FIVB පුහුණුකරු අදියර III  පාඨමාලාව – 2024 තායිලන්තය

ජාත්‍යන්තර වොලිබෝල් සම්මේලනය (FIVB) මගින් මෙහෙයවනු ලබන වොලිබෝල් පුහුණුකරු අදියර III පාඨමාලාව 2024 නොවැම්බර් මස 18 සිට 25 දින දක්වා තායිලන්තයේ දී පැවැත්වීමට නියමිතව ඇත. මෙම ජාත්‍යන්තර පුහුණුකරු පාඨමාලාව සඳහා ශ්‍රී ලංකාව තුල දැනට වොලිබෝල් ජාත්‍යන්තර පුහුණුකරු අදියර II පාඨමාලාව අවසන් කර අවු: 01 ක් ඉක්මවූ පුහුණුකරුවන් හා පුහුණුකාරිනියන්ගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ.

වොලිබෝල් පුහුණුකරුවකු ලෙස ඔබ දක්වා ඇති දක්ෂතා ඇතුලත්ව ඔබගේ පෞද්ගලික විස්තර, සම්බන්ධ කර ගත හැකි දුරකථන අංක, දැනට ක්‍රියාත්මකව පවතින විද්‍යුත් තැපැල් ලිපිනයක් (Email Address) සහ ඔබගේ වර්තමාන ඡායාරූපයක් අනිවාර්යයෙන් ඇතුලත් කොට ඉංග්‍රීසි බසින් අයදුම්පතක් සකස් කර, වොලිබෝල් පුහුණුකරු අදියර I සහ II පාඨමාලාවේ සහතික පත්‍රයේ පිටපතක් ද සමඟ [email protected] යන විද්‍යුත් ලිපිනයට 2024 සැප්තැම්බර් මස 05 දිනට ප්‍රථම ‍යොමු කරන්න.

එමෙන්ම මේ සමග අමුණා ඇති FIVB Application Form (C-C3 Form) ද සම්පූර්ණ කර, මාස 06 ක වලංගුතාවය ඇති විදේශ ගමන් බලපත්‍රයේ පිටපතක් ද ඔබගේ අයදුම්පතට අමුණා ඉහත සඳහන් විද්‍යුත් තැපැල් ලිපිනයට යොමු කරන්න.

මෙම පාඨමාලාව සඳහා සහභාගී වීමේ දී අයදුම්කරුවන් විසින් සපයාගත යුතු කොන්දේසී

• ලියාපදිංචි ගාස්තු – US $ 100
• නවාතැන් සඳහා පමණක් දිනකට වියදම (ආහාර ඇතුලත්ව)
    Single Room – US $ 100 per day
    Twin Sharing – US $ 80 per day
• ගුවන් ටිකට්පත් (නැවත පැමිණීමේ ටිකට්පතක්)

වැඩිදුර තොරතුරු සඳහා ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය අමතන්න
0112669344

Similar Posts