Ohan Rajapakksha

ඇෆ්ඝනිස්තානය පරාජය කරමින් ශ්‍රී ලංකා කංඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි

මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා වොලිබෝල් කංඩායම සහභාගි වූ තෙවන තරගය ඇෆ්ගනිස්ථානය සමග පැවැත්විණි .එම තරගය තරග වට 3/0ලෙස ජයග්‍රහණය කරන්නට ශ්‍රී ලංකා කංඩායම සමත් වුනා.ශ්‍රී ලංකා කංඩායම සහභාගි වූ පලමු තරගය සහ දෙවන තරගය අනපේක්ෂිත ලෙස පරාජය වුවත් ,පලමු තරගවල අඩුපාඩු සකසා ගනිමින් හොද තරග රටාවක් ප්‍රදර්ශනය කරන්නට ඇෆ්ගනිස්ථානය සමඟ තරගයේ දී  සමත් වුනා.ශ්‍රී ලංකා කන්ඩායම සහභාගි වන මී ළඟ තරගය අනිද්දා දින එනම් 15වෙනි දින ප.ව 1ට ඉරානය සමග පැවැත්වීමට නියමිතය.

Read More

ශ්‍රී ලංකා වොලිබෝල් කංඩායම ඉරානය ප්‍රථම වරට පරාජය කරමින් ඉදිරියට

මධ්‍යම ආසියානු වොලිබෝල්  තරගාවලියේ ශ්‍රී ලංකා ජාතික වොලිබෝල් කංඩායම සහභාගි වූ හතරවන තරගය ඉරානය සමග පැවැත්විණි .ශ්‍රී ලංකා ජාතික වොලිබෝල් කංඩායම තරග වට 3/0ලෙස ඉතිහාසයේ පලමු වරට  ඉරානය පරාජය කරන්නට සමත් වුනා.

Read More

DSI සුපර් ස්පෝර්ටිස් පාසල් වොලිබෝල් තරගාවලිය 2024

අධ්‍යාපන අමාත්‍යාංශය, ශ්‍රී ලංකා පාසල් වොලිබෝල් සංගමය සහ ශ්‍රී ලංකා පාසල් වොලිබෝල් සංගමය එකාබද්ධව ඩී. සැම්සන් සහ පුත්‍ර සමාගමේ (DSI) පූර්ණ අනුග්‍රහයෙන් පැවැත්වෙන DSI සුපර් ස්පෝර්ටිස් පාසල් වොලිබෝල්  තරගාවලිය 22 වන වරට ක්‍රියාත්මක කිරීම සනිටුහන් කරමින් පවත්වන ලද මාධ්‍ය සාකච්ඡාව 2024 මැයි මස 07 දින කොළඹ 02 නිපෝන් හෝටලයේ දී පවත්වන ලදි. අඛණ්ඩව මේ වන විට වසර 21 ක් පවත්වා ඇති මෙම තරගාවලිය මෙම වර්ෂයේ දී වයස අවුරුදු 11 න් පහල, 13 න් පහල, 15න් පහල, 17න් පහල හා 19න් පහල වයස් කාණ්ඩ අනුව බාලක හා බාලිකා වශයෙන් පැවැත්වීමට නියමිතව ඇත. තරගාවලියේ දිස්ත්‍රික් සහ ජාතික මට්ටමේ තරග 2024 ජූනි 15, 16, 22, 23, 29, 30 සහ ජූලි 6, 7, 13, 14, 20, 21 දිනවල පැවැත්වේ. දිස්ත්‍රික් තරගාවලියේ කණ්ඩායම් අතරින් ශූරතාවය සහ අනු ශූරතාවය හිමි කරගන්නා කණ්ඩායම් ජාතික මට්ටමේ තරගාවලිය සඳහා තරග කිරීමට සුදුසුකම් ලබා ගනු ඇත. ජාතික මට්ටමේ තරග 2024 අගෝස්තු 7 සිට 11 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත අතර  2024 DSI සුපර් ස්පෝර්ටිස් පාසල් වොලිබෝල් තරගාවලියේ අවසන් මහා තරග නොවැම්බර් 2 සහ 3 දෙදින පුරා කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත. මෙම තරගාවලියේ සමාරම්භය සනිටුහන් කිරීම සඳහා ඩී. සැම්සන් සහ පුත්‍ර සමාගමේ කළමණාකාර අධ්‍යක්ෂ තුසිත රාජපක්ෂ මහතා විසින් ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ ගරු සභාපති , ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුවේ උප සභාපති කංචන ජයරත්න මැතිතුමා හට අනුග්‍රාහක චෙක්පත  ලබාදීම සිදු කරන ලදි. එම අවස්ථාවේ දී ලබා ගත් සමුහ ඡායා රූපය පහත දක්වා ඇත Download Sinhala Form Download Tamil Form මෙම තරගාවලිය පිළිබඳ වැඩිදුර තොරතුරු සඳහා 011-2669344 අංකයෙන් ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ අමතා හෝ දිස්ත්‍රික් 25 සම්බන්ධීකරණ නිලධාරීන් මගින් හෝ ශ්‍රී ලංකා පාසල් වොලිබෝල් සංගමයේ ලේකම් චමින්ද කුමාර මහතා 0773329702 අංකයෙන් අමතා ලබා ගත හැක. සම්පුර්ණ කරන ලද අයදුම්පත්‍ර ලඟම පිහිටි DSI ප්‍රදර්ශානාරයට හෝ DSI ප්‍රධාන කාර්යාලයේ අලෙවි අංශය,ඩී. සැම්සන් සහ පුත්‍රයෝ සමාගම, නො.257,හයිලෙවල් පාර,නාවින්න,මහරගම වෙත යොමු කරන්න.අයදුම්පත්‍ භාර ගැනීම 2024 මැයි මස 31 වනදා අවසන් වේ.

Read More

Get 30% off your first purchase

X