුවිය යුතුය. ( ක්‍රීඩක /ක්‍රීඩිකාවන් 2004 .01.01. දින හෝ ඊට පසු උපන් අය විය යුතුය)
03. අවු. 25 න් පහළ තරගාවලියට සහභාගී වන සැම ක්‍රීඩක/ක්‍රීඩිකාවක්ම 2024 වර්ෂයේ දෙසැම්බර් මස 31 දිනට වයස අවුරුදු 25 ට අඩුවිය යුතුය. ( ක්‍රීඩක /ක්‍රීඩිකාවන් 2000 .01.01. දින හෝ ඊට පසු උපන් අය විය යුතුය)
තරඟාවලි 04 සඳහා පොදු කොන්දේසි
• එක් කණ්ඩායමක් සඳහා ක්‍රීඩක / ක්‍රීඩිකාවන් දෙදෙනෙකු (02) පමණක් ඇතුලත් විය යුතුය.
• ඉහත තරඟාවලි සඳහා සහභාගි වන සෑම ක්‍රිඩක ක්‍රිඩිකාවක්ම ශ්‍රි ලාංකා පුරවැසියෙකු විය යුතුය.
• මෙම තරඟාවලියේ අවු. 18 න් පහළ (පිරිමි / කාන්තා), අවු. 21 න් පහළ (පිරිමි / කාන්තා) සහ අවු. 25 න් පහළ (පිරිමි / කාන්තා) කාණ්ඩ සඳහා සහභාගිවන සෑම ක්‍රිඩකයෙක් /ක්‍රිඩිකාවක්ම තමන්ගේ අන්‍යතාවය ඔප්පු කිරිම සඳහා ජාතික හැදුනුම්පත / විදේශ ගමන්බලපත්‍රය හෝ රියදුරු බලපත්‍රය සමඟ උප්පැන්න සහතිකයේ මුල් පිටපත ඉදිරිපත් කිරීම අනිවාර්ය වේ.
• තරග මාලාවට සහභාගී වන කණ්ඩායම් තරගාවලිය ආරම්භ කිරීමට විනාඩි 45 කට පෙර සංවිධාන කමිටුව වෙත වාර්තා කල යුතු අතර ප්‍රමාද වී පැමිණෙන කණ්ඩායම් තරගාවලියෙන් ඉවත් කිරීමට සිදුවන හෙයින් ඒ පිළිබඳ සංවිධාන කමිටුව වගකියනු නොලැබේ.
• තරගාවලිය සඳහා සහභාගී වනු ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන්, පුහුණුකරුවන් තරග පවත්වන කාලය තුල විනයානුකූලව හැසිරිය යුතු අතර තරගාවලියට බාධාවන් වන අයුරින් හැසිරීම පිළිබඳ විනයානුකූලව කටයුතු කරනු ඇත.
• තරඟාවලිය සම්බන්ධයෙන් යම් විරෝධතාවයක් ඉදිරිපත් කරන්නේ නම්, තරඟයට පෙර හෝ අදාල තරඟය අවසන් වී විනාඩි 30 ක් ඇතුළත රු.2000 /- ගාස්තුවක් ශ්‍රි ලංකා වොලිබෝල් සම්මේලනයට හෝ සම්මේලනය මගින් නම් කර ඇති සංවිධායක මණ්ඩලයේ නිලධාරියාට ගෙවා රිසිට් පත සමඟ අදාල අභියාචනය ඉදිරිපත් කල යුතුයි. (ඉහත කරුණු වලට පටහැනි විරෝධතා නොසළකා හැරේ)
• සියළුම තරඟ ජාත්‍යන්නතර වොලිබෝල් සම්මේලනයේ හා ශ්‍රි ලංකා වොලිබෝල් සම්මේලනයේ බීච් වොලිබෝල් තරඟ නිතීරිතී යටතේ පවත්වනු ලබන අතර තරඟ මාලාව පිළිබඳ හා අනෙකුත් සියළුම තිරණ ගනු ලබන්නේ ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ තරඟ කමිටුව මගිනි. එමෙන්ම තරඟයන් පැවැත්වෙන කාලය තුළ දි තරඟ සම්බන්ධයෙන් විනිශ්චය මණ්ඩලය ලබා දෙන තීරණය අවසාන තීරණය වේ.
විමසීම් – කොමදෝරු ටී.ඩී.එස් ද සිල්වා – 0718252130
ධනපාල ජයපත්ම මහතා – ජාතික සංවිධායක – 0710953456
ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය – 0112669344