CAVA U-19 Women Volleyball Championship 2025 – Sri Lanka තරගාවලිය සඳහා සහභාගී වන පුහුණුකරුවන් පත් කිරීම
CAVA U-19 Women Volleyball Championship 2025 – Sri Lanka තරගාවලිය සඳහා සහභාගී වන පුහුණුකරුවන් පත් කිරීම මධ්‍යම ආසියානු වොලිබෝල් සම්මේලනයේ ආරාධනයකට අනුව ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය සංවිධානය කරනු ලබන CAVA U-19 Women Volleyball Championship 2025 වොලිබෝල් තරගාවලිය රටවල් 06 ක සහභාගීත්වයෙන් 2025 නොවැම්බර් මස 01 දින සිට 10 දින දක්වා සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට සියලු කටයුතු සුදානම් කර ඇත. ඒ සඳහා ශ්‍රී ලංකා අවු. 19 න් පහළ කාන්තා වොලිබෝල් කණ්ඩායම සහභාගී කරවීමට ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය තීරණය කර ඇත. එම තරගාවලිය සඳහා සහභාගී වන කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු, සහාය පුහුණුකරු සහ අභ්‍යාසක යන තනතුරු සඳහා පුහුණුකරුවන් තෝරා ගැනීමට 2025 ජුනි මස 30 දින දක්වා පුහුණුකරුවන්ගෙන් අයදුම්පත් කැඳවන ලදි. එම පුහුණුකරුවන් තෝරා ගැනීම සඳහා පහත නම් සඳහන් නිලධාරීන්ගෙන් සමන්විත ස්වාධීන කමිටුවක් ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය පත් කරන ලදි. 01 කමාන්ඩර් කේ.ජී.සී.එම් කාරියවසම් – සභාපති – උප සභාපති, ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය 02 ධනපාල ජයපත්ම මහතා – සාමාජික – ප්‍රධාන සංවිධායක, ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය 03 ඊ. එම්.එල්. සී ඒකනායක මහතා – සාමාජික – හිටපු සභාපති – ශ්‍රී ලංකා වොලිබෝල් තේරීම් කමිටුව 04 රුවන් ප්‍රදීප් පෙරේරා මහතා – සාමාජික, ජාතික ක්‍රීඩා තේරීම් කමිටු නියෝජිත 05 එස්. පී. ඩී. සිල්වා මහතා – සාමාජික, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තු නියෝජිත ඒ අනුව මෙම පුහුණුකරුවන් තෝරා ගැනීමේ තෝරා ගැනීමේ සම්මුඛ පරීක්ෂණය ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව අනුමත කරන ලද පුහුණුකරුවන් තේරීමේ පටිපාටියට අනුව 2025 අගෝස්තු මස 06 දින පෙ.ව. 9.00 සිට ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලන ප්‍රධාන කාර්යාලයේ දී පවත්වන ලදි. එම සම්මුඛ පරීක්ෂණයේ දී ප්‍රධාන පුහුණුකරු, සහාය පුහුණුකරු සහ අභ්‍යාසක යන තනතුරු සඳහා පුහුණුකරුවන් තෝරා ගැනීමේ ස්වාධීන කමිටුව මගින් පහත නම් සඳහන් පුහුණුකරුවන් තෝරා ගන්නා ලදි. ප්‍රධාන පුහුණුකරු – ජේ.එම්.සී චාර්ල්ස් තිලකරත්න මහතාසහාය පුහුණුකරු – එන්.ඒ උදය රුක්මාල් මහතාඅභ්යාසක – ජේ. ඒ.ඩී. නිලංග රුෂාන් ජයකොඩි මහතා
2nd Selection Result of CAVA Junior Women’s Volleyball Championship -2025
2nd Selection Result of CAVA Junior women’s Volleyball Championship – 2025 The following players were selected for 2nd Selections, held on 27th July, 2025 at the Davisamara National School, Indoor Stadium – Seeduwa
