Oshan Rajapaksha

CAVA U-20 Women Volleyball Championship – 2024

CAVA U-20 Women වොලිබෝල් තරගාවලිය 2024 ජුනි මස 16 දින සිට 24 දින දක්වා මාල දිවයින හිදී පැවැත්වීමට නියමිතව ඇත. ඒ සඳහා ශ්‍රී ලංකා ජාතික කණිෂ්ඨ කාන්තා වොලිබෝල් කණ්ඩායම 2024 ජුනි මස 16 (අද) දින දිවයිනෙන් පිටත් විය. මෙම තරගාවලිය සඳහා මාල දිවයින, නේපාලය, කිරිගිස්ථානය සහ ශ්‍රී ලංකාව යන රටවල් සහභාගී වීමට නියමිතව ඇත.මෙම සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකාව ලෙස චතුරි පූර්ණිමා කටයුතු කරනු ලබන අතර කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස අමිල එරංග විජේපාල මහතා කටයුතු කරනු ලබයි. දිවයිනෙන් පිටත් වීමට ප්‍රථම ශ්‍රී ලංකා ජාතික කණිෂ්ඨ කාන්තා වොලිබෝල් කණ්ඩායම සමුහ ඡායාරූපයකට පෙනි සිටින ලදි. ඉදිරිපස පේලි වමේ සිට සුලක්ෂණා පසිදුනි, පවනි පබසරා, නෙත්මි දිව්‍යාංජලී, නෙත්යා මින්දුලී, විමන්ෂා ප්‍රභානි, පුජා අත්තනායක, හර්ෂනි නිසංසලා, චතුරි පූර්ණිමා පසුපස පේලිය වමේ සිට දිල්කි නෙත්සරා, හිමායා පාරින්දි, ඉෂංකා බාලසූරිය මහත්මිය -අභ්‍යාසක, අමිල විජේපාල මහතා- ප්‍රධාන පුහුණුකරු, ඩබ්.පී.අයි සමරකෝන් මහත්මිය – කලමණාකරු, හෂාන් දමිත් මහතා – සහාය පුහුණුකරු, ලහිරු දිල්ෂාන් – කණ්ඩායම් විනිසුරු, සෙසාන්දි රුවන්යා, වත්ෂිකා දිල්ෂානි     මෙම තරගාවලියේ තරග සටහන පහත දක්වා ඇත.

Read More

අවුරුදු 25න් පහළ වොලිබෝල් තරගාවලියේ ජාතික මට්ටමේ ( පිරිමි) තරඟ 2024

 ජනාධිපති රන්කුසලාන අවුරුදු 25න් පහළ වොලිබෝල් තරගාවලියේ ජාතික මට්ටමේ ( පිරිමි) තරඟ 2024 ජූලි මස 26 , 27 සහ 28 දිනවලදී අනුරාධපුරය  ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත. එබැවින් පළාත් තරගාවලියේ ශූරතාවය සහ අනුශූරතාවය දිනා ගත් පිරිමි කණ්ඩායම් 2024 ජූලි මස 27 දින උදේ 8.00.ට අනුරාධපුර ගෘහස්ථ ක්‍රීඩාංගණයට පැමිණ ලියාපදිංචි වන ලෙස දන්වන්න .   පදිංචිය සනාථ කිරීම සඳහා DS 4 සහතිකය ද වයස සනාථ කිරීම සඳහා හැදුනුම්පත ඉදිරිපත් කිරීම අනිවාර්ය වේ .

Read More

CAVA බීච් වොලිබෝල් විනිසුරු පාඨමාලාව. 2024-07-08 දින මීගමුවේදී සාර්ථකව අවසන් කරන ලදි.

CAVA බීච් වොලිබෝල් විනිසුරු පාඨමාලාව 2024. අද දින මීගමුවේදී සාර්ථකව අවසන් කරන ලදි.අද දින සහතිකපත් ප්‍රධානය කිරීමේ අවස්ථාවට සහභාගි වූ මධ්‍යම ආසියානු වොලිබෝල් සම්මේලනයේ හා ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ ප්‍රධාන ලේකම් ඒ,එස් නාලක මහතා /මෙම වැඩසටහනේ ප්‍රධාන උපදේශක. මධ්‍යම ආසියානු වොලිබෝල් සම්මේලනයේ බීච් වොලිබෝල් කොමිසමේ සභාපති සිරිනිවාසන් ජයරාමන් මහතා (ඉන්දියාව) සහ මධ්‍යම ආසියානු බීච් වොලිබෝල් කොමිසමේ සාමාජික මොහොමඩ් හුසේන් මහතා (මාලදිවයින),ශ්‍රිලංකා බීචි වොලිබෝල් කොමිසමේ සභාපති ප්‍රියන්ත ජයකොඩි මහතා සහ ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ විධායක කමිටු සාමාජික ධනපාල ජයපත්ම මහතා සහ සජිත් නන්ද සිරි මහතා ඇතුළු නිලධාරීන් ගේ සහභාගිත්වයෙන් සිදු කරන ලදී.

Read More