Senior Men & Women Selection 2025

CAVA Men’s Nations League තරගාවලිය සඳහා සහභාගී වන ජ්‍යෙෂ්ඨ පිරිමි වොලිබෝල් කණ්ඩායම සහ CAVA Women’s Nations League තරගාවලිය සඳහා සහභාගී වන ජ්‍යෙෂ්ඨ කාන්තා වොලිබෝල් කණ්ඩායම  තේරීම සඳහා සංචිත තේරීමේ පරීක්ෂණ CAVA Men’s Nations League වොලිබෝල් තරගාවලිය 2025 ඔක්තෝබර් මස 22 දින සිට 28 දින දක්වා බංගලාදේශයේ දී සහ CAVA Women’s Nations League වොලිබෝල් තරගාවලිය 2025 නොවැම්බර් මස 06 දින සිට 15 දින දක්වා නේපාලයේ දී පැවැත්වීමට නියමිතව ඇත.   එම තරගාවලි සඳහා සහභාගී වන ජ්‍යෙෂ්ඨ පිරිමි සහ කාන්තා වොලිබෝල් කණ්ඩායම් තේරීම සඳහා සංචිත තේරීමේ පරීක්ෂණ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් ටොරින්ටන් ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී පහත සඳහන් අයුරින් පැවැත්වීමට සුදානම් කර ඇත. තවද 2025 ජුලි 01 දින තේරීම් පරීක්ෂණයෙන් සමත් පිරිමි ක්‍රීඩකයින් 2025 ජුලි 02 දින තේරීම් පරීක්ෂණය සඳහා සුදුසුකම් ලබන අතර 2025 ජුලි 03 දින තේරීම් පරීක්ෂණයෙන් සමත් කාන්තා ක්‍රීඩිකාවන් 2025 ජුලි 04 දින තේරීම් පරීක්ෂණය සඳහා සුදුසුකම් ලබනු ඇත.   මෙම තේරීම් පරීක්ෂණ සඳහා ඉදිරිපත් වීමට කැමති පිරිමි ක්‍රීඩකයින් 2025 ජුලි මස 01 දින පෙ.ව.8.00 ට සහ කාන්තා  ක්‍රීඩිකාවන් 2025 ජුලි මස 03 දින පෙ.ව.8.00 ට ත් ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් ටොරින්ටන් ගෘහස්ථ ක්‍රීඩාංගණයට වාර්තා කරන ලෙස දන්වා සිටියි. වැඩිදුර විස්තර සඳහා ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය – 0112669344 අමතන්න Sri Lanka Volleyball Federation Indoor Volleyball Players Selection Criteria Download Players Selection Criteria Click here

Read More

22nd DSI School Volleyball Tournament 2024

DSI පාසල් වොලිබෝල් තරඟාවලිය 2024 DSI පාසල් වොලිබෝල් තරඟාවලිය දිස්ත්‍රික් සහ ජාතික මට්ටමින් තරඟ අවසන් කර අවසන් මහා තරග 2024 නොවැම්බර් මස 29 සහ 30 යන දිනයන් හී දී සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ දී ගරු ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න මැතිතුමා, අධ්‍යාපන අමාත්‍යාංශයේ නිළධාරීන්, DSI ආයතනයේ කළමණාකාර අධ්‍යක්ෂ තුසිත රාජපක්ෂ මහතාගේ සහ ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ සභාපති ගරු කංචන ජයරත්න මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදි. මේ සඳහා DSI ආයතනය අනුග්‍රහය දක්වන ලදි.මෙවර තරඟාවලිය අවු: 11,13,15,17 සහ 19 පහල වයස් කාණ්ඩයන් මගින් පවත්වන ලදි. මෙහිදී බාලක හා බාලිකා අංශයෙන් එම තරඟාවලියේ පැවැත්වූ අවසන් තරඟ හී ප්‍රතිථල පහත දක්වා ඇත 11න් පහළ බාලිකා• ශූරතාවය – ධම්මිස්සර ජාතික පාසල නාත්තන්ඩිය• අනු ශූරතාවය – ශ්‍රී රාහුල විද්‍යාලය – අනුරාධපුරය• 03 වන ස්ථානය – රෙජී රණතුංග විද්‍යාලය, මිනුවන්ගොඩ 11න් පහළ බාලක• ශූරතාවය – ධම්මිස්සර ජාතික පාසල, නාත්තන්ඩිය• අනු ශූරතාවය – රෙජී රණතුංග විද්‍යාලය මිනුවන්ගොඩ• 03 වන ස්ථානය – ලූර්දු මහා විද්‍යාලය, නාත්තන්ඩිය 13න් පහළ බාලිකා• ශූරතාවය – ධම්මිස්සර ජාතික පාසල – නාත්තන්ඩිය• අනු ශූරතාවය – මාබිම විද්‍යාකර මහා විද්‍යාලය ගම්පහ• 03 වන ස්ථානය – කොලොන්න මහා විද්‍යාලය,  කොලොන්න 13න් පහළ බාලක• ශූරතාවය – ධම්මිස්සර ජාතික පාසල – නාත්තන්ඩිය• අනු ශූරතාවය – ශ්‍රී සේන විද්‍යාලය, ඉඹුලාන• 03 වන ස්ථානය – ධර්මපාල විද්‍යාලය, ඇහැලියගොඩ15න් පහළ බාලිකා• ශූරතාවය – විජයබා ජාතික පාසල- හුංගම• අනු ශූරතාවය – විජයබා මධ්‍ය විද්‍යාලය – මහව• 03 වන ස්ථානය – ධම්මිස්සර ජාතික පාසල, නාත්තන්ඩිය 15න් පහළ බාලක• ශූරතාවය – ධම්මිස්සර ජාතික පාසල – නාත්තන්ඩිය• අනු ශූරතාවය – රාජසිංහ මධ්‍ය විද්‍යාලය -රුවැන්වැල්ල• 03 වන ස්ථානය – ධර්මපාල විද්‍යාලය, ඇහැලියගොඩ 17න් පහළ බාලිකා• ශූරතාවය – වික්‍රමශිලා ජාතික පාසල – ගිරිඋල්ල• අනු ශූරතාවය – විජයබා ජාතික පාසල – හුංගම• 03 වන ස්ථානය – වාඩියගොඩ මහා විද්‍යාලය, වාඩියගොඩ 17න් පහළ බාලක• ශූරතාවය – ධම්මිස්සර ජාතික පාසල  – නාත්තන්ඩිය• අනු ශූරතාවය – ජනාධිපති ජාතික පාසල  – නාත්තන්ඩිය • 03 වන ස්ථානය – වලගම්බා මහා විද්‍යාලය, ගලපිටමඩ 19න් පහළ බාලිකා• ශූරතාවය – විජයබා ජාතික පාසල – හුංගම  • අනු ශූරතාවය – රාජසිංහ මධ්‍ය විද්‍යාලය – රුවන්වැල්ල• 03 වන ස්ථානය – සංඝමිත්තා බාලිකා මහා විද්‍යාලය, කිරිදිවැල 19න් පහළ බාලක• ශූරතාවය – රාජසිංහ මධ්‍ය විද්‍යාලය – රුවැන්වැල්ල • අනු ශූරතාවය – පන්නල ජාතික පාසල – පන්නල• 03 වන ස්ථානය – ධම්මිස්සර ජාතික පාසල  නාත්තන්ඩිය

Read More

Sunquick National Beach Volleyball Championship 2024

සන්කුවික් ජාතික බීච් වොලිබෝල් ශූරතා තරඟාවලිය 2024 සන්කුවික් ජාතික බීච් වොලිබෝල් ශූරතා තරඟාවලිය 2024 හි විවෘත පිරිමි අවසන් තරඟය සදහා Sri Lanka Airforce – A සහ Sri Lanka Army – B යන කණ්ඩායම් දෙක තේරී පත් විය. මෙහිදී පලමු වටය ලකුණ 21ට 15 ක් ලෙස අවසන් වූ අතර දෙවන වටය ලකුණු 21ට 16 ක් ලෙස Sri Lanka Army – B කණ්ඩායම ජයග්‍රහණය කරන ලදි. ඒ අනුව පිරිමි විවෘත අංශයෙහි ශූරතාවය Sri Lanka Army – B කණ්ඩායම අත් කරගන්නා ලදි. මෙහිදී නලීන් පෙරේරා සහ මධුෂ වික්‍රමසිංහ එම කණ්ඩායම නියෝජනය කරන ලදි. මෙම තරඟාවලියෙහි කාන්තා විවෘත අවසන් තරඟය සඳහා Sri Lanka Navy – A සහ Sri Lanka Navy – B යන කණ්ඩායම් දෙක තේරී පත් විය. මෙහිදී පලමු වටය ලකුණ 21ට 17 ක් ලෙස අවසන් වූ අතර දෙවන වටය ලකුණු 21ට 17ක් ලෙස Sri Lanka Navy – A කණ්ඩායම ජයග්‍රහණය ලදි. ඒ අනුව කාන්තා විවෘත අංශයෙහි ශූරතාවය Sri Lanka Navy – A කණ්ඩායම දිනා ගන්නා ලදි. මෙහිදී කසුනි තාරුකා සහ දීපිකා බණ්ඩාර එම කණ්ඩායම නියෝජනය කරන ලදි. පිරිමි 25 න් පහල පිරිමි අවසන් තරඟය Negombo Youth කණ්ඩායම සහ Sri Lanka Air Force  කණ්ඩායම අතර පැවැත්වුණු අතර, 2ට 1ක් වශයෙන් (21/14, 24/22,15/13) Sri Lanka Air Force කණ්ඩායම ජයග්‍රහණය කරන ලදි. සඳුන් බණ්ඩාර සහ මේලක හේෂාන් එම කණ්ඩායම නියෝජනය කරන ලදි. මෙම තරඟාවලියෙහි කාන්තා 25න් පහල අවසන් තරඟය සඳහා MAS Casualline Sports Club B සහ Sri Lanka Air Force යන කණ්ඩායම් දෙක තේරිපත් වූ අතර 2ට 0ක් (21/13, 21/13) ලෙස Sri Lanka Air Force කණ්ඩායම ශූරතාවය අත කරගන්නා ලදි. මෙහිදී සුරේකා දිල්ෂානි සහ ආර්්. එන් ධනංජනී කණ්ඩායම නියෝජනය කරන ලදි. 21 න් පහල පිරිමි අවසන් තරඟය Sri Lanka Airforce සහ St Maris College කණ්ඩායම් දෙක අතර පැවැත්වුණු අතර 2ට 0ක් (21/13, 21/18) ලෙස Sri Lanka Airforce කණ්ඩායම ජයග්‍රහණය ලදි. ඒ අනුව 21 පහල පිරිමි ශූරතාවය Sri Lanka Airforce කණ්ඩායමට හිමි විය. උදයංග ප්‍රනාන්දු සහ හේෂාන් ප්‍රනාන්දු එම කණ්ඩායම නියෝජනය කරන ලදි.  21 න් පහල කාන්තා අවසන් තරඟය සඳහා හුංගම විජයබා ක්‍රී.ස සහ සංඝමිත්තා ක්‍රී.ස  බාලිකා කණ්ඩායම් තේරි පත් වූ අතර 2ට 0ක් (21/13 ,21/15) ලෙස හුංගම විජයබා ක්‍රී.ස කණ්ඩායම ජයග්‍රහණය කරන ලදි. තුරුෂි යසාරා සහ හිරුනි ප්‍රබෝධා එම කණ්ඩායම නියෝජනය කරන ලදි. 18 න් පහල කාන්තා අවසන් තරඟය සඳහා Bitulink – A සහ විජයභා ක්‍රී.ස  යන කණ්ඩායම් තේරී පත් වූ අතර 2ට 1ක් (21/17,14/21 / 15/12) ලෙස Bitulink A කණ්ඩායම එහි ශූරතාවය ලබා ගන්නා ලදි. ජිනෙෂි මධුෂානී සහ හර්ෂනි නිසංසලා එම කණ්ඩායම නියෝජනය කරන ලදි. 18 න්  පහල පිරිමි අවසන් තරඟය සඳහා ලොයෙලා ක්‍රී.ස සහ ජනාධිපති විද්‍යාලය – නාත්තන්ඩිය යන කණ්ඩායම් තේරී පත් වූ අතර 2ට 1ක් (21/14, 12/21 / 15/8) ලෙස ලොයෙලා ක්‍රී.ස කණ්ඩායම එහි ශූරතාවය දිනා ගන්නා ලදි. රෂ්මික ප්‍රනාන්දු සහ සුබෝධ ගිම්හාන් එම කණ්ඩායම නියෝජනය කරන ලදි

Read More

Get 30% off your first purchase

X