CENTRAL ASIAN BEACH VOLLEYBALL TOURNAMENT 2024

Central Asian Beach Volleyball Tournament 2024 මධ්‍යම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලිය 2025, ශ්‍රී ලංකාවේ මීගමුව වෙරළ උද්‍යානයේදී ජනවාරි 24 සිට 26 දක්වා පැවැත්වීමට නියමිතය. මෙම තරගාවලිය සඳහා මාලදිවයින, කිරිගිස්තානය, භූතානය, කසකස්තානය, ඉරානය සහ සත්කාරක ශ්‍රී ලංකාව ඇතුළු රටවල් හයක් සහභාගී වේ. තරග කාලසටහන සහ ස්ථානය තරගාවලිය ජනවාරි 24 වන සිකුරාදා ආරම්භ වන අතර, සෙනසුරාදා (25) සහ ඉරිදා (26) දිනවලදීද තරග පැවැත්වේ. සියලුම තරග මීගමුව වෙරළ උද්‍යානයේ ක්‍රීඩා පිටියේදී පැවැත්වේ. ශ්‍රී ලංකා කණ්ඩායම් සහ පුහුණුකරුවන් සත්කාරක ශ්‍රී ලංකාව මෙම තරගාවලිය සඳහා පිරිමි සහ කාන්තා කණ්ඩායම් හයක් බැගින් සූදානම් කර ඇත. පිරිමි කණ්ඩායම් සඳහා දිලිප චාමික සහ මලිත් සිල්වා, සඳුන් මධුසංක සහ අංජන සන්දිපන, නලීන් පෙරේරා සහ මධුෂ වික්‍රමසිංහ යන ක්‍රීඩකයන් සහභාගී වේ. කාන්තා කණ්ඩායම් සඳහා කසුනි තරුකා සහ දීපිකා බණ්ඩාර, චතුරිකා මධුෂානි සහ ශෙහානි අසංගා, වාසනා මධුමාලි සහ කසුනි කෙෂලා යන ක්‍රීඩිකාවන් සහභාගී වේ. පිරිමි කණ්ඩායම් පුහුණුකරු ලෙස ටයිරෝන් ජයතිලක සහ කාන්තා කණ්ඩායම් ප්‍රධාන පුහුණුකරු ලෙස ටැක්සිලා නිරාංජලි කටයුතු කරයි. සහභාගී රටවල් සහ කණ්ඩායම් මෙම තරගාවලිය සඳහා මාලදිවයින, කිරිගිස්තානය, භූතානය, කසකස්තානය, ඉරානය සහ ශ්‍රී ලංකාව ඇතුළු රටවල් හයක් සහභාගී වේ. ඉහත රටවල් සියලුම පිරිමි සහ කාන්තා කණ්ඩායම් යවා තරගාවලියට සහභාගී වනු ඇත. ඉතිහාසය සහ වැදගත්කම මෙම තරගාවලිය ශ්‍රී ලංකාවේ වෙරළ වොලිබෝල් ක්‍රීඩාවේ ඉතිහාසයේ වැදගත් අවස්ථාවක් වන අතර, ජාත්‍යන්තර මට්ටමේ තරගාවලි සංවිධානය කිරීමෙන් ශ්‍රී ලංකා වොලිබෝල් ක්‍රීඩාවේ ප්‍රගතියට දායක වේ. මෙම අවස්ථාව ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ජාත්‍යන්තර අත්දැකීම් ලබා ගැනීමටත්, විදේශීය කණ්ඩායම් සමඟ තරග වැදීමටත් අවස්ථාව සලසයි. ප්‍රේක්ෂක සහයෝගය සියලුම ක්‍රීඩා ප්‍රේක්ෂකයන්ට මීගමුව වෙරළ උද්‍යානයට පැමිණ ශ්‍රී ලංකා කණ්ඩායම් සඳහා සහයෝගය ලබාදෙන ලෙස ආරාධනා කරමු.  

Read More

“SUNQUICK” ජාතික බීච් වොලිබෝල් ශුරතාවය -2024/2025 (අයදුම්පත්‍රය – කාන්තා / පිරිමි)

“SUNQUICK” ජාතික බීච් වොලිබෝල් ශුරතාවය -2024/2025 (අයදුම්පත්‍රය – කාන්තා / පිරිමි) ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය අධීක්ෂණය යටතේ “SUNQUICK” පුර්ණ අනුග්‍රාහකත්වයෙන් පවත්වනු ලබන මෙම තරඟාවලිය පහත සඳහන් අයුරින් පැවැත්විමට නියමිතව ඇත.ඒ අනුව 01. අවු. 18 න් පහළ (පිරිමි / කාන්තා)02. අවු. 21 න් පහළ (පිරිමි / කාන්තා)02. අවු. 25 න් පහළ (පිරිමි / කාන්තා)03. විවෘත (පිරිමි / කාන්තා) වශයෙන් අදියරයන් අනුව තරග පැවැත්වේ. මෙම තරගාවලිය 2025 ජනවාරි මස 31 සහ පෙබරවාරි 01 සහ 02 යන දින වලදී මීගමුව වෙරළ උද්‍යානයේ දී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.නිවැරදිව සම්පුර්ණ කළ සියළුම අයදුම්පත් 2025 ජනවාරි මස 25 දිනට ප්‍රථම පහත ලිපිනයට යොමු කළ යුතු වේ. මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකාවේ ඕනෑම ක්‍රීඩා සමාජයක, රාජ්‍ය හෝ පෞද්ගලික ආයතන / සංස්ථා / ත්‍රිවිධ හමුදා / පොලිසිය සහ පාසල් යන කණ්ඩායම් මගින් “SUNQUICK ” ජාතික බීච් වොලිබෝල් ශුරතාවය සඳහා අයදුම්පත් ඉදිරිපත් කල හැක. 01. අවු. 18 න් පහළ තරගාවලියට සහභාගී වන සැම ක්‍රීඩක/ක්‍රීඩිකාවක්ම 2024 වර්ෂයේ දෙසැම්බර් මස 31 දිනට වයස අවුරුදු 18 ට අඩුවිය යුතුය. ( ක්‍රීඩක /ක්‍රීඩිකාවන් 2007 .01.01. දින හෝ ඊට පසු උපන් අය විය යුතුය)   02. අවු. 21 න් පහළ තරගාවලියට සහභාගී වන සැම ක්‍රීඩක/ක්‍රීඩිකාවක්ම 2024 වර්ෂයේ දෙසැම්බර් මස 31 දිනට වයස අවුරුදු 21 ට අඩුවිය යුතුය. ( ක්‍රීඩක /ක්‍රීඩිකාවන් 2004 .01.01. දින හෝ ඊට පසු උපන් අය විය යුතුය)   03. අවු. 25 න් පහළ තරගාවලියට සහභාගී වන සැම ක්‍රීඩක/ක්‍රීඩිකාවක්ම 2024 වර්ෂයේ දෙසැම්බර් මස 31 දිනට වයස අවුරුදු 25 ට අඩුවිය යුතුය. ( ක්‍රීඩක /ක්‍රීඩිකාවන් 2000 .01.01. දින හෝ ඊට පසු උපන් අය විය යුතුය)   තරඟාවලි 04 සඳහා පොදු කොන්දේසි   • එක් කණ්ඩායමක් සඳහා ක්‍රීඩක / ක්‍රීඩිකාවන් දෙදෙනෙකු (02) පමණක් ඇතුලත් විය යුතුය. • ඉහත තරඟාවලි සඳහා සහභාගි වන සෑම ක්‍රිඩක ක්‍රිඩිකාවක්ම ශ්‍රි ලාංකා පුරවැසියෙකු විය යුතුය. • මෙම තරඟාවලියේ අවු. 18 න් පහළ (පිරිමි / කාන්තා), අවු. 21 න් පහළ (පිරිමි / කාන්තා) සහ අවු. 25 න් පහළ (පිරිමි / කාන්තා) කාණ්ඩ සඳහා සහභාගිවන සෑම ක්‍රිඩකයෙක් /ක්‍රිඩිකාවක්ම තමන්ගේ අන්‍යතාවය ඔප්පු කිරිම සඳහා ජාතික හැදුනුම්පත / විදේශ ගමන්බලපත්‍රය හෝ රියදුරු බලපත්‍රය සමඟ උප්පැන්න සහතිකයේ මුල් පිටපත ඉදිරිපත් කිරීම අනිවාර්ය වේ. • තරග මාලාවට සහභාගී වන කණ්ඩායම් තරගාවලිය ආරම්භ කිරීමට විනාඩි 45 කට පෙර සංවිධාන කමිටුව වෙත වාර්තා කල යුතු අතර ප්‍රමාද වී පැමිණෙන කණ්ඩායම් තරගාවලියෙන් ඉවත් කිරීමට සිදුවන හෙයින් ඒ පිළිබඳ සංවිධාන කමිටුව වගකියනු නොලැබේ. • තරගාවලිය සඳහා සහභාගී වනු ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන්, පුහුණුකරුවන් තරග පවත්වන කාලය තුල විනයානුකූලව හැසිරිය යුතු අතර තරගාවලියට බාධාවන් වන අයුරින් හැසිරීම පිළිබඳ විනයානුකූලව කටයුතු කරනු ඇත. • තරඟාවලිය සම්බන්ධයෙන් යම් විරෝධතාවයක් ඉදිරිපත් කරන්නේ නම්, තරඟයට පෙර හෝ අදාල තරඟය අවසන් වී විනාඩි 30 ක් ඇතුළත රු.2000 /- ගාස්තුවක් ශ්‍රි ලංකා වොලිබෝල් සම්මේලනයට හෝ සම්මේලනය මගින් නම් කර ඇති සංවිධායක මණ්ඩලයේ නිලධාරියාට ගෙවා රිසිට් පත සමඟ අදාල අභියාචනය ඉදිරිපත් කල යුතුයි. (ඉහත කරුණු වලට පටහැනි විරෝධතා නොසළකා හැරේ) • සියළුම තරඟ ජාත්‍යන්නතර වොලිබෝල් සම්මේලනයේ හා ශ්‍රි ලංකා වොලිබෝල් සම්මේලනයේ බීච් වොලිබෝල් තරඟ නිතීරිතී යටතේ පවත්වනු ලබන අතර තරඟ මාලාව පිළිබඳ හා අනෙකුත් සියළුම තිරණ ගනු ලබන්නේ ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ තරඟ කමිටුව මගිනි. එමෙන්ම තරඟයන් පැවැත්වෙන කාලය තුළ දි තරඟ සම්බන්ධයෙන් විනිශ්චය මණ්ඩලය ලබා දෙන තීරණය අවසාන තීරණය වේ. විමසීම් – කොමදෝරු ටී.ඩී.එස් ද සිල්වා – 0718252130 ධනපාල ජයපත්ම මහතා – ජාතික සංවිධායක – 0710953456 ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය – 0112669344 SUNQUICK” ජාතික බීච් වොලිබෝල් ශුරතාවය -2024/2025  අයදුම්පත්‍රය  Download Application

Read More

“SUNQUICK ” – ජාතික බීච් වොලිබෝල් ශූරතාවය – 2024

“SUNQUICK ” – ජාතික බීච් වොලිබෝල් ශූරතාවය – 2024/2025 ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ අධීක්ෂණය යටතේ “SUNQUICK”  පූර්ණ අනුග්‍රහකත්වයෙන් බීච් වොලිබෝල් කොමිසම මෙහෙයවනු ලබන “SUNQUICK” ජාතික බීච් වොලිබෝල් ශූරතාවය, 2025 ජනවාරි මස 31 සහ පෙබරවාරි 01 සහ 02 යන දින වලදී මිගමුව වෙරළ උද්‍යානයේ දී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.   බීච් වොලිබෝල් ක්‍රීඩාව පැවැත්වීමේ අරමුණින්, ග්‍රාමීය හා නාගරික පාසැල් කේන්ද්‍ර කර ගනිමින් බීච් වොලිබෝල් ක්‍රීඩාවේ යෙදී සිටින දක්ෂ දරු දැරියන් දිරි ගන්වමින් ක්‍රීඩාව ජාතික හා ජාත්‍යාන්තර තලයට ඔසවා තබන්නට ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය “SUNQUICK” අනුග්‍රාහකත්වයෙන් බීච් වොලිබෝල් කොමිසම මෙහෙයවනු ලබන මෙම තරඟාවලිය ශ්‍රී ලංකා බීච් වොලිබෝල් ක්‍රීඩා ක්ෂේත්‍රයේ කැපී පෙනෙන දියුනුවට මහ හෙලි කල සංධිස්ථානයකි. අවුරුදු කිහිපයක සිට පවත්වාගෙන එන මෙම තරඟාවලිය මගින් ශ්‍රී ලංකා බීච් වොලිබෝල් ක්ෂේත්‍රයට දක්ෂ වොලිබෝල් ක්‍රීඩා තරු රාශියක් හදුන්වා දී තිබේ. ශ්‍රි ලංකා බීච් වොලිබෝල් ක්‍රීඩා ක්ෂේත්‍ර‍යේ වැදගත් සංධිස්ථානයක් වන ජාතික බීච් වොලිබෝල් ශූරතාවය 2024 වෙනුවෙන්“SUNQUICK”  ආයතනයේ අනුග්‍රහකත්වය ලබා දීමට හැකිවිම එම ආයතනය ලබාගත් මහත් ගෞරවයකි. එමෙන්ම ජාතික මට්ටමෙන් සලකා බලන කල ශ්‍රි ලංකා බීච් වොලිබෝල් ක්‍රීඩාව ජාතික හා ජාත්‍යාන්තර මට්ටමට ඔසවා තැබීමට හා ඒ මගින් ක්‍රීඩාවේ අලවිකරණය ප්‍රවර්ධනය කිරීමට අවස්ථාවක් ලැබෙනු ඇත. පසුගිය තරගාවලියේ වයස් කාණ්ඩ අංශ වලින් ජයග්‍රහන BituLink ක්‍රීඩා සමාජය, නාත්තන්ඩිය ජනාධිපති විද්‍යාලය, මහමෙරුව Leisureක්‍රීඩා සමාජය, හුංගම විජයබා ජාතික පාසැල සහ සීදුව දවිසමර මහ විද්‍යාලීය කණ්ඩායම් දිනාගත් අතර හා විවෘත කාන්තා හා පිරිමි ශූරතාවයන් ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රීඩා සමාජය දිනා ගන්නා ලදි. මෙම වසරේ මෙම තරඟාවලියට මුලු දිවයිනම නියෝජනය වන ආකාරයෙන් පාසැල් වොලිබෝල් කණ්ඩායම් 120 කට අධික ප්‍රමාණයක් සහභාගි වනු ඇතැයි අපේක්ෂා කෙරේ. වයස අවුරුදු 18 න් පහළ, අවුරුදු 21 න් පහළ හා අවුරුදු 25 න් පහළ වයස් කණ්ඩායම් අනුව කාන්තා හා පිරිමි හා විවෘත කාන්තා හා පිරිමි වශයෙන්  මෙවර “SUNQUICK” ජාතික බීච් වොලිබෝල් ශූරතාවය පවත්වනු ලබයි. මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකාවේ ඕනෑම ක්‍රීඩා සමාජයක, රාජ්‍ය හෝ පෞද්ගලික ආයතන / සංස්ථා / ත්‍රිවිධ හමුදා / පොලිසිය සහ පාසල් යන කණ්ඩායම් මගින් “SUNQUICK ” ජාතික බීච් වොලිබෝල් ශුරතාවය සඳහා අයදුම්පත් ඉදිරිපත් කල හැක.                   *අවු. 18 න් පහළ තරගාවලියට සහභාගී වන සැම ක්‍රීඩක/ක්‍රීඩිකාවක්ම 2024 වර්ෂයේ දෙසැම්බර් මස 31 දිනට වයස අවුරුදු18  ට අඩුවිය යුතුය. ( ක්‍රීඩක /ක්‍රීඩිකාවන් 2007 .01.01. දින හෝ ඊට පසු උපන් අය විය යුතුය)                  *අවු. 21 න් පහළ තරගාවලියට සහභාගී වන සැම ක්‍රීඩක/ක්‍රීඩිකාවක්ම 2024 වර්ෂයේ දෙසැම්බර් මස 31 දිනට වයස අවුරුදු21  ට අඩුවිය යුතුය. ( ක්‍රීඩක /ක්‍රීඩිකාවන් 2004 .01.01. දින හෝ ඊට පසු උපන් අය විය යුතුය)                  *අවු. 25 න් පහළ තරගාවලියට සහභාගී වන සැම ක්‍රීඩක/ක්‍රීඩිකාවක්ම 2024 වර්ෂයේ දෙසැම්බර් මස 31 දිනට වයස අවුරුදු25  ට අඩුවිය යුතුය. ( ක්‍රීඩක /ක්‍රීඩිකාවන් 2000 .01.01. දින හෝ ඊට පසු උපන් අය විය යුතුය) ඉහත වයස් සීමාවන්ට අයත් නොවන සියලු ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා විවෘත තරගාවලියට අයදුම් කල හැක.මෙම සියලුම තරඟ ජාත්‍යාන්තර වොලිබෝල් සම්මේලනය හා ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ බිච් වොලිබෝල් තරඟ නීති රීති යටතේ පවත් වනු ලබයි. මෙම “SUNQUICK” – ජාතික බීච් වොලිබෝල් ශූරතාවය – 2024 තරගාවලියේ අයදුම්පත් ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලන නිල ෆේස්බුක් පිටුව ඔස්සේ සහ https://srilankavolleyball.lk/ යන ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලන වෙබ් පිටුව වෙත යොමු වීම මගින් ලබා ගත හැක. නිවැරදිව සම්පූර්ණ කළ සියලුම අයදුම්පත් 2025 ජනවාරි මස 25 දිනට ප්‍රථම පහත ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් හෝ ගෙනැවිත් භාරදිය සිදු කල හැක. තරඟ කමිටු ලේකම් ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය අංක. 33, ටොරින්ටන් පෙදෙස කොළඹ – 07 දුරකථන අංකය – 0112669344

Read More