
Sunquick National Beach Volleyball Championship 2024
සන්කුවික් ජාතික බීච් වොලිබෝල් ශූරතා තරඟාවලිය 2024 සන්කුවික් ජාතික බීච් වොලිබෝල් ශූරතා තරඟාවලිය 2024 හි විවෘත පිරිමි අවසන් තරඟය සදහා Sri Lanka Airforce – A සහ Sri Lanka Army – B යන කණ්ඩායම් දෙක තේරී පත් විය. මෙහිදී පලමු වටය ලකුණ 21ට 15 ක් ලෙස අවසන් වූ අතර දෙවන වටය ලකුණු 21ට 16 ක් ලෙස Sri Lanka Army – B කණ්ඩායම ජයග්‍රහණය කරන ලදි. ඒ අනුව පිරිමි විවෘත අංශයෙහි ශූරතාවය Sri Lanka Army – B කණ්ඩායම අත් කරගන්නා ලදි. මෙහිදී නලීන් පෙරේරා සහ මධුෂ වික්‍රමසිංහ එම කණ්ඩායම නියෝජනය කරන ලදි. මෙම තරඟාවලියෙහි කාන්තා විවෘත අවසන් තරඟය සඳහා Sri Lanka Navy – A සහ Sri Lanka Navy – B යන කණ්ඩායම් දෙක තේරී පත් විය. මෙහිදී පලමු වටය ලකුණ 21ට 17 ක් ලෙස අවසන් වූ අතර දෙවන වටය ලකුණු 21ට 17ක් ලෙස Sri Lanka Navy – A කණ්ඩායම ජයග්‍රහණය ලදි. ඒ අනුව කාන්තා විවෘත අංශයෙහි ශූරතාවය Sri Lanka Navy – A කණ්ඩායම දිනා ගන්නා ලදි. මෙහිදී කසුනි තාරුකා සහ දීපිකා බණ්ඩාර එම කණ්ඩායම නියෝජනය කරන ලදි. පිරිමි 25 න් පහල පිරිමි අවසන් තරඟය Negombo Youth කණ්ඩායම සහ Sri Lanka Air Force කණ්ඩායම අතර පැවැත්වුණු අතර, 2ට 1ක් වශයෙන් (21/14, 24/22,15/13) Sri Lanka Air Force කණ්ඩායම ජයග්‍රහණය කරන ලදි. සඳුන් බණ්ඩාර සහ මේලක හේෂාන් එම කණ්ඩායම නියෝජනය කරන ලදි. මෙම තරඟාවලියෙහි කාන්තා 25න් පහල අවසන් තරඟය සඳහා MAS Casualline Sports Club B සහ Sri Lanka Air Force යන කණ්ඩායම් දෙක තේරිපත් වූ අතර 2ට 0ක් (21/13, 21/13) ලෙස Sri Lanka Air Force කණ්ඩායම ශූරතාවය අත කරගන්නා ලදි. මෙහිදී සුරේකා දිල්ෂානි සහ ආර්්. එන් ධනංජනී කණ්ඩායම නියෝජනය කරන ලදි. 21 න් පහල පිරිමි අවසන් තරඟය Sri Lanka Airforce සහ St Maris College කණ්ඩායම් දෙක අතර පැවැත්වුණු අතර 2ට 0ක් (21/13, 21/18) ලෙස Sri Lanka Airforce කණ්ඩායම ජයග්‍රහණය ලදි. ඒ අනුව 21 පහල පිරිමි ශූරතාවය Sri Lanka Airforce කණ්ඩායමට හිමි විය. උදයංග ප්‍රනාන්දු සහ හේෂාන් ප්‍රනාන්දු එම කණ්ඩායම නියෝජනය කරන ලදි. 21 න් පහල කාන්තා අවසන් තරඟය සඳහා හුංගම විජයබා ක්‍රී.ස සහ සංඝමිත්තා ක්‍රී.ස බාලිකා කණ්ඩායම් තේරි පත් වූ අතර 2ට 0ක් (21/13 ,21/15) ලෙස හුංගම විජයබා ක්‍රී.ස කණ්ඩායම ජයග්‍රහණය කරන ලදි. තුරුෂි යසාරා සහ හිරුනි ප්‍රබෝධා එම කණ්ඩායම නියෝජනය කරන ලදි. 18 න් පහල කාන්තා අවසන් තරඟය සඳහා Bitulink – A සහ විජයභා ක්‍රී.ස යන කණ්ඩායම් තේරී පත් වූ අතර 2ට 1ක් (21/17,14/21 / 15/12) ලෙස Bitulink A කණ්ඩායම එහි ශූරතාවය ලබා ගන්නා ලදි. ජිනෙෂි මධුෂානී සහ හර්ෂනි නිසංසලා එම කණ්ඩායම නියෝජනය කරන ලදි. 18 න් පහල පිරිමි අවසන් තරඟය සඳහා ලොයෙලා ක්‍රී.ස සහ ජනාධිපති විද්‍යාලය – නාත්තන්ඩිය යන කණ්ඩායම් තේරී පත් වූ අතර 2ට 1ක් (21/14, 12/21 / 15/8) ලෙස ලොයෙලා ක්‍රී.ස කණ්ඩායම එහි ශූරතාවය දිනා ගන්නා ලදි. රෂ්මික ප්‍රනාන්දු සහ සුබෝධ ගිම්හාන් එම කණ්ඩායම නියෝජනය කරන ලදි