Dsi Supersport Schools Volleyball Championship 2024

DSI සුපර් ස්පෝර්ට්ස් පාසල් වොලිබෝල් තරගාවලිය 2024 අවසන් මහා තරග ඩී. සැම්සන් සහ පුත්‍ර සමාගමේ පූර්ණ අනුග්‍රහයෙන්, අධ්‍යාපන අමාත්‍යාංශය, ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය ඒකාබද්ධව ශ්‍රී ලංකා පාසල් වොලිබෝල් සංගමයේ මෙහෙයවීමෙන් පවත්වනු ලබන DSI පාසැල් වොලිබෝල් තරගාවලිය 2024 අවසන් මහා තරග 2024 නොවැම්බර් මස 29 සහ 30 දින වලදී සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී ITN රූපවාහිනී නාලිකාවේ සජීවී විකාශයක් ලෙස පැවැත්විය. මෙම අවසන් මහා තරග සඳහා ගරු ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න මැතිතුමා, ඩී. සැම්සන් සහ පුත්‍ර සමාගමේ කළමණාකාර අධ්‍යක්ෂ තුසිත රාජපක්ෂ මැතිතුමා, ඩී. සැම්සන් සහ පුත්‍ර සමාගමේ අධ්‍යක්ෂ අසංක රාජපක්ෂ මහතා, අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව මහතා, ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ සභාපති කංචන ජයරත්න මැතිතුමා, ශ්‍රී ලංකා පාසල් වොලිබෝල් සංගමයේ ලේකම් චමින්ද කුමාර මහතා ඇතුළු ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ නිලධාරීන් සහ ශ්‍රී ලංකා පාසල් වොලිබෝල් සම්මේලනයේ නිලධාරීන් සහභාගී විය. වයස් කාණ්ඩ 05 ක් යටතේ පැවැත්වූ මෙම තරගාවලියේ පහත සඳහන් පරිදි අවසන් මහා තරග පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත. මෙම තරගවලියේ විශේෂ දක්ෂතා දක්වන ලද ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ නම් මේ සමග යා කර ඇත.

Read More

ශ්‍රී ලංකා ජාතික බිච්වොලිබොල් සංචිතය සඳහා විශේෂිත වෛද්‍ය පරික්ෂණය

ශ්‍රී ලංකා ජාතික බිච්වොලිබොල් සංචිතය සඳහා විශේෂිත වෛද්‍ය පරික්ෂණයක් සමඟ ක්‍රිඩා පෝෂණ වැඩ මුලුවක් ක්‍රීඩා අමාත්‍යාංශ ක්‍රීඩා වෛද්‍ය ඒකක යෙදී පවත්වන ලදී . මේ සඳහා ක්‍රීඩා වෛද්‍ය ඒකකයේ දේශක වරුන් සහා පෝෂණවේදින්ට අමතරව ජාතික ඔලිම්පික් කමිටුවේ නිලධාරීන් විසින් ද විශේෂ දේශනයක් පවත්වන ලදී.

Read More

Dialog president gold Cup U-25 National Volleyball Championship 2024 

ජනාධිපති රන් කුසලාන ඩයලොග් වොලිබෝල් ශූරතා (2024) තරඟාවලියේ දක්ෂතම ක්‍රීඩකයා සහා ක්‍රීඩිකාවවටිනාම ක්‍රීඩකයා – H.M සුලක්ෂණා පසිඳුනි(𝗠𝗔𝗦(𝗔) 𝗦.𝗖 – අම්පාර)වටිනාම ක්‍රීඩකයා – L.A දුලන්ජන් සංදීප(𝗚𝗢𝗟𝗗𝗘𝗡 𝗕𝗜𝗥𝗗𝗦 𝗦.𝗖 -රදාවාන) ජනාධිපති රන් කුසලාන ඩයලොග් වොලිබෝල් ශූරතා තරඟාවලියේ විශේෂ දක්ෂතා සඳහා ඇගයීම් ලද ක්‍රීඩක ක්‍රීඩිකාවන්  

Read More

Get 30% off your first purchase

X