22nd DSI School Volleyball Tournament 2024

DSI පාසල් වොලිබෝල් තරඟාවලිය 2024 DSI පාසල් වොලිබෝල් තරඟාවලිය දිස්ත්‍රික් සහ ජාතික මට්ටමින් තරඟ අවසන් කර අවසන් මහා තරග 2024 නොවැම්බර් මස 29 සහ 30 යන දිනයන් හී දී සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ දී ගරු ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න මැතිතුමා, අධ්‍යාපන අමාත්‍යාංශයේ නිළධාරීන්, DSI ආයතනයේ කළමණාකාර අධ්‍යක්ෂ තුසිත රාජපක්ෂ මහතාගේ සහ ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ සභාපති ගරු කංචන ජයරත්න මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදි. මේ සඳහා DSI ආයතනය අනුග්‍රහය දක්වන ලදි.මෙවර තරඟාවලිය අවු: 11,13,15,17 සහ 19 පහල වයස් කාණ්ඩයන් මගින් පවත්වන ලදි. මෙහිදී බාලක හා බාලිකා අංශයෙන් එම තරඟාවලියේ පැවැත්වූ අවසන් තරඟ හී ප්‍රතිථල පහත දක්වා ඇත 11න් පහළ බාලිකා• ශූරතාවය – ධම්මිස්සර ජාතික පාසල නාත්තන්ඩිය• අනු ශූරතාවය – ශ්‍රී රාහුල විද්‍යාලය – අනුරාධපුරය• 03 වන ස්ථානය – රෙජී රණතුංග විද්‍යාලය, මිනුවන්ගොඩ 11න් පහළ බාලක• ශූරතාවය – ධම්මිස්සර ජාතික පාසල, නාත්තන්ඩිය• අනු ශූරතාවය – රෙජී රණතුංග විද්‍යාලය මිනුවන්ගොඩ• 03 වන ස්ථානය – ලූර්දු මහා විද්‍යාලය, නාත්තන්ඩිය 13න් පහළ බාලිකා• ශූරතාවය – ධම්මිස්සර ජාතික පාසල – නාත්තන්ඩිය• අනු ශූරතාවය – මාබිම විද්‍යාකර මහා විද්‍යාලය ගම්පහ• 03 වන ස්ථානය – කොලොන්න මහා විද්‍යාලය,  කොලොන්න 13න් පහළ බාලක• ශූරතාවය – ධම්මිස්සර ජාතික පාසල – නාත්තන්ඩිය• අනු ශූරතාවය – ශ්‍රී සේන විද්‍යාලය, ඉඹුලාන• 03 වන ස්ථානය – ධර්මපාල විද්‍යාලය, ඇහැලියගොඩ15න් පහළ බාලිකා• ශූරතාවය – විජයබා ජාතික පාසල- හුංගම• අනු ශූරතාවය – විජයබා මධ්‍ය විද්‍යාලය – මහව• 03 වන ස්ථානය – ධම්මිස්සර ජාතික පාසල, නාත්තන්ඩිය 15න් පහළ බාලක• ශූරතාවය – ධම්මිස්සර ජාතික පාසල – නාත්තන්ඩිය• අනු ශූරතාවය – රාජසිංහ මධ්‍ය විද්‍යාලය -රුවැන්වැල්ල• 03 වන ස්ථානය – ධර්මපාල විද්‍යාලය, ඇහැලියගොඩ 17න් පහළ බාලිකා• ශූරතාවය – වික්‍රමශිලා ජාතික පාසල – ගිරිඋල්ල• අනු ශූරතාවය – විජයබා ජාතික පාසල – හුංගම• 03 වන ස්ථානය – වාඩියගොඩ මහා විද්‍යාලය, වාඩියගොඩ 17න් පහළ බාලක• ශූරතාවය – ධම්මිස්සර ජාතික පාසල  – නාත්තන්ඩිය• අනු ශූරතාවය – ජනාධිපති ජාතික පාසල  – නාත්තන්ඩිය • 03 වන ස්ථානය – වලගම්බා මහා විද්‍යාලය, ගලපිටමඩ 19න් පහළ බාලිකා• ශූරතාවය – විජයබා ජාතික පාසල – හුංගම  • අනු ශූරතාවය – රාජසිංහ මධ්‍ය විද්‍යාලය – රුවන්වැල්ල• 03 වන ස්ථානය – සංඝමිත්තා බාලිකා මහා විද්‍යාලය, කිරිදිවැල 19න් පහළ බාලක• ශූරතාවය – රාජසිංහ මධ්‍ය විද්‍යාලය – රුවැන්වැල්ල • අනු ශූරතාවය – පන්නල ජාතික පාසල – පන්නල• 03 වන ස්ථානය – ධම්මිස්සර ජාතික පාසල  නාත්තන්ඩිය

Read More

Sunquick National Beach Volleyball Championship 2024

සන්කුවික් ජාතික බීච් වොලිබෝල් ශූරතා තරඟාවලිය 2024 සන්කුවික් ජාතික බීච් වොලිබෝල් ශූරතා තරඟාවලිය 2024 හි විවෘත පිරිමි අවසන් තරඟය සදහා Sri Lanka Airforce – A සහ Sri Lanka Army – B යන කණ්ඩායම් දෙක තේරී පත් විය. මෙහිදී පලමු වටය ලකුණ 21ට 15 ක් ලෙස අවසන් වූ අතර දෙවන වටය ලකුණු 21ට 16 ක් ලෙස Sri Lanka Army – B කණ්ඩායම ජයග්‍රහණය කරන ලදි. ඒ අනුව පිරිමි විවෘත අංශයෙහි ශූරතාවය Sri Lanka Army – B කණ්ඩායම අත් කරගන්නා ලදි. මෙහිදී නලීන් පෙරේරා සහ මධුෂ වික්‍රමසිංහ එම කණ්ඩායම නියෝජනය කරන ලදි. මෙම තරඟාවලියෙහි කාන්තා විවෘත අවසන් තරඟය සඳහා Sri Lanka Navy – A සහ Sri Lanka Navy – B යන කණ්ඩායම් දෙක තේරී පත් විය. මෙහිදී පලමු වටය ලකුණ 21ට 17 ක් ලෙස අවසන් වූ අතර දෙවන වටය ලකුණු 21ට 17ක් ලෙස Sri Lanka Navy – A කණ්ඩායම ජයග්‍රහණය ලදි. ඒ අනුව කාන්තා විවෘත අංශයෙහි ශූරතාවය Sri Lanka Navy – A කණ්ඩායම දිනා ගන්නා ලදි. මෙහිදී කසුනි තාරුකා සහ දීපිකා බණ්ඩාර එම කණ්ඩායම නියෝජනය කරන ලදි. පිරිමි 25 න් පහල පිරිමි අවසන් තරඟය Negombo Youth කණ්ඩායම සහ Sri Lanka Air Force  කණ්ඩායම අතර පැවැත්වුණු අතර, 2ට 1ක් වශයෙන් (21/14, 24/22,15/13) Sri Lanka Air Force කණ්ඩායම ජයග්‍රහණය කරන ලදි. සඳුන් බණ්ඩාර සහ මේලක හේෂාන් එම කණ්ඩායම නියෝජනය කරන ලදි. මෙම තරඟාවලියෙහි කාන්තා 25න් පහල අවසන් තරඟය සඳහා MAS Casualline Sports Club B සහ Sri Lanka Air Force යන කණ්ඩායම් දෙක තේරිපත් වූ අතර 2ට 0ක් (21/13, 21/13) ලෙස Sri Lanka Air Force කණ්ඩායම ශූරතාවය අත කරගන්නා ලදි. මෙහිදී සුරේකා දිල්ෂානි සහ ආර්්. එන් ධනංජනී කණ්ඩායම නියෝජනය කරන ලදි. 21 න් පහල පිරිමි අවසන් තරඟය Sri Lanka Airforce සහ St Maris College කණ්ඩායම් දෙක අතර පැවැත්වුණු අතර 2ට 0ක් (21/13, 21/18) ලෙස Sri Lanka Airforce කණ්ඩායම ජයග්‍රහණය ලදි. ඒ අනුව 21 පහල පිරිමි ශූරතාවය Sri Lanka Airforce කණ්ඩායමට හිමි විය. උදයංග ප්‍රනාන්දු සහ හේෂාන් ප්‍රනාන්දු එම කණ්ඩායම නියෝජනය කරන ලදි.  21 න් පහල කාන්තා අවසන් තරඟය සඳහා හුංගම විජයබා ක්‍රී.ස සහ සංඝමිත්තා ක්‍රී.ස  බාලිකා කණ්ඩායම් තේරි පත් වූ අතර 2ට 0ක් (21/13 ,21/15) ලෙස හුංගම විජයබා ක්‍රී.ස කණ්ඩායම ජයග්‍රහණය කරන ලදි. තුරුෂි යසාරා සහ හිරුනි ප්‍රබෝධා එම කණ්ඩායම නියෝජනය කරන ලදි. 18 න් පහල කාන්තා අවසන් තරඟය සඳහා Bitulink – A සහ විජයභා ක්‍රී.ස  යන කණ්ඩායම් තේරී පත් වූ අතර 2ට 1ක් (21/17,14/21 / 15/12) ලෙස Bitulink A කණ්ඩායම එහි ශූරතාවය ලබා ගන්නා ලදි. ජිනෙෂි මධුෂානී සහ හර්ෂනි නිසංසලා එම කණ්ඩායම නියෝජනය කරන ලදි. 18 න්  පහල පිරිමි අවසන් තරඟය සඳහා ලොයෙලා ක්‍රී.ස සහ ජනාධිපති විද්‍යාලය – නාත්තන්ඩිය යන කණ්ඩායම් තේරී පත් වූ අතර 2ට 1ක් (21/14, 12/21 / 15/8) ලෙස ලොයෙලා ක්‍රී.ස කණ්ඩායම එහි ශූරතාවය දිනා ගන්නා ලදි. රෂ්මික ප්‍රනාන්දු සහ සුබෝධ ගිම්හාන් එම කණ්ඩායම නියෝජනය කරන ලදි

Read More

මධ්‍යම ආසියානු බීච් වොලිබෝල් තරගාවලිය 2024

මධ්‍යම ආසියානු බීච් වොලිබෝල් තරගාවලිය 2024 මධ්‍යම ආසියානු වොලිබෝල් සම්මේලනයේ ආරාධනයකට අනුව ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය සංවිධානය කරනු ලැබූ CAVA Beach Volleyball Championship 2024  තරගාවලිය 2025 ජනවාරි 24 දින සිට 26 දින දක්වා මීගමුව වෙරළ වොලිබෝල් ක්‍රීඩාංගණය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්විය. මෙම තරගාවලිය සඳහා කිරිකිස්ථානය, මාල දිවයින, ඉරානය, භූතානය, කසකස්ථානය සහ ශ්‍රී ලංකාව යන රටවල් සහභාගී විය. තරගාවලියේ සමාරම්භක උත්සවය 2025 ජනවාරි 24 දින ප.ව. 8.30 ට ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ ගරු සභාපති කංචන ජයරත්න මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය. මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංක වොලිබෝල් සම්මේලනයේ ප්‍රධාන ලේකම් සහ මධ්‍යම ආසියානු වොලිබෝල් සම්මේලනයේ ලේකම් ඒ. ස් නාලක මහතා, මීගමුව නාගරික  කොමසාරිස් නුවනි සුදසිංහ මහත්මිය සහ බීච් වොලිබෝල් කොමිසමේ සභාපති ප්‍රියන්ත ජයකොඩි මහතා සහභාගී විය. සමාරම්භක උත්සවයේදී ශූරතා කුසලානය එළි දැක්වූ අතර, මෙම කුසලානය ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ සභාපති කාංචන ජයරත්න මහතා විසින් මධ්‍යම ආසියානු වොලිබෝල් සංගමයේ මහලේකම් ඒ.එස්. නාලක මහතා වෙත පිරිනමන ලදී. 2025 ජනවාරි මස 26 දින ප.ව. 3.00 සිට තරගමාලාවේ කාන්තා සහ පිරිමි අවසන් මහා තරග පැවැත්වූ අතර, අවසන් මහා තරග සහ ජය සංකේත ප්‍රධානය මධ්‍යම ආසියානු වොලිිබෝල් සංගමයේ සභාපති මොහොමඩ් ලතීෆ් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මේ සඳහා ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ ගරු සභාපති කංචන ජයරත්න මහතා ඇතුළු ආරාධිතයින් මෙම සමාප්ති උත්සවය සඳහා සහභාගී විය. මෙම තරගාවලියේ කාන්තා අවසන් මහා තරගය කසකස්ථාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වූ අතර කසකස්ථාක කණ්ඩායම ජය හිමි කර ගනිමින් තරගාවලියේ කාන්තා ශූරයින් බවට පත්විය. එමෙන්ම පිරිමි අවසන් මහා තරගය ශ්‍රී ලංකාව සහ ඉරාන කණ්ඩායම සමග පැවැක්වූ අතර ඉරාන කණ්ඩායම ජය හිමිකර ගනිමින් තරගාවලියේ පිරිමි ශූරයින් බවට පත්විය.

Read More