“SUNQUICK ” – ජාතික බීච් වොලිබෝල් ශූරතාවය – 2024

“SUNQUICK ” – ජාතික බීච් වොලිබෝල් ශූරතාවය – 2024/2025 ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ අධීක්ෂණය යටතේ “SUNQUICK”  පූර්ණ අනුග්‍රහකත්වයෙන් බීච් වොලිබෝල් කොමිසම මෙහෙයවනු ලබන “SUNQUICK” ජාතික බීච් වොලිබෝල් ශූරතාවය, 2025 ජනවාරි මස 31 සහ පෙබරවාරි 01 සහ 02 යන දින වලදී මිගමුව වෙරළ උද්‍යානයේ දී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.   බීච් වොලිබෝල් ක්‍රීඩාව පැවැත්වීමේ අරමුණින්, ග්‍රාමීය හා නාගරික පාසැල් කේන්ද්‍ර කර ගනිමින් බීච් වොලිබෝල් ක්‍රීඩාවේ යෙදී සිටින දක්ෂ දරු දැරියන් දිරි ගන්වමින් ක්‍රීඩාව ජාතික හා ජාත්‍යාන්තර තලයට ඔසවා තබන්නට ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය “SUNQUICK” අනුග්‍රාහකත්වයෙන් බීච් වොලිබෝල් කොමිසම මෙහෙයවනු ලබන මෙම තරඟාවලිය ශ්‍රී ලංකා බීච් වොලිබෝල් ක්‍රීඩා ක්ෂේත්‍රයේ කැපී පෙනෙන දියුනුවට මහ හෙලි කල සංධිස්ථානයකි. අවුරුදු කිහිපයක සිට පවත්වාගෙන එන මෙම තරඟාවලිය මගින් ශ්‍රී ලංකා බීච් වොලිබෝල් ක්ෂේත්‍රයට දක්ෂ වොලිබෝල් ක්‍රීඩා තරු රාශියක් හදුන්වා දී තිබේ. ශ්‍රි ලංකා බීච් වොලිබෝල් ක්‍රීඩා ක්ෂේත්‍ර‍යේ වැදගත් සංධිස්ථානයක් වන ජාතික බීච් වොලිබෝල් ශූරතාවය 2024 වෙනුවෙන්“SUNQUICK”  ආයතනයේ අනුග්‍රහකත්වය ලබා දීමට හැකිවිම එම ආයතනය ලබාගත් මහත් ගෞරවයකි. එමෙන්ම ජාතික මට්ටමෙන් සලකා බලන කල ශ්‍රි ලංකා බීච් වොලිබෝල් ක්‍රීඩාව ජාතික හා ජාත්‍යාන්තර මට්ටමට ඔසවා තැබීමට හා ඒ මගින් ක්‍රීඩාවේ අලවිකරණය ප්‍රවර්ධනය කිරීමට අවස්ථාවක් ලැබෙනු ඇත. පසුගිය තරගාවලියේ වයස් කාණ්ඩ අංශ වලින් ජයග්‍රහන BituLink ක්‍රීඩා සමාජය, නාත්තන්ඩිය ජනාධිපති විද්‍යාලය, මහමෙරුව Leisureක්‍රීඩා සමාජය, හුංගම විජයබා ජාතික පාසැල සහ සීදුව දවිසමර මහ විද්‍යාලීය කණ්ඩායම් දිනාගත් අතර හා විවෘත කාන්තා හා පිරිමි ශූරතාවයන් ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රීඩා සමාජය දිනා ගන්නා ලදි. මෙම වසරේ මෙම තරඟාවලියට මුලු දිවයිනම නියෝජනය වන ආකාරයෙන් පාසැල් වොලිබෝල් කණ්ඩායම් 120 කට අධික ප්‍රමාණයක් සහභාගි වනු ඇතැයි අපේක්ෂා කෙරේ. වයස අවුරුදු 18 න් පහළ, අවුරුදු 21 න් පහළ හා අවුරුදු 25 න් පහළ වයස් කණ්ඩායම් අනුව කාන්තා හා පිරිමි හා විවෘත කාන්තා හා පිරිමි වශයෙන්  මෙවර “SUNQUICK” ජාතික බීච් වොලිබෝල් ශූරතාවය පවත්වනු ලබයි. මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකාවේ ඕනෑම ක්‍රීඩා සමාජයක, රාජ්‍ය හෝ පෞද්ගලික ආයතන / සංස්ථා / ත්‍රිවිධ හමුදා / පොලිසිය සහ පාසල් යන කණ්ඩායම් මගින් “SUNQUICK ” ජාතික බීච් වොලිබෝල් ශුරතාවය සඳහා අයදුම්පත් ඉදිරිපත් කල හැක.                   *අවු. 18 න් පහළ තරගාවලියට සහභාගී වන සැම ක්‍රීඩක/ක්‍රීඩිකාවක්ම 2024 වර්ෂයේ දෙසැම්බර් මස 31 දිනට වයස අවුරුදු18  ට අඩුවිය යුතුය. ( ක්‍රීඩක /ක්‍රීඩිකාවන් 2007 .01.01. දින හෝ ඊට පසු උපන් අය විය යුතුය)                  *අවු. 21 න් පහළ තරගාවලියට සහභාගී වන සැම ක්‍රීඩක/ක්‍රීඩිකාවක්ම 2024 වර්ෂයේ දෙසැම්බර් මස 31 දිනට වයස අවුරුදු21  ට අඩුවිය යුතුය. ( ක්‍රීඩක /ක්‍රීඩිකාවන් 2004 .01.01. දින හෝ ඊට පසු උපන් අය විය යුතුය)                  *අවු. 25 න් පහළ තරගාවලියට සහභාගී වන සැම ක්‍රීඩක/ක්‍රීඩිකාවක්ම 2024 වර්ෂයේ දෙසැම්බර් මස 31 දිනට වයස අවුරුදු25  ට අඩුවිය යුතුය. ( ක්‍රීඩක /ක්‍රීඩිකාවන් 2000 .01.01. දින හෝ ඊට පසු උපන් අය විය යුතුය) ඉහත වයස් සීමාවන්ට අයත් නොවන සියලු ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා විවෘත තරගාවලියට අයදුම් කල හැක.මෙම සියලුම තරඟ ජාත්‍යාන්තර වොලිබෝල් සම්මේලනය හා ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ බිච් වොලිබෝල් තරඟ නීති රීති යටතේ පවත් වනු ලබයි. මෙම “SUNQUICK” – ජාතික බීච් වොලිබෝල් ශූරතාවය – 2024 තරගාවලියේ අයදුම්පත් ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලන නිල ෆේස්බුක් පිටුව ඔස්සේ සහ https://srilankavolleyball.lk/ යන ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලන වෙබ් පිටුව වෙත යොමු වීම මගින් ලබා ගත හැක. නිවැරදිව සම්පූර්ණ කළ සියලුම අයදුම්පත් 2025 ජනවාරි මස 25 දිනට ප්‍රථම පහත ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් හෝ ගෙනැවිත් භාරදිය සිදු කල හැක. තරඟ කමිටු ලේකම් ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය අංක. 33, ටොරින්ටන් පෙදෙස කොළඹ – 07 දුරකථන අංකය – 0112669344

Read More

Munchi Super League Volleyball Tournament 2024 – Finals

මන්චි සුපර්ලීග් වොලිබෝල් තරගාවලිය 2024 – අවසන් මහා තරග ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය සහ සිලෝන් බිස්කට්ස් සමාගමේ පූර්ණ අනුග්‍රහයෙන් පවත්වනු ලබන මන්චි සුපර්ලීග් වොලිබෝල් තරගාවලියේ අවසන් මහා තරඟ 2025 ජනවාරි මස 04 දින ප.ව. 1.00 සිට ඇල්බට් එෆ්. පීරිස් ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී  සජීවී PEO TV විකාශයක් ලෙස පැවැත්වීමට නියමිතව ඇත. මෙම අවසන් මහා තරග යෞවන කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය ගරු සුනිල් කුමාර ගමගේ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ෂේමාල් ප්‍රනාන්දු, සිලෝන් බිස්කට්ස් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී  නලීන් කරුණාරත්න මහතා සහ ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ සභාපති කංචන ජයරත්න මැතිතුමාගේ සහභාගීත්වයෙන් පැවැත්වීමට නියමිතව ඇත. මෙම අවසන් මහා තරග සඳහා සුදුසුකම් ලැබූ කන්ඩායම් සහ තරග පැවැත්වෙන වේලාවන් පහත දක්වා ඇත. මෙම සහභාගී වන කණ්ඩායම් හී සමුහ ඡායාරූප මේ සමග යා කර ඇත.   ශ්‍රී ලංකා වරාය අධිකාරිය   ශ්‍රී ලංකා ගුවන් හමුදාව   ශ්‍රී ලංකා වරාය අධිකාරිය   ලංකා විදුලිබල මණ්ඩලය  

Read More

සියවස් සපුරන ශ්‍රි ලාංකේය ජාතික ක්‍රීඩාවේ ජේෂ්ඨතම ජිවමාන ජාතික ක්‍රිඩකයා ​

සියවස් සපුරන ශ්‍රි ලාංකේය ජාතික ක්‍රීඩාවේ ජේෂ්ඨතම ජිවමාන ජාතික ක්‍රිඩකයා 1954 වර්ෂයේ බිහිවූ පුථම ජාතික වොලිබෝල් කංඩායම නියෝජනය කල පියරත්න විරසිංහයන් අද තම ජිවන ගමනේ 100 වන වසට පා තබයි. 1924 සිතල උදුවප් මාසයේ 10 වන දින මිරිගම බාදුරාගොඩදි උපත ලැබු පි විරසිංහයන් පත්තලගෙදර රජයේ ඉංග්‍රීසි පාස⁣ලෙන් තම මුලික අධ්‍යාපනය ලැබිය පාසල් වියේ සිටම වොලිබෝල් ක්‍රිඩාව හා බැදුනු විරසිංහයන් පසු කලෙක මිරිගම සෙන්ට්‍රල් කංඩායමට නායකත්වය ලබාදෙමින් 1954 වර්ෂයේ පෙබරවාරි මස 7 වන දින ජාතික වොලිබෝල් ශුරතාවය මිරිගම හේවාගමි කෝරලයට රැගෙන ඒමට සමත් විය ඔහුගේම බාල සොහොයුරැ ජි විරසිංහ, විමලදාස, ජයතිලක , එස් සුභසිංහ සහ වි කරැනාරත්න ඔහුගේ කංඩායමි සගයින් විය 1954 වර්ෂයේ ලංකාවට පැමිණි ඉංදිය මදුරාසි කංඩායම සමග පැවති ඉංදු ලංකා ටෙස්ට් වොලිබෝල් තරග මාලාවේ පුථම තරගයේදී ලංකා ජාතික කංඩායම නියොජනය කරමින් පුථම වරට ජාතික වර්ණ දිනාගැනීමට එදා විරසිංහයන් සමත්විය 100ක් පිරිම නිමිත්තෙන් ශ්‍රී ලංකා වොලිබොල් සම්මේලනය සුබ පැතුම් ​සිදු කළ අයුරු අද විරසිංහයන් තම ජිවන ගමනේ 100 වැනි වසට පා තබන්නේ තවත් ජාතික වාර්ථාවක් ද සමගනි ඒ වර්තමානයේ ශ්‍රි ලංකාවේ සියලුම ක්‍රිඩාවල ජාතික කංඩායමි නියොජනය කල ජේෂ්ධතම ජිවමාන ජාතික ක්‍රිඩකයා වශයෙනි වසර 108 ක් සපිරි ශ්‍රි ලාංකේය ජාතික ක්‍රිඩාවේ පුරාවෘත්යක් වු පියරත්න විරසිංහයන් ට චිරාන් ජයතු 

Read More

Get 30% off your first purchase

X