
ජාත්‍යන්තර බීච් වොලිබෝල් විනිසුරු පාඨමාලාව 2024 ශ්‍රී ලංකාව CAVA BEACH VOLLEYBALL REFEREE CANDIDATE COURSE 2024 – SRI LANKA
මධ්‍යම ආසියානු වොලිබෝල් සම්මේලනය මගින් මෙහයවනු ලබන ජාත්‍යන්තර බීච් වොලිබෝල් විනිසුරු අපේක්‍ෂක පාඨමාලාව ( CAVA BEACH VOLLEYBALL REFEREE CANDIDATE COURSE 2024 ) 2024 ජූලි 01 දින සිට 07 දින දක්වා ශ්‍රීලංකාවේ දී පැවැත්වීමට නියමිතව ඇත. මෙම ජත්‍යන්තර බීච් වොලිබෝල් විනිසුරු පාඨමාලාව සදහා ශ්‍රී ලංකාව තුල දැනට බීච් වොලිබෝල් හෝ ගෘහස්ථ වොලිබෝල් විනිසුරු කටයුතුවල නියුතු වොලිබෝල් විනිසුරුවන් ගෙන් අයදුම්පත් කැදවනු ලැබේ. වොලිබෝල් විනිසුරුවරයෙකු ලෙස කටයතු කර ඇති ඔබගේ විස්තර ඇතුලත්ව පෞද්ගලික විස්තර දුරකථන අංක හා විද්‍යුත් තැපෑල (E mail address ) ඇතුලත් ඉංග්‍රීසි බසින් සකස් කරන ලද අයදුම් පත් [email protected] විද්‍යුත් ලිපිනයට හෝ ලියාපදිංචි තැපෑලෙන් 2024 ජුනි 10 දිනට ප්‍රථම පහත සදහන් ලිපිනයට යොමුකරන්න ප්‍රධාන ලේකම්ශ්‍රීලංකා වොලිබෝල් සම්මේලනයඅංක 33ටොරින්ටන් පෙදෙසකොළඹ 07 . සියලුම අයදුම්කරුවන් වයස අවුරුදු 25 ට වැඩි හා අවුරුදු 38 ට අඩු වියයුතුවේ (.ඒ අනුව 1986 ජුලි 08 න් පසු උපන් අය සහ 2000 ජුනි 30 ට පෙර උපන් ය විය යුතුය මෙම විනිසුරු පාඨමාලාව සමත්වන අයදුම්කරුවන්හට මධ්‍යම ආසියානු වොලිබෝල් සම්මේලනය මගින් සංවිධානය කරනු ලබන ජාත්‍යන්තර බීච් වොලිබෝල් තරගාවලි විනිශ්චය සදහා සහභාගී වියහැකි අතර ආසියානු බීච් වොලිබෝල් විනිසුරු පාඨමාලාව (AVC BEACH VOLLEYBALL REFEREE COURSE) සදහා අයදුම් කිරීමට ද සුදුකම් ලබනු ඇත. අයදුම්කරුවන්ගේ සුදුසුකම් පරික්ෂා කිරීමෙන් පසුව මෙම පාඨමාලාව සදහා අයදුම් කරුවන් තෝරාගනු ලැබේ වැඩිදුර විස්තර සදහා අමතන්න ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය – 0112 669344ධනපාල ජයපත්ම මහතා සම්බන්ධිකරණ නිලධාරි – 071 0953456කපිල බන්නෑහක මහතා – 0718003884 Course Details Download Application