23rd DSI Supersport

23 වැනි DSI  පාසල් වොලිබෝල් තරගාවලිය දියත් කෙරේ ශ්‍රී ලංකාවේ අංක එකේ පාවහන් නිෂ්පාදකයා වන DSI ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය හා අධ්‍යාපන අමාත්‍යාංශය, ශ්‍රී ලංකා පාසල් වොලිබෝල් සංගමය සමග අත්වැල් බැඳගනිමින් 23 වැනි DSI Supersport පාසල් වොලිබෝල් තරගාවලිය සංවිධානය කරනු ලබයි. ග්‍රාමීය හා නාගරික පාසල් කේන්ද්‍ර කරගනිමින් වොලිබෝල් ක්‍රීඩාවේ යෙදී සිටින දක්ෂ දරු දැරියන් දිරිගන්වමින් ජාතික තලයට ඔසවා තබන්නට DSI ප්‍රධානත්වයෙන් වර්ෂ 1999 දී ආරම්භ කළDSI Supersport පාසල් වොලිබෝල් තරගාවලිය ශ්‍රී ලාංකීය වොලිබෝල් ක්‍රීඩා ක්ෂේත්‍රයේ කැපී පෙනෙන දියුණුවකට මග හෙළි කළ සංධිස්ථානයකි. ආරම්භයේදී ශූරතාවය සඳහා කණ්ඩායම් 198 ක් තරග වැදුණු ෘීෂ ීමචැරිචදරඑ පාසල් වොලිබෝල් තරගාවලිය හරහා එදා මෙදාතුර ශ්‍රී ලංකා වොලිබෝල් ක්‍රීඩා ක්ෂේත්‍රයට දක්ෂ වොලිබෝල් ක්‍රීඩා තරු 400 කට ආසන්න ප්‍රමාණයක් හඳුන්වා දී තිබේ. මෙම වසරේ තරගාවලියට මුළු දිවයිනම නියෝජනය වන ආකාරයෙන් පාසල් වොලිබෝල් කණ්ඩායම් 4000 කට අධික ප්‍රමාණයක් සහභාගී වනු ඇතැයි අපේක්ෂා කෙරේ. Download Sinhala Form Download Tamil Form ඩී සැම්සන් සහ පුත්‍රයෝ පුද්ගලික සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ තුසිත රාජපක්ෂ මහතා අදහස් දක්වමින් DSI Supersport පාසල් වොලිබෝල් තරගාවලියට වසර 23 ක් සම්පූර්ණ වෙන 2025 අවුරුද්ද අපිට විශේෂයි. ශ්‍රී ලංකාවේ වොලිබෝල් ක්‍රීඩා ක්ෂේත්‍රයේ වැදගත්ම සංධිස්ථානයක් වෙනුවෙන් DSI අනුග්‍රාහකත්වය අඛණ්ඩව ලබාදීමට හැකිවීම අප සමාගමට මහත් ගෞරවයක්. වොලිබෝල් ක්‍රීඩාව ශ්‍රී ලංකාව තුළ ප්‍රචලිත කොට සංවර්ධනය කරන්නටත් මුළු දිවයිනම ආවරණය වන ආකාරයෙන් දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගණනාවක් ජාතික මට්ටමට හඳුන්වා දීමටත් DSI Supersport පාසල් වොලිබෝල් තරගාවලිය සමත්ව තිබෙනවා.” යැයි පැවසීය. වයස අවුරුදු 11 න් පහල, 13 න් පහල, 15න් පහල, 17න් පහල හා 19න් පහල වයස් කාණ්ඩ අනුව බාලක හා බාලිකා වශයෙන් මෙවර DSI Supersport පාසල් වොලිබෝල් තරගාවලිය පැවැත්වේ. තරගාවලියේ දිස්ත්‍රික් සහ ජාතික මට්ටමේ තරග 2025 ජූනි 14, 15, 21, 22, 28, 29 සහ ජූලි 5, 6, 12, 13, 19, 20, 26, 27 දිනවල පැවැත්වේ. දිස්ත්‍රික් කණ්ඩායම් අතරින් 01 සහ 02 ස්ථාන හිමි කරගන්නා කණ්ඩායම් ජාතික මට්ටමේ තරග සඳහා තෝරා ගැනේ. ජාතික තලයේ තරග 2025 අගෝස්තු 20 සිට 24 වැනිදා දක්වා පැවැත්වේ. 2025 DSI පාසල් වොලිබෝල් තරගාවලියේ අවසන් මහා තරග නොවැම්බර් 15 සහ 16 දෙදින පුරා කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත. මෙම තරගාවලිය දියත් කිරීම සම්බන්ධව මාධ්‍ය හමුව 2025 මැයි 08 නිපෝන් හෝටලයේ දී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත. DSI Supersport පාසල් වොලිබෝල් තරගාවලිය සඳහා ඇතුලත් වීමේ අයදුම්පත් දිවයින පුරා සියළු DSI ප්‍රදර්ශනාගාර වෙතින් ලබාගත හැකි අතර තවදDSI Supersport නිල ෆේස්බුක් පිටුවේ පළ කර ඇති Qr කේතය හරහා සහ නිල AVI වෙබ් පිටුව හරහා (https://avi.lk/volleyball/) මෙම වෙබ් පිටුවෙන්ද මෙම අයදුම්පත්‍රය භාගත කරගැනීමේ හැකියාව ඇත. වැඩි විස්තර 011-2669344 අංකයෙන් ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ දිස්ත්‍රික් 25 සම්බන්ධීකරණ නිලධාරීන් වෙතින්, 0773329702 අංකයෙන් ශ්‍රී ලංකා පාසැල් වොලිබෝල් සංගමයේ ලේකම් චමින්ද ලක්ෂ්මන් කුමාර මහතා වෙතින් [email protected] ඊමේල් ලිපිනයෙන් ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ ප්‍රධාන ලේකම් ඒ. එස්. නාලක මහතා වෙතින් ලබාගත හැකිය.

Read More

MERCANTILE VOLLEYBALL (2024)

Mercantile Volleyball Tournament 2025 වෙළඳ සේවා වොලිබෝල් ශූරතා වලිය කාන්තා සහ පිරිමි , සුපර් ලීග්, Champianship,Division සහ Masters (වයස 40න් ඉහළ) ලෙස කාණ්ඩ හතරක් යටතේ පැ වැත්වීමට සැ ලසුම් කර ඇත. පසුගිය වසරේදී වෙළඳ සේවා වොලිබෝල් ශූරතාවලියේදී පිරිමි කාණ්ඩය පමණක් හඳුන්වා දුන් මාස්ටර්ස් කා ණ්ඩය, ඉතාමත් සාර්ථක වූ නිසා මෙම වසරේදී කාන්තා කාණ්ඩය එකතු කිරීමට සැලසුම් කර ඇත. සුපර් ලීග් සහ මාස්ටර්ස් අංශ සඳහා එක් බාහිර ක්‍රීඩකයෙකු ටද තරගකිරීමේ අවස්ථා ව ඇතුළත් කර ඇත්තේ , එමඟින් ඉසව්වේ තරඟකා රිත්වය සහ චමත්කාරය වැඩි කිරීමේ අරමුනින්ය.සුපර් ලීග් කාණ්ඩයේ, මෙම අවස්ථා ව විදේශීය ක්‍රීඩකයෙකු සදහා ද විවෘත කර තිබීම විශේෂ කරුණකි . පහත සබැදියා භවිතයෙන් අයදුම්පත් බාගත කරගන්න Mercantile Volleyball Tournament 2025 Download Link A-Division Click Here To Download Championship Click Here To Download Masters Click Here To Download Super League Click Here To Download New Membership / Membership Renewal Click Here To Download Rules And Regulations Click Here To Download Invitation Letter Click Here To Download

Read More

AVC Beach Tour 24th Samila 

“Est Cola” AVC Beach Tour 24th Samila Open Beach Volleyball Championship 11th – 17th April 2025 ​ “Est Cola” AVC Beach Tour 24th Samila Open බීච් වොලිබෝල් තරගාවලිය 2025 අප්‍රේල් මස මස 11 දින සිට 17 දින දක්වා තායිලන්තයේ හත්යායි නගරයේ දී පැවැත්වීමට නියමිතව ඇත. ඒ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය හා පිරිමි කණ්ඩායම් දෙකක් සහ කාන්තා කණ්ඩායම් දෙකක් සහභාගි වීමට නියමිතව ඇත. මෙම තරගාවලිය සඳහා කාන්තා සහ පිරිමි අංශය නියෝජනය කරමින් රටවල් 17 බැගින් සහභාගී වීමට නියමිතව ඇතමෙම තරගාවලිය සඳහා සහභාගී වන කණ්ඩායම් පහත පරිදි වේ.පිරිමි කණ්ඩායම්01 -කණ්ඩායම – මලිත් දිල්ෂාන් සිල්වා සහ දිලීප චාමික සේනාරත්න.02 කණ්ඩායම – මධූෂ වික්‍රමසිංහ සහ චානක නලින් පෙරේරාපුහුණුකරු – ඉන්දික ටිරෝන් ජයතිලක මහතා  කාන්තා කණ්ඩායම්01-කණ්ඩායම – දීපිකා බණ්ඩාර සහ කසුනි තාරුකා ලක්‍ෂාණී02- කණ්ඩායම – ෂෙහානි අසංගා සහ චතුරිකා මධුසානි වීරසිංහපුහුණුකරු – තක්ෂිලා නිරන්ජලී මෙම කණ්ඩායම් කළමනාකරු වශයෙන් ශ්‍රිලංකා වොලිබෝල් සම්මේලයේ නියෝජනය කරමින් ධනපාල ජයපත්ම මහතා කටයුතු කරයි ශ්‍රී ලංකා පිරිමි සහ කාන්තා බීච් වොලිබෝල් කණ්ඩායම සමුහ ඡායාරූපයකට පෙනි සිටින ලදි.

Read More