ජනාධිපති රන් කුසලාන ඩයලොග් වොලිබෝල් තරගාවලිය 25න් පහල ආරම්භක උත්සවය පසුගියදා හොරණ නගර සභා ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
ෙම අවස්තාව සදහා ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ ලේකම් සහ මධ්‍යම ආසියානු වොලිබෝල් සංගමයේ මහ ලේකම් A.S.නාලක මහතා සහ ඩයලොග් ආසියාටා සමාගමේ මෙහෙයුම් කළමනාකරු මංජුල ගුණසේකර මහතා ඇතුලු ආරාධිත අමුත්තන් විශාල පිරිසක් සහ ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ නිලධාරීන් සහ මෙම තරගාවලියේ පූර්ණ අනුග්‍රහය දක්වන ඩයලොග් ආසියාටා සමාගමේ නිලධාරීන් සහභාගි විය.
ෙහි පිරිමි තරගාවලියේ ශූරතාවය රදාවාන ගෝල්ඩන් බර්ඩ්ස් ක්‍රීඩා සමාජය විසින් දිනාගත් අතර අනුශූරතාවය පොතුපිටිය ලකී සික්ස් ක්‍රීඩා සමාජය විසින් දිනා ගන්නා ලදී.කාන්තා ශූරතාවය ගම්පහ සංඝමිත්තා විදුහල දිනාගත් අතර අනුශූරතාවය හෝමාගම ක්‍රීඩා සමාජය දිනා ගන්නට සමත් විය.
