CAVA Nations League (Women) 2024

CAVA Nations League (Women) වොලිබෝල් තරගාවලිය 2024 අගෝස්තු මස 01 දින සිට 08 දින දක්වා නේපාලයේ කත්මන්ඩු හිදී පැවැත්වීමට නියමිතව ඇත. එම තරගාවලියට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා ජාතික ජ්‍යෙෂ්ඨ කාන්තා වොලිබෝල් කණ්ඩායම 2024 ජුලි මස 30 දින දිවයිනෙන් පිටත් විය. මෙම තරගාවලිය සඳහා ඉන්දියාව, නේපාලය, ඉරානය, මාල දිවයින සහ ශ්‍රී ලංකාව යන රටවල් සහභාගී වීමට නියමිතව ඇත. මෙම සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකාව ලෙස තිලිණි වාසනා කටයුතු කරනු ලබන අතර කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස චාර්ල්ස් තිලකරත්න මහතා කටයුතු කරනු ලබයි. දිවයිනෙන් පිටත් වීමට ප්‍රථම ශ්‍රී ලංකා ජාතික ජ්‍යෙෂ්ඨ කාන්තා වොලිබෝල් කණ්ඩායම සමුහ ඡායාරූපයකට පෙනි සිටින ලදි. ඉදිරිපස පේලි වමේ සිටකවීෂා ලක්ෂානි, උදය රුක්මාල් -අභ්‍යාසක, කේ.ආර්.ඩී.සී රත්නමුදලි මහතා- කළමණාකරු, චාර්ල්ස් තිලකරත්න – ප්‍රධාන පුහුණුකරු, මිල්රෝයි තිසේරා – සහාය පුහුණුකරු, තිළණි වාසනා පසුපස පේලිය වමේ සිටදිලුෂා සංජීවනී, දිලුක්ෂි හර්ෂනී, තිවංකි මධුමාලි, අයේෂා මධුරිකා, පියුමි භාෂිනි, කාන්චනා දිල්හානී, සංජීවනී කරුණාරත්න, අප්සරා සෙව්මාලී, අශානි චමෝදිකා, ජේ. තිලක්ෂනා, නිමේෂිකා සෙව්වන්දි, නදුනි හිමංසලා

Read More

FIVB පුහුණුකරු අදියර III  පාඨමාලාව – 2024 තායිලන්තය

ජාත්‍යන්තර වොලිබෝල් සම්මේලනය (FIVB) මගින් මෙහෙයවනු ලබන වොලිබෝල් පුහුණුකරු අදියර III පාඨමාලාව 2024 නොවැම්බර් මස 18 සිට 25 දින දක්වා තායිලන්තයේ දී පැවැත්වීමට නියමිතව ඇත. මෙම ජාත්‍යන්තර පුහුණුකරු පාඨමාලාව සඳහා ශ්‍රී ලංකාව තුල දැනට වොලිබෝල් ජාත්‍යන්තර පුහුණුකරු අදියර II පාඨමාලාව අවසන් කර අවු: 01 ක් ඉක්මවූ පුහුණුකරුවන් හා පුහුණුකාරිනියන්ගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ. වොලිබෝල් පුහුණුකරුවකු ලෙස ඔබ දක්වා ඇති දක්ෂතා ඇතුලත්ව ඔබගේ පෞද්ගලික විස්තර, සම්බන්ධ කර ගත හැකි දුරකථන අංක, දැනට ක්‍රියාත්මකව පවතින විද්‍යුත් තැපැල් ලිපිනයක් (Email Address) සහ ඔබගේ වර්තමාන ඡායාරූපයක් අනිවාර්යයෙන් ඇතුලත් කොට ඉංග්‍රීසි බසින් අයදුම්පතක් සකස් කර, වොලිබෝල් පුහුණුකරු අදියර I සහ II පාඨමාලාවේ සහතික පත්‍රයේ පිටපතක් ද සමඟ [email protected] යන විද්‍යුත් ලිපිනයට 2024 සැප්තැම්බර් මස 05 දිනට ප්‍රථම ‍යොමු කරන්න. එමෙන්ම මේ සමග අමුණා ඇති FIVB Application Form (C-C3 Form) ද සම්පූර්ණ කර, මාස 06 ක වලංගුතාවය ඇති විදේශ ගමන් බලපත්‍රයේ පිටපතක් ද ඔබගේ අයදුම්පතට අමුණා ඉහත සඳහන් විද්‍යුත් තැපැල් ලිපිනයට යොමු කරන්න. මෙම පාඨමාලාව සඳහා සහභාගී වීමේ දී අයදුම්කරුවන් විසින් සපයාගත යුතු කොන්දේසී • ලියාපදිංචි ගාස්තු – US $ 100• නවාතැන් සඳහා පමණක් දිනකට වියදම (ආහාර ඇතුලත්ව)    Single Room – US $ 100 per day    Twin Sharing – US $ 80 per day• ගුවන් ටිකට්පත් (නැවත පැමිණීමේ ටිකට්පතක්) වැඩිදුර තොරතුරු සඳහා ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය අමතන්න0112669344 Download FIVB Application Form

Read More

Dialog president gold Cup U-25 National Volleyball Championship 2024 

ජනාධිපති රන් කුසලාන ඩයලොග් වොලිබෝල් ශූරතා Golden birds සහ MAS දිනා ගනියි.අවුරුදු 25 න් පහළ ඩයලොග් ජනාධිපති රන් කුසලාන පිරිමි සහ කාන්තා වොලිබෝල් සූරතා පිළිවෙළින් රදාවාන ගෝල්ඩන් බර්ඩ්ස් කණ්ඩායම සහ අම්පාර MAS කණ්ඩායම අත් කර ගන්නට සමත් වුණා. පිරිමි අවසාන තරගයේ දී ගෝල්ඩන් බර්ඩ්ස් කණ්ඩායම විසින් වට 3-0 ක් ලෙස රුවන්වැල්ල රාජසිංහ ක්‍රීඩා සමාජය පරාජය කරමින් ජයග්‍රහණය ලබා ගැනීමට සමත් වුණා .එහිදී ලකුණු සටහන් වූයේ ලකුණු 25- 20,25-18 සහ 25-11 ක් ලෙසයි. කාන්තා අවසාන තරගය වට 4 ක් දක්වා පැවති අතර .අනු සූරතාවය දිනාගත් ගලිගමුව හයිඩ්‍රාමනී කණ්ඩායම අම්පාර MAS කණ්ඩායමට එරෙහිව තරගයේ පළමු වටය 25-19 ක් ලෙස ජය ගත් නමුත් ඉන් අනතුරුව MAS කණ්ඩායම ඉතිරි වට 3 ලකුණු 25-22/25-11 සහ 25-23 ක් ලෙස ජයග්‍රහණය කරන්නට සමත් වුණා.

Read More

Get 30% off your first purchase

X