CAVA Senior Women’s Champion League Player Selection Results
No team members found Add Your Heading Text Here
No team members found Add Your Heading Text Here
CAVA Nations Cup 2025 – බංගලාදේශය CAVA Nations Cup 2025 වොලිබෝල් තරගාවලිය 2025 ඔක්තෝබර් මස 20 දින සිට 29 දින දක්වා බංගලාදේශයේ දී පැවැත්වීමට නියමිතවඇත. ඒ සඳහා සහභාගී වන ශ්‍රී ලංකා ජ්‍යෙෂ්ඨ පිරිමි වොලිබෝල් කණ්ඩායම 2025 ඔක්තෝබර් මස 20 දින ශ්‍රී ලංකාවෙන් පිටත් වීමට නියමිතව ඇත. මෙම තරගාවලිය සඳහා බංගලාදේශය, නේපාලය, මාල දිවයින, ටර්කිමස්ථානය, ඇෆ්ගනිස්ථානය සහ ශ්‍රී ලංකාව යව රටවල් සහභාගී වීමට නියමිතව ඇත. මෙම තරගාවලිය සඳහා සහභාගී වන ජ්‍යෙෂ්ඨ පිරිමි වොලිබෝල් කණ්ඩායමේ නායකයා ලෙස අයේෂ් දිල්හාන් කටයුතු කරනු ලබන අතර ප්‍රධාන පුහුණුකරු ලෙස කාලික වසන්තප්රිය මහතා සහභාගී විමට නියමිතව ඇත. එම කණ්ඩායම මෙම තරගාවලියට සහභාගී වීමට ප්‍රථම ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ ගරු සභාපති ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතා සමග සමුහ ඡායාරූපයකට පෙනී සිටින ලදි. පසුපෙල (වමේ සිට) ජී.තිලක්රාජ්, අකිදු සත්සර, ලහිරු මධුවන්ත. චරිත උදයංග, මන්ජුල නලීන්, ශෂි ලක්ෂාන්, වසන්ත ලක්මාල්, ලසිදු මෙත්මාල්, දීප්ති රොමේෂ්, නලීන් සංජීව, දුලංජන් සන්දීප, මෙහොමඩ් තාහීර්, විමුක්ති සාගර ඉදිරිපෙල වමේ සිට ෂමිල් මලින්ද – අභ්‍යාසක, මහින්ද බණ්ඩාර – උප සභාපති ශ්‍රීලංකා වොලිබෝල් සම්මේලනය, කාලික වසන්තප්රිය – ප්‍රධන පුහුණුකරු. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්ති සජීව මැදවත්ත – සභාපති ශ්‍රීලංකා වොලිබෝල් සම්මේලනය, අයේෂ් දිල්හාන් – කණ්ඩායම් නායක, තෙනුක මලින්ද – කළමණාකරු සහ මිල්රෝයි තිසේරා – සහාය පුහුණුකරු මෙම තරගාවලියේ තරග සටහන පහත දක්වා ඇත.
මංචි ජාතික “B” කොටසේ වොලිබෝල් ශූරතාවය 2025 අයදුම්පත