Ohan Rajapakksha

2026 වයස අවුරුදු 18 න් පහළ ජාතික කණ්ඩායම් (පිරිමි/කාන්තා) තේරීම් සැසිය

2026 වයස අවුරුදු 18 න් පහළ ජාතික කණ්ඩායම් (පිරිමි/කාන්තා) තේරීම් සැසිය 2026 වයස අවුරුදු 18 න් පහළ ජාතික කණ්ඩායම් (පිරිමි/කාන්තා) තේරීම් කටයුතු 2026 පෙබරවාරි 9 සිට 12 දක්වා වත්පිටිවල ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන මධ්‍යම ආසියානු වොලිබෝල් සංගමයේ (CAVA) 2026 තරඟාවලිය ඉලක්ක කර ගනිමින් සිදුවෙමින් පවතී. මේ වන විට ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයෙන්ම ක්‍රීඩකයින් 350 කට වැඩි පිරිසක් සහභාගී වී ඇත.

Read More

BEACH VOLLEYBALL REFEREES’ WORKSHOP LAUNCHED AT NEGOMBO BEACH

BEACH VOLLEYBALL REFEREES’ WORKSHOP LAUNCHED AT NEGOMBO BEACH Negombo Beach hosted the opening of a national Beach Volleyball Referees’ Workshop, organised by the Beach Volleyball Commission of Sri Lanka Volleyball Federation, bringing together beach volleyball referees from across the country. The workshop is designed to strengthen referees’ theoretical understanding and practical officiating skills, in line with international beach volleyball standards. Classroom sessions and on-court practical training will guide officials on modern rules, match control, and game management.             Highlighting Sri Lanka’s identity as an island nation, organisers emphasised that beach volleyball is a natural and high-potential sport for the country, both at a competitive level—aiming for international medals—and as an adventure sport with strong tourism and commercial value. This programme marks the beginning of a regular referee development initiative, ensuring continuous improvement and long-term growth. As part of its future vision, the Commission plans to establish officially registered beach volleyball coaches’ and referees’ squads, enabling organisations and event organisers to access qualified officials through the Beach Volleyball Commission.             The event was made possible with the strong support of the Negombo Tourist Association, the principal sponsor of the workshop. Special appreciation was extended to Mr. Warnakumara, Chairman of the Negombo Tourist Association, for his leadership and commitment in helping bring this initiative to live. The certificate awarding ceremony was graced by the Secretary of the Beach Volleyball Commission, Commander Madushan Silva, the Chairman of the Negombo Tourist Association, along with distinguished dignitaries from the Sri Lanka Police and other invited officials from the volleyball fraternity.             The workshop continued over the last two days, marking an important step in elevating beach volleyball officiating and promoting the sport across Sri Lanka

Read More

CAVA Nations Cup 2025 – බංගලාදේශය

CAVA Nations Cup 2025 – බංගලාදේශය CAVA Nations Cup 2025 වොලිබෝල් තරගාවලිය 2025 ඔක්තෝබර් මස 20 දින සිට 29 දින දක්වා බංගලාදේශයේ දී පැවැත්වීමට නියමිතවඇත. ඒ සඳහා සහභාගී වන ශ්‍රී ලංකා ජ්‍යෙෂ්ඨ පිරිමි වොලිබෝල් කණ්ඩායම 2025 ඔක්තෝබර් මස 20 දින ශ්‍රී ලංකාවෙන් පිටත් වීමට නියමිතව ඇත. මෙම තරගාවලිය සඳහා බංගලාදේශය, නේපාලය, මාල දිවයින, ටර්කිමස්ථානය, ඇෆ්ගනිස්ථානය සහ  ශ්‍රී ලංකාව යව රටවල් සහභාගී වීමට නියමිතව ඇත. මෙම තරගාවලිය සඳහා සහභාගී වන ජ්‍යෙෂ්ඨ පිරිමි වොලිබෝල් කණ්ඩායමේ නායකයා ලෙස අයේෂ් දිල්හාන් කටයුතු කරනු ලබන අතර ප්‍රධාන පුහුණුකරු ලෙස කාලික වසන්තප්‍රිය මහතා සහභාගී විමට නියමිතව ඇත. එම කණ්ඩායම මෙම තරගාවලියට සහභාගී වීමට ප්‍රථම ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ ගරු සභාපති ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතා සමග සමුහ ඡායාරූපයකට පෙනී සිටින ලදි. පසුපෙල (වමේ සිට) ජී.තිලක්රාජ්, අකිදු සත්සර, ලහිරු මධුවන්ත. චරිත උදයංග, මන්ජුල නලීන්, ශෂි ලක්ෂාන්, වසන්ත ලක්මාල්, ලසිදු මෙත්මාල්, දීප්ති රොමේෂ්, නලීන් සංජීව, දුලංජන් සන්දීප, මෙහොමඩ් තාහීර්, විමුක්ති සාගර ඉදිරිපෙල වමේ සිට ෂමිල් මලින්ද – අභ්‍යාසක, මහින්ද බණ්ඩාර –  උප සභාපති ශ්‍රීලංකා වොලිබෝල් සම්මේලනය, කාලික වසන්තප්‍රිය – ප්‍රධන පුහුණුකරු. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්ති සජීව මැදවත්ත – සභාපති ශ්‍රීලංකා වොලිබෝල් සම්මේලනය, අයේෂ් දිල්හාන් – කණ්ඩායම් නායක, තෙනුක මලින්ද – කළමණාකරු සහ මිල්රෝයි තිසේරා – සහාය පුහුණුකරු   මෙම තරගාවලියේ තරග සටහන පහත දක්වා ඇත.

Read More

Good achievement of the SLVF to meet the leader of FIVB

Good achievement of the SLVF to meet the leaders of FIVB General Secretary of the Sri Lanka Volleyball Federation, Wing Commander Akhila De Alwis, met with Mr. Hitesh Malhotra, Head of FIVB Empowerment and NF Relations, and Mr. Mehdi Mhidi, FIVB International Transfer Coordinator & Legal Counsel, during his visit to the FIVB and International Olympic Committee headquarters in Lausanne, Switzerland. The discussion focused on bringing foreign coaches to support national team development, acquiring volleyball equipment for local use, and enhancing the process of international player transfers to provide Sri Lankan athletes with more opportunities on the global stage

Read More

National Men’s Volleyball Pool Training Begins

National Men’s Volleyball Pool Training Begins The Sri Lanka Volleyball Federation officially commenced National Pool Training on 15th September 2025, in preparation for the CAVA Men’s Nations Cup to be held in Dhaka, Bangladesh.A total of 30 players were selected during the national selection trials conducted on 11th September at the Torrington Indoor Stadium. These talented players will undergo intensive training as they represent the strength and spirit of Sri Lanka on the international stage.

Read More

CAVA U-19 Women Volleyball Championship 2025 – Sri Lanka තරගාවලිය සඳහා සහභාගී වන පුහුණුකරුවන් පත් කිරීම

CAVA U-19 Women Volleyball Championship 2025 – Sri Lanka තරගාවලිය සඳහා සහභාගී වන පුහුණුකරුවන් පත් කිරීම මධ්‍යම ආසියානු වොලිබෝල් සම්මේලනයේ ආරාධනයකට අනුව ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය සංවිධානය කරනු ලබන CAVA U-19 Women Volleyball Championship 2025 වොලිබෝල් තරගාවලිය රටවල් 06 ක සහභාගීත්වයෙන් 2025 නොවැම්බර් මස 01 දින සිට 10 දින දක්වා සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණය කේන්ද්‍ර කර ගනිමින්  පැවැත්වීමට සියලු කටයුතු සුදානම් කර ඇත. ඒ සඳහා ශ්‍රී ලංකා අවු. 19 න් පහළ කාන්තා වොලිබෝල් කණ්ඩායම සහභාගී කරවීමට ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය තීරණය කර ඇත. එම තරගාවලිය සඳහා සහභාගී වන කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු, සහාය පුහුණුකරු  සහ අභ්‍යාසක යන තනතුරු සඳහා පුහුණුකරුවන් තෝරා ගැනීමට 2025 ජුනි මස 30 දින දක්වා පුහුණුකරුවන්ගෙන් අයදුම්පත් කැඳවන ලදි. එම පුහුණුකරුවන් තෝරා ගැනීම සඳහා පහත නම් සඳහන් නිලධාරීන්ගෙන් සමන්විත ස්වාධීන කමිටුවක් ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය පත් කරන ලදි.  01 කමාන්ඩර් කේ.ජී.සී.එම් කාරියවසම් – සභාපති – උප සභාපති, ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය 02 ධනපාල ජයපත්ම මහතා – සාමාජික – ප්‍රධාන සංවිධායක, ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය 03 ඊ. එම්.එල්. සී ඒකනායක මහතා – සාමාජික – හිටපු සභාපති – ශ්‍රී ලංකා වොලිබෝල් තේරීම් කමිටුව 04 රුවන් ප්‍රදීප් පෙරේරා මහතා – සාමාජික, ජාතික ක්‍රීඩා තේරීම් කමිටු නියෝජිත 05 එස්. පී. ඩී. සිල්වා මහතා – සාමාජික, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තු නියෝජිත  ඒ අනුව මෙම පුහුණුකරුවන් තෝරා ගැනීමේ තෝරා ගැනීමේ සම්මුඛ පරීක්ෂණය ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව අනුමත කරන ලද පුහුණුකරුවන් තේරීමේ පටිපාටියට අනුව 2025 අගෝස්තු මස 06 දින පෙ.ව. 9.00 සිට ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලන ප්‍රධාන කාර්යාලයේ දී පවත්වන ලදි. එම සම්මුඛ පරීක්ෂණයේ දී ප්‍රධාන පුහුණුකරු, සහාය පුහුණුකරු  සහ අභ්‍යාසක යන තනතුරු සඳහා පුහුණුකරුවන් තෝරා ගැනීමේ ස්වාධීන කමිටුව මගින් පහත නම් සඳහන් පුහුණුකරුවන් තෝරා ගන්නා ලදි. ප්‍රධාන පුහුණුකරු  – ජේ.එම්.සී චාර්ල්ස් තිලකරත්න මහතාසහාය පුහුණුකරු – එන්.ඒ උදය රුක්මාල් මහතාඅභ්‍යාසක – ජේ. ඒ.ඩී. නිලංග රුෂාන් ජයකොඩි මහතා

Read More

U-19 (Female) Central Asian Volleyball ( CAVA) Championship – Selection Announcement

U-19 (Female) Central Asian Volleyball ( CAVA) Championship – Selection Announcement The initial selection trials for the U-19 Central Asian Volleyball Female Team were successfully held on 9th July 2025 at the Torinton indoor courts, Colombo 07. A total of 96 talented candidates participated in these competitive trials. After a thorough evaluation by the national selection committee, 45 outstanding players were selected for the second selection. SLVF extend our warmest congratulations to all the selected players for their remarkable achievements.

Read More

CAVA JUNIOR WOMEN’S VOLLEYBALL CHAMPIONSHIP – 3rd – 10th NOVEMBER, 2025 SRI LANKA

Central Asian Volleyball ( CAVA) U-19 Girls Volleyball Championship – 1st Selection Announcement The initial selection trials for the U-19 Central Asian Volleyball Girls Team were successfully held on 9th July 2025 at the Torrington indoor Stadium, Colombo 07. A total of 90 talented candidates participated in these competitive trials. After a thorough evaluation by the National Volleyball Selection committee, 45 outstanding players were selected for the second selection.  SLVF extend our warmest congratulations to all the selected players for their remarkable achievements. Selected Players are as follows

Read More

Sri Lanka Hosts First-Ever World Volleyball Day Celebration

Sri Lanka Hosts First-Ever World Volleyball Day Celebration In a historic move to elevate the national sport of Volleyball, Sri Lanka celebrated its first-ever World Volleyball Day today at the Police Training School Volleyball Courts in Kalutara. The landmark event was held under the guidance of Senior DIG Sajeewa Medawatta, President of the Sri Lanka Volleyball Federation. The celebration brought together key figures in the sport, including Wing Commander Akhila de Alwis, General Secretary of the Sri Lanka Volleyball Federation, along with several committee members and representatives from across the Volleyball community. The celebration marks an important milestone in Sri Lanka’s sporting calendar and reaffirms the country’s role in the regional volleyball scene. Organizers expressed hope that the World Volleyball Day would become an annual fixture, aimed at encouraging young athletes and strengthening the country’s position in international volleyball.

Read More

Sri Lanka Women’s Volleyball – Preliminary Selection Announcement for CAVA Women’s League – 2025​

Sri Lanka Women’s Volleyball – Preliminary Selection Announcement for CAVA Women’s League – 2025​ Sri Lanka Volleyball Federation pleased to announce the names of 26 players who have been selected following the 1st round of selection trials held on 3rd and 4th July 2025 at the Torinton Indoor Stadium, Colombo 07, in preparation for the upcoming CAVA Women’s League, scheduled to take place from 06th to 15th November 2025. A total of 38 players participated in the trials, and the following players were shortlisted by the Selection Committee: Mr. KMK Sunil, Mr. NA Palitha Napagoda, Mrs. BK Anusha Deepani, Mrs. HM Chamika Nadee, and Mrs. HM Mangalika Wasanthi. High Attackers KL Perera KMCA Wasanthi J Thilakshana MSAS Senavirathna KP Wasana SGDH Senarathna HMC Poornima HDNG Gunawardhana AMPP Abeysinghe GGTM Wasanthapriya WHMYN Wanninayaka Quick Attackers EMS Karunarathna Samara Nishadhi WKP Bhashini WSD Hadapangoda MHAM Priyamali AMM Dilrukshi WKP Bhagya Setters HPDC Ranaweera Pooja Aththanayaka HMTM Herath Sachini Charuka Liberos Dinusha Sanjeewani EM Tharushi Ayodya K Lashiniya RM Nirosha Maduwanthi

Read More

Coaches Selection – 2025

2025 වර්ෂයේ ජ්‍යෙෂ්ඨ හා කණිෂ්ඨ ජාතික වොලිබෝල් සහ බීච් වොලිබෝල් කාන්තා සහ පිරිමි කණ්ඩායම් සඳහා පුහුණුකරුවන් තෝරා ගැනීම. මධ්‍යම ආසියානු වොලිබෝල් සම්මේලනයේ දින දර්ශනය අනුව 2025 වර්ෂයේ ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය විසින් පහත සඳහන් ජ්‍යෙෂ්ඨ හා කණිෂ්ඨ කාන්තා සහ පිරිමි වොලිබෝල් සහ බීච් වොලිබෝල් තරගාවලි සඳහා සහභාගී වීමට නියමිතව ඇති අතර එම කණ්ඩායම් හී පහත සඳහන් තනතුරු සඳහා අයදුම්පත් කැඳවීමට ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය තීරණය කර ඇත. වොලිබෝල් පුහුණුකරුවකු ලෙස ඔබගේ සියලු සුදුසුකම්, දක්වා ඇති දක්ෂතා ඇතුලත්ව ඔබගේ පෞද්ගලික විස්තර, සම්බන්ධ කර ගත හැකි දුරකථන අංක, දැනට ක්‍රියාත්මකව පවතින විද්‍යුත් තැපැල් ලිපිනයක් (Email Address) සහ ඡායා රූපයක් අනිවාර්යයෙන් ඇතුලත් කොට සකස් කරන ලද අයදුම්පතක් [email protected] විද්‍යුත් ලිපිනයට හෝ ලියාපදිංචි තැපෑලෙන් 2025 ජුනි මස 30 දිනට ප්‍රථම පහත සඳහන් ලිපිනයට යොමු කරන්න. ප්‍රධාන ලේකම්,ශ්‍රි ලංකා වොලිබෝල් සම්මේලනයනො: 33ටොරින්ටන් පෙදෙසකොළඹ 07. අයදුම්පත්‍රය යොමු කිරීමේදී ඉල්ලුම් කරන කන්ඩායම සහ ඉල්ලුම් කරන තනතුරු අයදුම්පත්‍රයේ ඉහලින් සඳහන් කිරීම අනිවාර්ය වේ. විංග් කමාන්ඩර් එච්කේඒ ද අල්විස්ප්‍රධාන ලේකම්ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය තවද මෙම සබැදියාවේ සඳහන් කර ඇති Online Application ෆෝරමය සම්පූර්ණ කිරීම ද අනිවාර්යයෙන් සිදු කල යුතු වේ. This form is mandatory to fill out (Click Here) Selection of Volleyball Coaches for National Teams Selection of Trainers / Coaches Selection Criteria DOWNLOAD COACHES SELECTION CRITERIA Click here

Read More

Senior Men & Women Selection 2025

CAVA Men’s Nations League තරගාවලිය සඳහා සහභාගී වන ජ්‍යෙෂ්ඨ පිරිමි වොලිබෝල් කණ්ඩායම සහ CAVA Women’s Nations League තරගාවලිය සඳහා සහභාගී වන ජ්‍යෙෂ්ඨ කාන්තා වොලිබෝල් කණ්ඩායම  තේරීම සඳහා සංචිත තේරීමේ පරීක්ෂණ CAVA Men’s Nations League වොලිබෝල් තරගාවලිය 2025 ඔක්තෝබර් මස 22 දින සිට 28 දින දක්වා බංගලාදේශයේ දී සහ CAVA Women’s Nations League වොලිබෝල් තරගාවලිය 2025 නොවැම්බර් මස 06 දින සිට 15 දින දක්වා නේපාලයේ දී පැවැත්වීමට නියමිතව ඇත.   එම තරගාවලි සඳහා සහභාගී වන ජ්‍යෙෂ්ඨ පිරිමි සහ කාන්තා වොලිබෝල් කණ්ඩායම් තේරීම සඳහා සංචිත තේරීමේ පරීක්ෂණ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් ටොරින්ටන් ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී පහත සඳහන් අයුරින් පැවැත්වීමට සුදානම් කර ඇත. තවද 2025 ජුලි 01 දින තේරීම් පරීක්ෂණයෙන් සමත් පිරිමි ක්‍රීඩකයින් 2025 ජුලි 02 දින තේරීම් පරීක්ෂණය සඳහා සුදුසුකම් ලබන අතර 2025 ජුලි 03 දින තේරීම් පරීක්ෂණයෙන් සමත් කාන්තා ක්‍රීඩිකාවන් 2025 ජුලි 04 දින තේරීම් පරීක්ෂණය සඳහා සුදුසුකම් ලබනු ඇත.   මෙම තේරීම් පරීක්ෂණ සඳහා ඉදිරිපත් වීමට කැමති පිරිමි ක්‍රීඩකයින් 2025 ජුලි මස 01 දින පෙ.ව.8.00 ට සහ කාන්තා  ක්‍රීඩිකාවන් 2025 ජුලි මස 03 දින පෙ.ව.8.00 ට ත් ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් ටොරින්ටන් ගෘහස්ථ ක්‍රීඩාංගණයට වාර්තා කරන ලෙස දන්වා සිටියි. වැඩිදුර විස්තර සඳහා ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය – 0112669344 අමතන්න Sri Lanka Volleyball Federation Indoor Volleyball Players Selection Criteria Download Players Selection Criteria Click here

Read More

22nd DSI School Volleyball Tournament 2024

DSI පාසල් වොලිබෝල් තරඟාවලිය 2024 DSI පාසල් වොලිබෝල් තරඟාවලිය දිස්ත්‍රික් සහ ජාතික මට්ටමින් තරඟ අවසන් කර අවසන් මහා තරග 2024 නොවැම්බර් මස 29 සහ 30 යන දිනයන් හී දී සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ දී ගරු ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න මැතිතුමා, අධ්‍යාපන අමාත්‍යාංශයේ නිළධාරීන්, DSI ආයතනයේ කළමණාකාර අධ්‍යක්ෂ තුසිත රාජපක්ෂ මහතාගේ සහ ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ සභාපති ගරු කංචන ජයරත්න මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදි. මේ සඳහා DSI ආයතනය අනුග්‍රහය දක්වන ලදි.මෙවර තරඟාවලිය අවු: 11,13,15,17 සහ 19 පහල වයස් කාණ්ඩයන් මගින් පවත්වන ලදි. මෙහිදී බාලක හා බාලිකා අංශයෙන් එම තරඟාවලියේ පැවැත්වූ අවසන් තරඟ හී ප්‍රතිථල පහත දක්වා ඇත 11න් පහළ බාලිකා• ශූරතාවය – ධම්මිස්සර ජාතික පාසල නාත්තන්ඩිය• අනු ශූරතාවය – ශ්‍රී රාහුල විද්‍යාලය – අනුරාධපුරය• 03 වන ස්ථානය – රෙජී රණතුංග විද්‍යාලය, මිනුවන්ගොඩ 11න් පහළ බාලක• ශූරතාවය – ධම්මිස්සර ජාතික පාසල, නාත්තන්ඩිය• අනු ශූරතාවය – රෙජී රණතුංග විද්‍යාලය මිනුවන්ගොඩ• 03 වන ස්ථානය – ලූර්දු මහා විද්‍යාලය, නාත්තන්ඩිය 13න් පහළ බාලිකා• ශූරතාවය – ධම්මිස්සර ජාතික පාසල – නාත්තන්ඩිය• අනු ශූරතාවය – මාබිම විද්‍යාකර මහා විද්‍යාලය ගම්පහ• 03 වන ස්ථානය – කොලොන්න මහා විද්‍යාලය,  කොලොන්න 13න් පහළ බාලක• ශූරතාවය – ධම්මිස්සර ජාතික පාසල – නාත්තන්ඩිය• අනු ශූරතාවය – ශ්‍රී සේන විද්‍යාලය, ඉඹුලාන• 03 වන ස්ථානය – ධර්මපාල විද්‍යාලය, ඇහැලියගොඩ15න් පහළ බාලිකා• ශූරතාවය – විජයබා ජාතික පාසල- හුංගම• අනු ශූරතාවය – විජයබා මධ්‍ය විද්‍යාලය – මහව• 03 වන ස්ථානය – ධම්මිස්සර ජාතික පාසල, නාත්තන්ඩිය 15න් පහළ බාලක• ශූරතාවය – ධම්මිස්සර ජාතික පාසල – නාත්තන්ඩිය• අනු ශූරතාවය – රාජසිංහ මධ්‍ය විද්‍යාලය -රුවැන්වැල්ල• 03 වන ස්ථානය – ධර්මපාල විද්‍යාලය, ඇහැලියගොඩ 17න් පහළ බාලිකා• ශූරතාවය – වික්‍රමශිලා ජාතික පාසල – ගිරිඋල්ල• අනු ශූරතාවය – විජයබා ජාතික පාසල – හුංගම• 03 වන ස්ථානය – වාඩියගොඩ මහා විද්‍යාලය, වාඩියගොඩ 17න් පහළ බාලක• ශූරතාවය – ධම්මිස්සර ජාතික පාසල  – නාත්තන්ඩිය• අනු ශූරතාවය – ජනාධිපති ජාතික පාසල  – නාත්තන්ඩිය • 03 වන ස්ථානය – වලගම්බා මහා විද්‍යාලය, ගලපිටමඩ 19න් පහළ බාලිකා• ශූරතාවය – විජයබා ජාතික පාසල – හුංගම  • අනු ශූරතාවය – රාජසිංහ මධ්‍ය විද්‍යාලය – රුවන්වැල්ල• 03 වන ස්ථානය – සංඝමිත්තා බාලිකා මහා විද්‍යාලය, කිරිදිවැල 19න් පහළ බාලක• ශූරතාවය – රාජසිංහ මධ්‍ය විද්‍යාලය – රුවැන්වැල්ල • අනු ශූරතාවය – පන්නල ජාතික පාසල – පන්නල• 03 වන ස්ථානය – ධම්මිස්සර ජාතික පාසල  නාත්තන්ඩිය

Read More

Sunquick National Beach Volleyball Championship 2024

සන්කුවික් ජාතික බීච් වොලිබෝල් ශූරතා තරඟාවලිය 2024 සන්කුවික් ජාතික බීච් වොලිබෝල් ශූරතා තරඟාවලිය 2024 හි විවෘත පිරිමි අවසන් තරඟය සදහා Sri Lanka Airforce – A සහ Sri Lanka Army – B යන කණ්ඩායම් දෙක තේරී පත් විය. මෙහිදී පලමු වටය ලකුණ 21ට 15 ක් ලෙස අවසන් වූ අතර දෙවන වටය ලකුණු 21ට 16 ක් ලෙස Sri Lanka Army – B කණ්ඩායම ජයග්‍රහණය කරන ලදි. ඒ අනුව පිරිමි විවෘත අංශයෙහි ශූරතාවය Sri Lanka Army – B කණ්ඩායම අත් කරගන්නා ලදි. මෙහිදී නලීන් පෙරේරා සහ මධුෂ වික්‍රමසිංහ එම කණ්ඩායම නියෝජනය කරන ලදි. මෙම තරඟාවලියෙහි කාන්තා විවෘත අවසන් තරඟය සඳහා Sri Lanka Navy – A සහ Sri Lanka Navy – B යන කණ්ඩායම් දෙක තේරී පත් විය. මෙහිදී පලමු වටය ලකුණ 21ට 17 ක් ලෙස අවසන් වූ අතර දෙවන වටය ලකුණු 21ට 17ක් ලෙස Sri Lanka Navy – A කණ්ඩායම ජයග්‍රහණය ලදි. ඒ අනුව කාන්තා විවෘත අංශයෙහි ශූරතාවය Sri Lanka Navy – A කණ්ඩායම දිනා ගන්නා ලදි. මෙහිදී කසුනි තාරුකා සහ දීපිකා බණ්ඩාර එම කණ්ඩායම නියෝජනය කරන ලදි. පිරිමි 25 න් පහල පිරිමි අවසන් තරඟය Negombo Youth කණ්ඩායම සහ Sri Lanka Air Force  කණ්ඩායම අතර පැවැත්වුණු අතර, 2ට 1ක් වශයෙන් (21/14, 24/22,15/13) Sri Lanka Air Force කණ්ඩායම ජයග්‍රහණය කරන ලදි. සඳුන් බණ්ඩාර සහ මේලක හේෂාන් එම කණ්ඩායම නියෝජනය කරන ලදි. මෙම තරඟාවලියෙහි කාන්තා 25න් පහල අවසන් තරඟය සඳහා MAS Casualline Sports Club B සහ Sri Lanka Air Force යන කණ්ඩායම් දෙක තේරිපත් වූ අතර 2ට 0ක් (21/13, 21/13) ලෙස Sri Lanka Air Force කණ්ඩායම ශූරතාවය අත කරගන්නා ලදි. මෙහිදී සුරේකා දිල්ෂානි සහ ආර්්. එන් ධනංජනී කණ්ඩායම නියෝජනය කරන ලදි. 21 න් පහල පිරිමි අවසන් තරඟය Sri Lanka Airforce සහ St Maris College කණ්ඩායම් දෙක අතර පැවැත්වුණු අතර 2ට 0ක් (21/13, 21/18) ලෙස Sri Lanka Airforce කණ්ඩායම ජයග්‍රහණය ලදි. ඒ අනුව 21 පහල පිරිමි ශූරතාවය Sri Lanka Airforce කණ්ඩායමට හිමි විය. උදයංග ප්‍රනාන්දු සහ හේෂාන් ප්‍රනාන්දු එම කණ්ඩායම නියෝජනය කරන ලදි.  21 න් පහල කාන්තා අවසන් තරඟය සඳහා හුංගම විජයබා ක්‍රී.ස සහ සංඝමිත්තා ක්‍රී.ස  බාලිකා කණ්ඩායම් තේරි පත් වූ අතර 2ට 0ක් (21/13 ,21/15) ලෙස හුංගම විජයබා ක්‍රී.ස කණ්ඩායම ජයග්‍රහණය කරන ලදි. තුරුෂි යසාරා සහ හිරුනි ප්‍රබෝධා එම කණ්ඩායම නියෝජනය කරන ලදි. 18 න් පහල කාන්තා අවසන් තරඟය සඳහා Bitulink – A සහ විජයභා ක්‍රී.ස  යන කණ්ඩායම් තේරී පත් වූ අතර 2ට 1ක් (21/17,14/21 / 15/12) ලෙස Bitulink A කණ්ඩායම එහි ශූරතාවය ලබා ගන්නා ලදි. ජිනෙෂි මධුෂානී සහ හර්ෂනි නිසංසලා එම කණ්ඩායම නියෝජනය කරන ලදි. 18 න්  පහල පිරිමි අවසන් තරඟය සඳහා ලොයෙලා ක්‍රී.ස සහ ජනාධිපති විද්‍යාලය – නාත්තන්ඩිය යන කණ්ඩායම් තේරී පත් වූ අතර 2ට 1ක් (21/14, 12/21 / 15/8) ලෙස ලොයෙලා ක්‍රී.ස කණ්ඩායම එහි ශූරතාවය දිනා ගන්නා ලදි. රෂ්මික ප්‍රනාන්දු සහ සුබෝධ ගිම්හාන් එම කණ්ඩායම නියෝජනය කරන ලදි

Read More

මධ්‍යම ආසියානු බීච් වොලිබෝල් තරගාවලිය 2024

මධ්‍යම ආසියානු බීච් වොලිබෝල් තරගාවලිය 2024 මධ්‍යම ආසියානු වොලිබෝල් සම්මේලනයේ ආරාධනයකට අනුව ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය සංවිධානය කරනු ලැබූ CAVA Beach Volleyball Championship 2024  තරගාවලිය 2025 ජනවාරි 24 දින සිට 26 දින දක්වා මීගමුව වෙරළ වොලිබෝල් ක්‍රීඩාංගණය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්විය. මෙම තරගාවලිය සඳහා කිරිකිස්ථානය, මාල දිවයින, ඉරානය, භූතානය, කසකස්ථානය සහ ශ්‍රී ලංකාව යන රටවල් සහභාගී විය. තරගාවලියේ සමාරම්භක උත්සවය 2025 ජනවාරි 24 දින ප.ව. 8.30 ට ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ ගරු සභාපති කංචන ජයරත්න මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය. මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංක වොලිබෝල් සම්මේලනයේ ප්‍රධාන ලේකම් සහ මධ්‍යම ආසියානු වොලිබෝල් සම්මේලනයේ ලේකම් ඒ. ස් නාලක මහතා, මීගමුව නාගරික  කොමසාරිස් නුවනි සුදසිංහ මහත්මිය සහ බීච් වොලිබෝල් කොමිසමේ සභාපති ප්‍රියන්ත ජයකොඩි මහතා සහභාගී විය. සමාරම්භක උත්සවයේදී ශූරතා කුසලානය එළි දැක්වූ අතර, මෙම කුසලානය ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ සභාපති කාංචන ජයරත්න මහතා විසින් මධ්‍යම ආසියානු වොලිබෝල් සංගමයේ මහලේකම් ඒ.එස්. නාලක මහතා වෙත පිරිනමන ලදී. 2025 ජනවාරි මස 26 දින ප.ව. 3.00 සිට තරගමාලාවේ කාන්තා සහ පිරිමි අවසන් මහා තරග පැවැත්වූ අතර, අවසන් මහා තරග සහ ජය සංකේත ප්‍රධානය මධ්‍යම ආසියානු වොලිිබෝල් සංගමයේ සභාපති මොහොමඩ් ලතීෆ් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මේ සඳහා ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ ගරු සභාපති කංචන ජයරත්න මහතා ඇතුළු ආරාධිතයින් මෙම සමාප්ති උත්සවය සඳහා සහභාගී විය. මෙම තරගාවලියේ කාන්තා අවසන් මහා තරගය කසකස්ථාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වූ අතර කසකස්ථාක කණ්ඩායම ජය හිමි කර ගනිමින් තරගාවලියේ කාන්තා ශූරයින් බවට පත්විය. එමෙන්ම පිරිමි අවසන් මහා තරගය ශ්‍රී ලංකාව සහ ඉරාන කණ්ඩායම සමග පැවැක්වූ අතර ඉරාන කණ්ඩායම ජය හිමිකර ගනිමින් තරගාවලියේ පිරිමි ශූරයින් බවට පත්විය.

Read More

23rd DSI Supersport

23 වැනි DSI  පාසල් වොලිබෝල් තරගාවලිය දියත් කෙරේ ශ්‍රී ලංකාවේ අංක එකේ පාවහන් නිෂ්පාදකයා වන DSI ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය හා අධ්‍යාපන අමාත්‍යාංශය, ශ්‍රී ලංකා පාසල් වොලිබෝල් සංගමය සමග අත්වැල් බැඳගනිමින් 23 වැනි DSI Supersport පාසල් වොලිබෝල් තරගාවලිය සංවිධානය කරනු ලබයි. ග්‍රාමීය හා නාගරික පාසල් කේන්ද්‍ර කරගනිමින් වොලිබෝල් ක්‍රීඩාවේ යෙදී සිටින දක්ෂ දරු දැරියන් දිරිගන්වමින් ජාතික තලයට ඔසවා තබන්නට DSI ප්‍රධානත්වයෙන් වර්ෂ 1999 දී ආරම්භ කළDSI Supersport පාසල් වොලිබෝල් තරගාවලිය ශ්‍රී ලාංකීය වොලිබෝල් ක්‍රීඩා ක්ෂේත්‍රයේ කැපී පෙනෙන දියුණුවකට මග හෙළි කළ සංධිස්ථානයකි. ආරම්භයේදී ශූරතාවය සඳහා කණ්ඩායම් 198 ක් තරග වැදුණු ෘීෂ ීමචැරිචදරඑ පාසල් වොලිබෝල් තරගාවලිය හරහා එදා මෙදාතුර ශ්‍රී ලංකා වොලිබෝල් ක්‍රීඩා ක්ෂේත්‍රයට දක්ෂ වොලිබෝල් ක්‍රීඩා තරු 400 කට ආසන්න ප්‍රමාණයක් හඳුන්වා දී තිබේ. මෙම වසරේ තරගාවලියට මුළු දිවයිනම නියෝජනය වන ආකාරයෙන් පාසල් වොලිබෝල් කණ්ඩායම් 4000 කට අධික ප්‍රමාණයක් සහභාගී වනු ඇතැයි අපේක්ෂා කෙරේ. Download Sinhala Form Download Tamil Form ඩී සැම්සන් සහ පුත්‍රයෝ පුද්ගලික සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ තුසිත රාජපක්ෂ මහතා අදහස් දක්වමින් DSI Supersport පාසල් වොලිබෝල් තරගාවලියට වසර 23 ක් සම්පූර්ණ වෙන 2025 අවුරුද්ද අපිට විශේෂයි. ශ්‍රී ලංකාවේ වොලිබෝල් ක්‍රීඩා ක්ෂේත්‍රයේ වැදගත්ම සංධිස්ථානයක් වෙනුවෙන් DSI අනුග්‍රාහකත්වය අඛණ්ඩව ලබාදීමට හැකිවීම අප සමාගමට මහත් ගෞරවයක්. වොලිබෝල් ක්‍රීඩාව ශ්‍රී ලංකාව තුළ ප්‍රචලිත කොට සංවර්ධනය කරන්නටත් මුළු දිවයිනම ආවරණය වන ආකාරයෙන් දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගණනාවක් ජාතික මට්ටමට හඳුන්වා දීමටත් DSI Supersport පාසල් වොලිබෝල් තරගාවලිය සමත්ව තිබෙනවා.” යැයි පැවසීය. වයස අවුරුදු 11 න් පහල, 13 න් පහල, 15න් පහල, 17න් පහල හා 19න් පහල වයස් කාණ්ඩ අනුව බාලක හා බාලිකා වශයෙන් මෙවර DSI Supersport පාසල් වොලිබෝල් තරගාවලිය පැවැත්වේ. තරගාවලියේ දිස්ත්‍රික් සහ ජාතික මට්ටමේ තරග 2025 ජූනි 14, 15, 21, 22, 28, 29 සහ ජූලි 5, 6, 12, 13, 19, 20, 26, 27 දිනවල පැවැත්වේ. දිස්ත්‍රික් කණ්ඩායම් අතරින් 01 සහ 02 ස්ථාන හිමි කරගන්නා කණ්ඩායම් ජාතික මට්ටමේ තරග සඳහා තෝරා ගැනේ. ජාතික තලයේ තරග 2025 අගෝස්තු 20 සිට 24 වැනිදා දක්වා පැවැත්වේ. 2025 DSI පාසල් වොලිබෝල් තරගාවලියේ අවසන් මහා තරග නොවැම්බර් 15 සහ 16 දෙදින පුරා කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත. මෙම තරගාවලිය දියත් කිරීම සම්බන්ධව මාධ්‍ය හමුව 2025 මැයි 08 නිපෝන් හෝටලයේ දී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත. DSI Supersport පාසල් වොලිබෝල් තරගාවලිය සඳහා ඇතුලත් වීමේ අයදුම්පත් දිවයින පුරා සියළු DSI ප්‍රදර්ශනාගාර වෙතින් ලබාගත හැකි අතර තවදDSI Supersport නිල ෆේස්බුක් පිටුවේ පළ කර ඇති Qr කේතය හරහා සහ නිල AVI වෙබ් පිටුව හරහා (https://avi.lk/volleyball/) මෙම වෙබ් පිටුවෙන්ද මෙම අයදුම්පත්‍රය භාගත කරගැනීමේ හැකියාව ඇත. වැඩි විස්තර 011-2669344 අංකයෙන් ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ දිස්ත්‍රික් 25 සම්බන්ධීකරණ නිලධාරීන් වෙතින්, 0773329702 අංකයෙන් ශ්‍රී ලංකා පාසැල් වොලිබෝල් සංගමයේ ලේකම් චමින්ද ලක්ෂ්මන් කුමාර මහතා වෙතින් [email protected] ඊමේල් ලිපිනයෙන් ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ ප්‍රධාන ලේකම් ඒ. එස්. නාලක මහතා වෙතින් ලබාගත හැකිය.

Read More

MERCANTILE VOLLEYBALL (2024)

Mercantile Volleyball Tournament 2025 වෙළඳ සේවා වොලිබෝල් ශූරතා වලිය කාන්තා සහ පිරිමි , සුපර් ලීග්, Champianship,Division සහ Masters (වයස 40න් ඉහළ) ලෙස කාණ්ඩ හතරක් යටතේ පැ වැත්වීමට සැ ලසුම් කර ඇත. පසුගිය වසරේදී වෙළඳ සේවා වොලිබෝල් ශූරතාවලියේදී පිරිමි කාණ්ඩය පමණක් හඳුන්වා දුන් මාස්ටර්ස් කා ණ්ඩය, ඉතාමත් සාර්ථක වූ නිසා මෙම වසරේදී කාන්තා කාණ්ඩය එකතු කිරීමට සැලසුම් කර ඇත. සුපර් ලීග් සහ මාස්ටර්ස් අංශ සඳහා එක් බාහිර ක්‍රීඩකයෙකු ටද තරගකිරීමේ අවස්ථා ව ඇතුළත් කර ඇත්තේ , එමඟින් ඉසව්වේ තරඟකා රිත්වය සහ චමත්කාරය වැඩි කිරීමේ අරමුනින්ය.සුපර් ලීග් කාණ්ඩයේ, මෙම අවස්ථා ව විදේශීය ක්‍රීඩකයෙකු සදහා ද විවෘත කර තිබීම විශේෂ කරුණකි . පහත සබැදියා භවිතයෙන් අයදුම්පත් බාගත කරගන්න Mercantile Volleyball Tournament 2025 Download Link A-Division Click Here To Download Championship Click Here To Download Masters Click Here To Download Super League Click Here To Download New Membership / Membership Renewal Click Here To Download Rules And Regulations Click Here To Download Invitation Letter Click Here To Download

Read More

AVC Beach Tour 24th Samila 

“Est Cola” AVC Beach Tour 24th Samila Open Beach Volleyball Championship 11th – 17th April 2025 ​ “Est Cola” AVC Beach Tour 24th Samila Open බීච් වොලිබෝල් තරගාවලිය 2025 අප්‍රේල් මස මස 11 දින සිට 17 දින දක්වා තායිලන්තයේ හත්යායි නගරයේ දී පැවැත්වීමට නියමිතව ඇත. ඒ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය හා පිරිමි කණ්ඩායම් දෙකක් සහ කාන්තා කණ්ඩායම් දෙකක් සහභාගි වීමට නියමිතව ඇත. මෙම තරගාවලිය සඳහා කාන්තා සහ පිරිමි අංශය නියෝජනය කරමින් රටවල් 17 බැගින් සහභාගී වීමට නියමිතව ඇතමෙම තරගාවලිය සඳහා සහභාගී වන කණ්ඩායම් පහත පරිදි වේ.පිරිමි කණ්ඩායම්01 -කණ්ඩායම – මලිත් දිල්ෂාන් සිල්වා සහ දිලීප චාමික සේනාරත්න.02 කණ්ඩායම – මධූෂ වික්‍රමසිංහ සහ චානක නලින් පෙරේරාපුහුණුකරු – ඉන්දික ටිරෝන් ජයතිලක මහතා  කාන්තා කණ්ඩායම්01-කණ්ඩායම – දීපිකා බණ්ඩාර සහ කසුනි තාරුකා ලක්‍ෂාණී02- කණ්ඩායම – ෂෙහානි අසංගා සහ චතුරිකා මධුසානි වීරසිංහපුහුණුකරු – තක්ෂිලා නිරන්ජලී මෙම කණ්ඩායම් කළමනාකරු වශයෙන් ශ්‍රිලංකා වොලිබෝල් සම්මේලයේ නියෝජනය කරමින් ධනපාල ජයපත්ම මහතා කටයුතු කරයි ශ්‍රී ලංකා පිරිමි සහ කාන්තා බීච් වොලිබෝල් කණ්ඩායම සමුහ ඡායාරූපයකට පෙනි සිටින ලදි.

Read More

CAVA Volleyball Referee Candidate Course

CAVA Volleyball Referee Candidate Course CAVA Volleyball Referee Candidate Course පාඨමාලාව 2025 පෙබරවාරි මස 19 දින සිට 23 දින දක්වා ශ්‍රී ලංකාවේ දී පැවැත්වූ අතර ඒ සඳහා දේශිය විනිසුරුවන් 15 දෙනෙකු  හා විදේශීය විනිසුරුවන් 02 දෙනෙකු සහභාගී විය. මෙම පාඨමාලාව මෙහෙයවීම සඳහා ආසියානු වොලිබෝල් සම්මේලනයේ පුහුණු උපදේශක බෙනී කූඥේ මහතා සහභාගී විය. පාඨමාලාව සඳහා සහභාගී වූ සියලුදෙනා  සාර්ථකව මෙම පාඨමාලාව අවසන් කරන ලදි. මෙම පාඨමාලාවේ සහතිකපත් ප්‍රධානය කිරීමේ උත්සවය 2025 පෙබරවාරි මස 23 දින පැවැත්විය. එම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ සභාපති කංචන ජයරත්න මහතා,  මධ්‍යම ආසියානු වොලිබෝල් සම්මේලනයේ හා ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ ප්‍රධාන ලේකම් ඒ,එස් නාලක මහතා, මෙම වැඩසටහනේ ප්‍රධාන උපදේශක ආසියානු වොලිබෝල් සම්මේලනයේ පුහුණු උපදේශක බෙනී කූඥේ මහතා සහ මෙම පාඨමාලාවේ සම්බන්ධීකරණ නිලධාරී ජාත්‍යන්තර විනිසුරු උපදේශක විමල් අමරසිංහ මහතා  ඇතුළු නිලධාරීන් ගේ සහභාගිත්වයෙන් සිදු කරන ලදී.

Read More

CAVA Beach Felicitation

මධ්‍යම ආසියානු බීච් වොලිබෝල් තරඟාවලියේ ජයග්‍රහන ලබා ගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ නිලධාරීන් ඇගයීමේ උළෙල මධ්‍යම ආසියානු වොලිබෝල් සම්මේලනයේ ආරාධනයකට අනුව ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලන‍ෙ සංවිධානය කරනු ලැබූ Central Asian Beach Volleyball Championship 2024  බීච් වොලිබෝල් තරගාවලිය 2025 ජනවාරි මස 23 සිට 26 දින දක්වා  මීගමුව වෙරළ උද්‍යාන බීච් වොලිබෝල්  ක්‍රීඩාංගණය කේන්ද්‍ර කර ගනිමින්  ඉතා සාර්ථකව පවත්වා අවසන් කරන ලදි. එම තරගාවලියේ දී පිරිමි කණ්ඩායම අනු ශූරයින් බවට පත්වූ බවත් කාන්තා කණ්ඩායම් 02 ක් අනු ශූරයින් සහ 03 වන ස්ථාන ලබා ගන්නා ලදි. එහිදී එම ජයග්‍රහන ලබා ගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන්, පුහුණුකරුවන් සහ නිලධාරීන් ඇගයීමේ උළෙලක් 2025 මාර්තු මස 04 දින කොළඹ ජයික් හිල්ටන් හෝටල් පරිශ්‍රයේ දී ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ සභාපති කංචන ජයරත්න මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදි. මෙහිදී පිරිමි අනු ශූරයින් බවට පත්වූ දිලීප චාමික සහ මලිත් දිල්ෂාන් යන ක්‍රීඩකයින් ,  කාන්තා අනු ශූරයින් බවට පත්වූ දීපිකා බණ්ඩාර සහ කසුනි තාරුකා යන ක්‍රීඩිකාවන් ,  කාන්තා 03 වන ස්ථානය ලබා ගත් චතුරිකා මධුෂානි සහ ෂෙහානි අසංගා යන ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ පිරිමි කණ්ඩායමේ පුහුණුකරු ඉන්දික ටිරෝන් ජයතිලක , කාන්තා කණ්ඩායමේ පුහුණුකරු තක්ෂිලා ගුණසිංහ, එම කණ්ඩායම් හී සම්භාහක ලෙස කටයුතු කල එච්. සී. පී සමීර මෙන්ම මෙම කණ්ඩායම් හී වෛද්‍යවරයා ලෙස කටයුතු කල වෛද්‍ය රුක්මාල් කරුණානායක සහ කණ්ඩායම් හී කළමණාකරුවන් වන ධනපාල ජයපත්ම සහ සජිත් නන්දසිරි මහතා යන අය ඇගයීමට ලක් කරන ලදි. එහිදී අනු ශූරතාවය ලබාගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා එක් අයෙකුට රු. 100,000/- මුදලක් ද, 03 වන ස්ථානය ලබාගත් ක්‍රීඩිකාවන්ට එක් අයෙකුට රු. 50,000/- මුදලක් ද, පුහුණුකරුවන් සඳහා එක් අයෙකුට රු. 60,000/- මුදලක් ද, භෞතචිකිත්සක සඳහා රු. 40,000/- මුදලක් ද ලබාදෙන ලදි. මෙම ඇගයීම් උලෙල සඳහා ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ ප්‍රධාන ලේකම් ඒ. එස් නාලක මහතා,  ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ භාණ්ඩාගාරික  තුෂාර පෙරේරා මහතා, ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ උප සභාපති ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතා, ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ උප සභාපති කොමදෝරු සිල්වා මහතා, ජාතික ක්‍රීඩා කවුන්සිලියේ සමාජික සී රත්නමුදලි මහතා, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ සිසිර වැල්ලේගෙදර මහතා, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ වොලිබෝල් සම්බන්ධීකරණ නිලධාරිනි රංගිකා මහවත්ත මහත්මිය ඇතුළු ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ විධායක කමිටු සාමාජිකයින් මේ සඳහා සහභාගී විය.

Read More

CENTRAL ASIAN BEACH VOLLEYBALL TOURNAMENT 2024

Central Asian Beach Volleyball Tournament 2024 මධ්‍යම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලිය 2025, ශ්‍රී ලංකාවේ මීගමුව වෙරළ උද්‍යානයේදී ජනවාරි 24 සිට 26 දක්වා පැවැත්වීමට නියමිතය. මෙම තරගාවලිය සඳහා මාලදිවයින, කිරිගිස්තානය, භූතානය, කසකස්තානය, ඉරානය සහ සත්කාරක ශ්‍රී ලංකාව ඇතුළු රටවල් හයක් සහභාගී වේ. තරග කාලසටහන සහ ස්ථානය තරගාවලිය ජනවාරි 24 වන සිකුරාදා ආරම්භ වන අතර, සෙනසුරාදා (25) සහ ඉරිදා (26) දිනවලදීද තරග පැවැත්වේ. සියලුම තරග මීගමුව වෙරළ උද්‍යානයේ ක්‍රීඩා පිටියේදී පැවැත්වේ. ශ්‍රී ලංකා කණ්ඩායම් සහ පුහුණුකරුවන් සත්කාරක ශ්‍රී ලංකාව මෙම තරගාවලිය සඳහා පිරිමි සහ කාන්තා කණ්ඩායම් හයක් බැගින් සූදානම් කර ඇත. පිරිමි කණ්ඩායම් සඳහා දිලිප චාමික සහ මලිත් සිල්වා, සඳුන් මධුසංක සහ අංජන සන්දිපන, නලීන් පෙරේරා සහ මධුෂ වික්‍රමසිංහ යන ක්‍රීඩකයන් සහභාගී වේ. කාන්තා කණ්ඩායම් සඳහා කසුනි තරුකා සහ දීපිකා බණ්ඩාර, චතුරිකා මධුෂානි සහ ශෙහානි අසංගා, වාසනා මධුමාලි සහ කසුනි කෙෂලා යන ක්‍රීඩිකාවන් සහභාගී වේ. පිරිමි කණ්ඩායම් පුහුණුකරු ලෙස ටයිරෝන් ජයතිලක සහ කාන්තා කණ්ඩායම් ප්‍රධාන පුහුණුකරු ලෙස ටැක්සිලා නිරාංජලි කටයුතු කරයි. සහභාගී රටවල් සහ කණ්ඩායම් මෙම තරගාවලිය සඳහා මාලදිවයින, කිරිගිස්තානය, භූතානය, කසකස්තානය, ඉරානය සහ ශ්‍රී ලංකාව ඇතුළු රටවල් හයක් සහභාගී වේ. ඉහත රටවල් සියලුම පිරිමි සහ කාන්තා කණ්ඩායම් යවා තරගාවලියට සහභාගී වනු ඇත. ඉතිහාසය සහ වැදගත්කම මෙම තරගාවලිය ශ්‍රී ලංකාවේ වෙරළ වොලිබෝල් ක්‍රීඩාවේ ඉතිහාසයේ වැදගත් අවස්ථාවක් වන අතර, ජාත්‍යන්තර මට්ටමේ තරගාවලි සංවිධානය කිරීමෙන් ශ්‍රී ලංකා වොලිබෝල් ක්‍රීඩාවේ ප්‍රගතියට දායක වේ. මෙම අවස්ථාව ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ජාත්‍යන්තර අත්දැකීම් ලබා ගැනීමටත්, විදේශීය කණ්ඩායම් සමඟ තරග වැදීමටත් අවස්ථාව සලසයි. ප්‍රේක්ෂක සහයෝගය සියලුම ක්‍රීඩා ප්‍රේක්ෂකයන්ට මීගමුව වෙරළ උද්‍යානයට පැමිණ ශ්‍රී ලංකා කණ්ඩායම් සඳහා සහයෝගය ලබාදෙන ලෙස ආරාධනා කරමු.  

Read More

“SUNQUICK” ජාතික බීච් වොලිබෝල් ශුරතාවය -2024/2025 (අයදුම්පත්‍රය – කාන්තා / පිරිමි)

“SUNQUICK” ජාතික බීච් වොලිබෝල් ශුරතාවය -2024/2025 (අයදුම්පත්‍රය – කාන්තා / පිරිමි) ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය අධීක්ෂණය යටතේ “SUNQUICK” පුර්ණ අනුග්‍රාහකත්වයෙන් පවත්වනු ලබන මෙම තරඟාවලිය පහත සඳහන් අයුරින් පැවැත්විමට නියමිතව ඇත.ඒ අනුව 01. අවු. 18 න් පහළ (පිරිමි / කාන්තා)02. අවු. 21 න් පහළ (පිරිමි / කාන්තා)02. අවු. 25 න් පහළ (පිරිමි / කාන්තා)03. විවෘත (පිරිමි / කාන්තා) වශයෙන් අදියරයන් අනුව තරග පැවැත්වේ. මෙම තරගාවලිය 2025 ජනවාරි මස 31 සහ පෙබරවාරි 01 සහ 02 යන දින වලදී මීගමුව වෙරළ උද්‍යානයේ දී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.නිවැරදිව සම්පුර්ණ කළ සියළුම අයදුම්පත් 2025 ජනවාරි මස 25 දිනට ප්‍රථම පහත ලිපිනයට යොමු කළ යුතු වේ. මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකාවේ ඕනෑම ක්‍රීඩා සමාජයක, රාජ්‍ය හෝ පෞද්ගලික ආයතන / සංස්ථා / ත්‍රිවිධ හමුදා / පොලිසිය සහ පාසල් යන කණ්ඩායම් මගින් “SUNQUICK ” ජාතික බීච් වොලිබෝල් ශුරතාවය සඳහා අයදුම්පත් ඉදිරිපත් කල හැක. 01. අවු. 18 න් පහළ තරගාවලියට සහභාගී වන සැම ක්‍රීඩක/ක්‍රීඩිකාවක්ම 2024 වර්ෂයේ දෙසැම්බර් මස 31 දිනට වයස අවුරුදු 18 ට අඩුවිය යුතුය. ( ක්‍රීඩක /ක්‍රීඩිකාවන් 2007 .01.01. දින හෝ ඊට පසු උපන් අය විය යුතුය)   02. අවු. 21 න් පහළ තරගාවලියට සහභාගී වන සැම ක්‍රීඩක/ක්‍රීඩිකාවක්ම 2024 වර්ෂයේ දෙසැම්බර් මස 31 දිනට වයස අවුරුදු 21 ට අඩුවිය යුතුය. ( ක්‍රීඩක /ක්‍රීඩිකාවන් 2004 .01.01. දින හෝ ඊට පසු උපන් අය විය යුතුය)   03. අවු. 25 න් පහළ තරගාවලියට සහභාගී වන සැම ක්‍රීඩක/ක්‍රීඩිකාවක්ම 2024 වර්ෂයේ දෙසැම්බර් මස 31 දිනට වයස අවුරුදු 25 ට අඩුවිය යුතුය. ( ක්‍රීඩක /ක්‍රීඩිකාවන් 2000 .01.01. දින හෝ ඊට පසු උපන් අය විය යුතුය)   තරඟාවලි 04 සඳහා පොදු කොන්දේසි   • එක් කණ්ඩායමක් සඳහා ක්‍රීඩක / ක්‍රීඩිකාවන් දෙදෙනෙකු (02) පමණක් ඇතුලත් විය යුතුය. • ඉහත තරඟාවලි සඳහා සහභාගි වන සෑම ක්‍රිඩක ක්‍රිඩිකාවක්ම ශ්‍රි ලාංකා පුරවැසියෙකු විය යුතුය. • මෙම තරඟාවලියේ අවු. 18 න් පහළ (පිරිමි / කාන්තා), අවු. 21 න් පහළ (පිරිමි / කාන්තා) සහ අවු. 25 න් පහළ (පිරිමි / කාන්තා) කාණ්ඩ සඳහා සහභාගිවන සෑම ක්‍රිඩකයෙක් /ක්‍රිඩිකාවක්ම තමන්ගේ අන්‍යතාවය ඔප්පු කිරිම සඳහා ජාතික හැදුනුම්පත / විදේශ ගමන්බලපත්‍රය හෝ රියදුරු බලපත්‍රය සමඟ උප්පැන්න සහතිකයේ මුල් පිටපත ඉදිරිපත් කිරීම අනිවාර්ය වේ. • තරග මාලාවට සහභාගී වන කණ්ඩායම් තරගාවලිය ආරම්භ කිරීමට විනාඩි 45 කට පෙර සංවිධාන කමිටුව වෙත වාර්තා කල යුතු අතර ප්‍රමාද වී පැමිණෙන කණ්ඩායම් තරගාවලියෙන් ඉවත් කිරීමට සිදුවන හෙයින් ඒ පිළිබඳ සංවිධාන කමිටුව වගකියනු නොලැබේ. • තරගාවලිය සඳහා සහභාගී වනු ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන්, පුහුණුකරුවන් තරග පවත්වන කාලය තුල විනයානුකූලව හැසිරිය යුතු අතර තරගාවලියට බාධාවන් වන අයුරින් හැසිරීම පිළිබඳ විනයානුකූලව කටයුතු කරනු ඇත. • තරඟාවලිය සම්බන්ධයෙන් යම් විරෝධතාවයක් ඉදිරිපත් කරන්නේ නම්, තරඟයට පෙර හෝ අදාල තරඟය අවසන් වී විනාඩි 30 ක් ඇතුළත රු.2000 /- ගාස්තුවක් ශ්‍රි ලංකා වොලිබෝල් සම්මේලනයට හෝ සම්මේලනය මගින් නම් කර ඇති සංවිධායක මණ්ඩලයේ නිලධාරියාට ගෙවා රිසිට් පත සමඟ අදාල අභියාචනය ඉදිරිපත් කල යුතුයි. (ඉහත කරුණු වලට පටහැනි විරෝධතා නොසළකා හැරේ) • සියළුම තරඟ ජාත්‍යන්නතර වොලිබෝල් සම්මේලනයේ හා ශ්‍රි ලංකා වොලිබෝල් සම්මේලනයේ බීච් වොලිබෝල් තරඟ නිතීරිතී යටතේ පවත්වනු ලබන අතර තරඟ මාලාව පිළිබඳ හා අනෙකුත් සියළුම තිරණ ගනු ලබන්නේ ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ තරඟ කමිටුව මගිනි. එමෙන්ම තරඟයන් පැවැත්වෙන කාලය තුළ දි තරඟ සම්බන්ධයෙන් විනිශ්චය මණ්ඩලය ලබා දෙන තීරණය අවසාන තීරණය වේ. විමසීම් – කොමදෝරු ටී.ඩී.එස් ද සිල්වා – 0718252130 ධනපාල ජයපත්ම මහතා – ජාතික සංවිධායක – 0710953456 ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය – 0112669344 SUNQUICK” ජාතික බීච් වොලිබෝල් ශුරතාවය -2024/2025  අයදුම්පත්‍රය  Download Application

Read More

“SUNQUICK ” – ජාතික බීච් වොලිබෝල් ශූරතාවය – 2024

“SUNQUICK ” – ජාතික බීච් වොලිබෝල් ශූරතාවය – 2024/2025 ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ අධීක්ෂණය යටතේ “SUNQUICK”  පූර්ණ අනුග්‍රහකත්වයෙන් බීච් වොලිබෝල් කොමිසම මෙහෙයවනු ලබන “SUNQUICK” ජාතික බීච් වොලිබෝල් ශූරතාවය, 2025 ජනවාරි මස 31 සහ පෙබරවාරි 01 සහ 02 යන දින වලදී මිගමුව වෙරළ උද්‍යානයේ දී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.   බීච් වොලිබෝල් ක්‍රීඩාව පැවැත්වීමේ අරමුණින්, ග්‍රාමීය හා නාගරික පාසැල් කේන්ද්‍ර කර ගනිමින් බීච් වොලිබෝල් ක්‍රීඩාවේ යෙදී සිටින දක්ෂ දරු දැරියන් දිරි ගන්වමින් ක්‍රීඩාව ජාතික හා ජාත්‍යාන්තර තලයට ඔසවා තබන්නට ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය “SUNQUICK” අනුග්‍රාහකත්වයෙන් බීච් වොලිබෝල් කොමිසම මෙහෙයවනු ලබන මෙම තරඟාවලිය ශ්‍රී ලංකා බීච් වොලිබෝල් ක්‍රීඩා ක්ෂේත්‍රයේ කැපී පෙනෙන දියුනුවට මහ හෙලි කල සංධිස්ථානයකි. අවුරුදු කිහිපයක සිට පවත්වාගෙන එන මෙම තරඟාවලිය මගින් ශ්‍රී ලංකා බීච් වොලිබෝල් ක්ෂේත්‍රයට දක්ෂ වොලිබෝල් ක්‍රීඩා තරු රාශියක් හදුන්වා දී තිබේ. ශ්‍රි ලංකා බීච් වොලිබෝල් ක්‍රීඩා ක්ෂේත්‍ර‍යේ වැදගත් සංධිස්ථානයක් වන ජාතික බීච් වොලිබෝල් ශූරතාවය 2024 වෙනුවෙන්“SUNQUICK”  ආයතනයේ අනුග්‍රහකත්වය ලබා දීමට හැකිවිම එම ආයතනය ලබාගත් මහත් ගෞරවයකි. එමෙන්ම ජාතික මට්ටමෙන් සලකා බලන කල ශ්‍රි ලංකා බීච් වොලිබෝල් ක්‍රීඩාව ජාතික හා ජාත්‍යාන්තර මට්ටමට ඔසවා තැබීමට හා ඒ මගින් ක්‍රීඩාවේ අලවිකරණය ප්‍රවර්ධනය කිරීමට අවස්ථාවක් ලැබෙනු ඇත. පසුගිය තරගාවලියේ වයස් කාණ්ඩ අංශ වලින් ජයග්‍රහන BituLink ක්‍රීඩා සමාජය, නාත්තන්ඩිය ජනාධිපති විද්‍යාලය, මහමෙරුව Leisureක්‍රීඩා සමාජය, හුංගම විජයබා ජාතික පාසැල සහ සීදුව දවිසමර මහ විද්‍යාලීය කණ්ඩායම් දිනාගත් අතර හා විවෘත කාන්තා හා පිරිමි ශූරතාවයන් ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රීඩා සමාජය දිනා ගන්නා ලදි. මෙම වසරේ මෙම තරඟාවලියට මුලු දිවයිනම නියෝජනය වන ආකාරයෙන් පාසැල් වොලිබෝල් කණ්ඩායම් 120 කට අධික ප්‍රමාණයක් සහභාගි වනු ඇතැයි අපේක්ෂා කෙරේ. වයස අවුරුදු 18 න් පහළ, අවුරුදු 21 න් පහළ හා අවුරුදු 25 න් පහළ වයස් කණ්ඩායම් අනුව කාන්තා හා පිරිමි හා විවෘත කාන්තා හා පිරිමි වශයෙන්  මෙවර “SUNQUICK” ජාතික බීච් වොලිබෝල් ශූරතාවය පවත්වනු ලබයි. මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකාවේ ඕනෑම ක්‍රීඩා සමාජයක, රාජ්‍ය හෝ පෞද්ගලික ආයතන / සංස්ථා / ත්‍රිවිධ හමුදා / පොලිසිය සහ පාසල් යන කණ්ඩායම් මගින් “SUNQUICK ” ජාතික බීච් වොලිබෝල් ශුරතාවය සඳහා අයදුම්පත් ඉදිරිපත් කල හැක.                   *අවු. 18 න් පහළ තරගාවලියට සහභාගී වන සැම ක්‍රීඩක/ක්‍රීඩිකාවක්ම 2024 වර්ෂයේ දෙසැම්බර් මස 31 දිනට වයස අවුරුදු18  ට අඩුවිය යුතුය. ( ක්‍රීඩක /ක්‍රීඩිකාවන් 2007 .01.01. දින හෝ ඊට පසු උපන් අය විය යුතුය)                  *අවු. 21 න් පහළ තරගාවලියට සහභාගී වන සැම ක්‍රීඩක/ක්‍රීඩිකාවක්ම 2024 වර්ෂයේ දෙසැම්බර් මස 31 දිනට වයස අවුරුදු21  ට අඩුවිය යුතුය. ( ක්‍රීඩක /ක්‍රීඩිකාවන් 2004 .01.01. දින හෝ ඊට පසු උපන් අය විය යුතුය)                  *අවු. 25 න් පහළ තරගාවලියට සහභාගී වන සැම ක්‍රීඩක/ක්‍රීඩිකාවක්ම 2024 වර්ෂයේ දෙසැම්බර් මස 31 දිනට වයස අවුරුදු25  ට අඩුවිය යුතුය. ( ක්‍රීඩක /ක්‍රීඩිකාවන් 2000 .01.01. දින හෝ ඊට පසු උපන් අය විය යුතුය) ඉහත වයස් සීමාවන්ට අයත් නොවන සියලු ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා විවෘත තරගාවලියට අයදුම් කල හැක.මෙම සියලුම තරඟ ජාත්‍යාන්තර වොලිබෝල් සම්මේලනය හා ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ බිච් වොලිබෝල් තරඟ නීති රීති යටතේ පවත් වනු ලබයි. මෙම “SUNQUICK” – ජාතික බීච් වොලිබෝල් ශූරතාවය – 2024 තරගාවලියේ අයදුම්පත් ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලන නිල ෆේස්බුක් පිටුව ඔස්සේ සහ https://srilankavolleyball.lk/ යන ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලන වෙබ් පිටුව වෙත යොමු වීම මගින් ලබා ගත හැක. නිවැරදිව සම්පූර්ණ කළ සියලුම අයදුම්පත් 2025 ජනවාරි මස 25 දිනට ප්‍රථම පහත ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් හෝ ගෙනැවිත් භාරදිය සිදු කල හැක. තරඟ කමිටු ලේකම් ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය අංක. 33, ටොරින්ටන් පෙදෙස කොළඹ – 07 දුරකථන අංකය – 0112669344

Read More

Munchi Super League Volleyball Tournament 2024 – Finals

මන්චි සුපර්ලීග් වොලිබෝල් තරගාවලිය 2024 – අවසන් මහා තරග ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය සහ සිලෝන් බිස්කට්ස් සමාගමේ පූර්ණ අනුග්‍රහයෙන් පවත්වනු ලබන මන්චි සුපර්ලීග් වොලිබෝල් තරගාවලියේ අවසන් මහා තරඟ 2025 ජනවාරි මස 04 දින ප.ව. 1.00 සිට ඇල්බට් එෆ්. පීරිස් ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී  සජීවී PEO TV විකාශයක් ලෙස පැවැත්වීමට නියමිතව ඇත. මෙම අවසන් මහා තරග යෞවන කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය ගරු සුනිල් කුමාර ගමගේ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ෂේමාල් ප්‍රනාන්දු, සිලෝන් බිස්කට්ස් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී  නලීන් කරුණාරත්න මහතා සහ ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ සභාපති කංචන ජයරත්න මැතිතුමාගේ සහභාගීත්වයෙන් පැවැත්වීමට නියමිතව ඇත. මෙම අවසන් මහා තරග සඳහා සුදුසුකම් ලැබූ කන්ඩායම් සහ තරග පැවැත්වෙන වේලාවන් පහත දක්වා ඇත. මෙම සහභාගී වන කණ්ඩායම් හී සමුහ ඡායාරූප මේ සමග යා කර ඇත.   ශ්‍රී ලංකා වරාය අධිකාරිය   ශ්‍රී ලංකා ගුවන් හමුදාව   ශ්‍රී ලංකා වරාය අධිකාරිය   ලංකා විදුලිබල මණ්ඩලය  

Read More

සියවස් සපුරන ශ්‍රි ලාංකේය ජාතික ක්‍රීඩාවේ ජේෂ්ඨතම ජිවමාන ජාතික ක්‍රිඩකයා ​

සියවස් සපුරන ශ්‍රි ලාංකේය ජාතික ක්‍රීඩාවේ ජේෂ්ඨතම ජිවමාන ජාතික ක්‍රිඩකයා 1954 වර්ෂයේ බිහිවූ පුථම ජාතික වොලිබෝල් කංඩායම නියෝජනය කල පියරත්න විරසිංහයන් අද තම ජිවන ගමනේ 100 වන වසට පා තබයි. 1924 සිතල උදුවප් මාසයේ 10 වන දින මිරිගම බාදුරාගොඩදි උපත ලැබු පි විරසිංහයන් පත්තලගෙදර රජයේ ඉංග්‍රීසි පාස⁣ලෙන් තම මුලික අධ්‍යාපනය ලැබිය පාසල් වියේ සිටම වොලිබෝල් ක්‍රිඩාව හා බැදුනු විරසිංහයන් පසු කලෙක මිරිගම සෙන්ට්‍රල් කංඩායමට නායකත්වය ලබාදෙමින් 1954 වර්ෂයේ පෙබරවාරි මස 7 වන දින ජාතික වොලිබෝල් ශුරතාවය මිරිගම හේවාගමි කෝරලයට රැගෙන ඒමට සමත් විය ඔහුගේම බාල සොහොයුරැ ජි විරසිංහ, විමලදාස, ජයතිලක , එස් සුභසිංහ සහ වි කරැනාරත්න ඔහුගේ කංඩායමි සගයින් විය 1954 වර්ෂයේ ලංකාවට පැමිණි ඉංදිය මදුරාසි කංඩායම සමග පැවති ඉංදු ලංකා ටෙස්ට් වොලිබෝල් තරග මාලාවේ පුථම තරගයේදී ලංකා ජාතික කංඩායම නියොජනය කරමින් පුථම වරට ජාතික වර්ණ දිනාගැනීමට එදා විරසිංහයන් සමත්විය 100ක් පිරිම නිමිත්තෙන් ශ්‍රී ලංකා වොලිබොල් සම්මේලනය සුබ පැතුම් ​සිදු කළ අයුරු අද විරසිංහයන් තම ජිවන ගමනේ 100 වැනි වසට පා තබන්නේ තවත් ජාතික වාර්ථාවක් ද සමගනි ඒ වර්තමානයේ ශ්‍රි ලංකාවේ සියලුම ක්‍රිඩාවල ජාතික කංඩායමි නියොජනය කල ජේෂ්ධතම ජිවමාන ජාතික ක්‍රිඩකයා වශයෙනි වසර 108 ක් සපිරි ශ්‍රි ලාංකේය ජාතික ක්‍රිඩාවේ පුරාවෘත්යක් වු පියරත්න විරසිංහයන් ට චිරාන් ජයතු 

Read More

Dsi Supersport Schools Volleyball Championship 2024

DSI සුපර් ස්පෝර්ට්ස් පාසල් වොලිබෝල් තරගාවලිය 2024 අවසන් මහා තරග ඩී. සැම්සන් සහ පුත්‍ර සමාගමේ පූර්ණ අනුග්‍රහයෙන්, අධ්‍යාපන අමාත්‍යාංශය, ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය ඒකාබද්ධව ශ්‍රී ලංකා පාසල් වොලිබෝල් සංගමයේ මෙහෙයවීමෙන් පවත්වනු ලබන DSI පාසැල් වොලිබෝල් තරගාවලිය 2024 අවසන් මහා තරග 2024 නොවැම්බර් මස 29 සහ 30 දින වලදී සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී ITN රූපවාහිනී නාලිකාවේ සජීවී විකාශයක් ලෙස පැවැත්විය. මෙම අවසන් මහා තරග සඳහා ගරු ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න මැතිතුමා, ඩී. සැම්සන් සහ පුත්‍ර සමාගමේ කළමණාකාර අධ්‍යක්ෂ තුසිත රාජපක්ෂ මැතිතුමා, ඩී. සැම්සන් සහ පුත්‍ර සමාගමේ අධ්‍යක්ෂ අසංක රාජපක්ෂ මහතා, අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව මහතා, ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ සභාපති කංචන ජයරත්න මැතිතුමා, ශ්‍රී ලංකා පාසල් වොලිබෝල් සංගමයේ ලේකම් චමින්ද කුමාර මහතා ඇතුළු ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ නිලධාරීන් සහ ශ්‍රී ලංකා පාසල් වොලිබෝල් සම්මේලනයේ නිලධාරීන් සහභාගී විය. වයස් කාණ්ඩ 05 ක් යටතේ පැවැත්වූ මෙම තරගාවලියේ පහත සඳහන් පරිදි අවසන් මහා තරග පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත. මෙම තරගවලියේ විශේෂ දක්ෂතා දක්වන ලද ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ නම් මේ සමග යා කර ඇත.

Read More

ශ්‍රී ලංකා ජාතික බිච්වොලිබොල් සංචිතය සඳහා විශේෂිත වෛද්‍ය පරික්ෂණය

ශ්‍රී ලංකා ජාතික බිච්වොලිබොල් සංචිතය සඳහා විශේෂිත වෛද්‍ය පරික්ෂණයක් සමඟ ක්‍රිඩා පෝෂණ වැඩ මුලුවක් ක්‍රීඩා අමාත්‍යාංශ ක්‍රීඩා වෛද්‍ය ඒකක යෙදී පවත්වන ලදී . මේ සඳහා ක්‍රීඩා වෛද්‍ය ඒකකයේ දේශක වරුන් සහා පෝෂණවේදින්ට අමතරව ජාතික ඔලිම්පික් කමිටුවේ නිලධාරීන් විසින් ද විශේෂ දේශනයක් පවත්වන ලදී.

Read More

Dialog president gold Cup U-25 National Volleyball Championship 2024 

ජනාධිපති රන් කුසලාන ඩයලොග් වොලිබෝල් ශූරතා (2024) තරඟාවලියේ දක්ෂතම ක්‍රීඩකයා සහා ක්‍රීඩිකාවවටිනාම ක්‍රීඩකයා – H.M සුලක්ෂණා පසිඳුනි(𝗠𝗔𝗦(𝗔) 𝗦.𝗖 – අම්පාර)වටිනාම ක්‍රීඩකයා – L.A දුලන්ජන් සංදීප(𝗚𝗢𝗟𝗗𝗘𝗡 𝗕𝗜𝗥𝗗𝗦 𝗦.𝗖 -රදාවාන) ජනාධිපති රන් කුසලාන ඩයලොග් වොලිබෝල් ශූරතා තරඟාවලියේ විශේෂ දක්ෂතා සඳහා ඇගයීම් ලද ක්‍රීඩක ක්‍රීඩිකාවන්  

Read More

CAVA Nations League (Women) 2024

CAVA Nations League (Women) වොලිබෝල් තරගාවලිය 2024 අගෝස්තු මස 01 දින සිට 08 දින දක්වා නේපාලයේ කත්මන්ඩු හිදී පැවැත්වීමට නියමිතව ඇත. එම තරගාවලියට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා ජාතික ජ්‍යෙෂ්ඨ කාන්තා වොලිබෝල් කණ්ඩායම 2024 ජුලි මස 30 දින දිවයිනෙන් පිටත් විය. මෙම තරගාවලිය සඳහා ඉන්දියාව, නේපාලය, ඉරානය, මාල දිවයින සහ ශ්‍රී ලංකාව යන රටවල් සහභාගී වීමට නියමිතව ඇත. මෙම සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකාව ලෙස තිලිණි වාසනා කටයුතු කරනු ලබන අතර කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස චාර්ල්ස් තිලකරත්න මහතා කටයුතු කරනු ලබයි. දිවයිනෙන් පිටත් වීමට ප්‍රථම ශ්‍රී ලංකා ජාතික ජ්‍යෙෂ්ඨ කාන්තා වොලිබෝල් කණ්ඩායම සමුහ ඡායාරූපයකට පෙනි සිටින ලදි. ඉදිරිපස පේලි වමේ සිටකවීෂා ලක්ෂානි, උදය රුක්මාල් -අභ්‍යාසක, කේ.ආර්.ඩී.සී රත්නමුදලි මහතා- කළමණාකරු, චාර්ල්ස් තිලකරත්න – ප්‍රධාන පුහුණුකරු, මිල්රෝයි තිසේරා – සහාය පුහුණුකරු, තිළණි වාසනා පසුපස පේලිය වමේ සිටදිලුෂා සංජීවනී, දිලුක්ෂි හර්ෂනී, තිවංකි මධුමාලි, අයේෂා මධුරිකා, පියුමි භාෂිනි, කාන්චනා දිල්හානී, සංජීවනී කරුණාරත්න, අප්සරා සෙව්මාලී, අශානි චමෝදිකා, ජේ. තිලක්ෂනා, නිමේෂිකා සෙව්වන්දි, නදුනි හිමංසලා

Read More

FIVB පුහුණුකරු අදියර III  පාඨමාලාව – 2024 තායිලන්තය

ජාත්‍යන්තර වොලිබෝල් සම්මේලනය (FIVB) මගින් මෙහෙයවනු ලබන වොලිබෝල් පුහුණුකරු අදියර III පාඨමාලාව 2024 නොවැම්බර් මස 18 සිට 25 දින දක්වා තායිලන්තයේ දී පැවැත්වීමට නියමිතව ඇත. මෙම ජාත්‍යන්තර පුහුණුකරු පාඨමාලාව සඳහා ශ්‍රී ලංකාව තුල දැනට වොලිබෝල් ජාත්‍යන්තර පුහුණුකරු අදියර II පාඨමාලාව අවසන් කර අවු: 01 ක් ඉක්මවූ පුහුණුකරුවන් හා පුහුණුකාරිනියන්ගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ. වොලිබෝල් පුහුණුකරුවකු ලෙස ඔබ දක්වා ඇති දක්ෂතා ඇතුලත්ව ඔබගේ පෞද්ගලික විස්තර, සම්බන්ධ කර ගත හැකි දුරකථන අංක, දැනට ක්‍රියාත්මකව පවතින විද්‍යුත් තැපැල් ලිපිනයක් (Email Address) සහ ඔබගේ වර්තමාන ඡායාරූපයක් අනිවාර්යයෙන් ඇතුලත් කොට ඉංග්‍රීසි බසින් අයදුම්පතක් සකස් කර, වොලිබෝල් පුහුණුකරු අදියර I සහ II පාඨමාලාවේ සහතික පත්‍රයේ පිටපතක් ද සමඟ [email protected] යන විද්‍යුත් ලිපිනයට 2024 සැප්තැම්බර් මස 05 දිනට ප්‍රථම ‍යොමු කරන්න. එමෙන්ම මේ සමග අමුණා ඇති FIVB Application Form (C-C3 Form) ද සම්පූර්ණ කර, මාස 06 ක වලංගුතාවය ඇති විදේශ ගමන් බලපත්‍රයේ පිටපතක් ද ඔබගේ අයදුම්පතට අමුණා ඉහත සඳහන් විද්‍යුත් තැපැල් ලිපිනයට යොමු කරන්න. මෙම පාඨමාලාව සඳහා සහභාගී වීමේ දී අයදුම්කරුවන් විසින් සපයාගත යුතු කොන්දේසී • ලියාපදිංචි ගාස්තු – US $ 100• නවාතැන් සඳහා පමණක් දිනකට වියදම (ආහාර ඇතුලත්ව)    Single Room – US $ 100 per day    Twin Sharing – US $ 80 per day• ගුවන් ටිකට්පත් (නැවත පැමිණීමේ ටිකට්පතක්) වැඩිදුර තොරතුරු සඳහා ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය අමතන්න0112669344 Download FIVB Application Form

Read More

Dialog president gold Cup U-25 National Volleyball Championship 2024 

ජනාධිපති රන් කුසලාන ඩයලොග් වොලිබෝල් ශූරතා Golden birds සහ MAS දිනා ගනියි.අවුරුදු 25 න් පහළ ඩයලොග් ජනාධිපති රන් කුසලාන පිරිමි සහ කාන්තා වොලිබෝල් සූරතා පිළිවෙළින් රදාවාන ගෝල්ඩන් බර්ඩ්ස් කණ්ඩායම සහ අම්පාර MAS කණ්ඩායම අත් කර ගන්නට සමත් වුණා. පිරිමි අවසාන තරගයේ දී ගෝල්ඩන් බර්ඩ්ස් කණ්ඩායම විසින් වට 3-0 ක් ලෙස රුවන්වැල්ල රාජසිංහ ක්‍රීඩා සමාජය පරාජය කරමින් ජයග්‍රහණය ලබා ගැනීමට සමත් වුණා .එහිදී ලකුණු සටහන් වූයේ ලකුණු 25- 20,25-18 සහ 25-11 ක් ලෙසයි. කාන්තා අවසාන තරගය වට 4 ක් දක්වා පැවති අතර .අනු සූරතාවය දිනාගත් ගලිගමුව හයිඩ්‍රාමනී කණ්ඩායම අම්පාර MAS කණ්ඩායමට එරෙහිව තරගයේ පළමු වටය 25-19 ක් ලෙස ජය ගත් නමුත් ඉන් අනතුරුව MAS කණ්ඩායම ඉතිරි වට 3 ලකුණු 25-22/25-11 සහ 25-23 ක් ලෙස ජයග්‍රහණය කරන්නට සමත් වුණා.

Read More

Dialog president gold Cup U-25 National Volleyball Championship 2024 

ඩයලොග් ජනාධිපති රන් කුසලාන අවු. 25 න් පහළ වොලිබෝල් තරගාවලිය 2024 අවසන් මහා තරග – (කාන්තා / පිරිමි) ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යාංශය සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව සංවිධානය කරනු ලබන SRI LANKA SPORTS FIESTA 2024  හි වොලිබෝල් තරග 2024 අගෝස්තු මස 16 දින තුම්මුල්ල ගුවන් හමුදා ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතව ඇත.     ඒ අනුව මෙම SRI LANKA SPORTS FIESTA 2024 හී වොලිබෝල් තරග සඳහා ඩයලොග් ජනාධිපති රන් කුසලාන අවු. 25 න් පහළ වොලිබෝල් තරගාවලියේ පිරිමි සහ කාන්තා අවසන් මහා තරග එදිනට පැවැත්වීමට නියමිතව ඇත. මෙම අවසන් මහා තරග ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය (රියර් අදිමිරාල්) ෂෙමාල් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් සහ ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ සභාපති ගරු කංචන ජයරත්න මැතිතුමාගේ සහභාගීත්වයෙන් පැවැත්වීමට නියමිතව ඇත.මෙම අවසන් මහා තරග සඳහා සුදුසුකම් ලැබූ කන්ඩායම් සහ තරග පැවැත්වෙන වේලාවන් පහත දක්වා ඇත. කාන්තා අවසන් තරගයහයිඩ්‍රාමනි ක්‍රීඩා සමාජය – ගලිගමුව සමඟ MAS (A) ක්‍රීඩා සමාජය – අම්පාර | වේලාව 13:00 පිරිමි අවසන් තරගය – රාජසිංහ ක්‍රීඩා සමාජය – රුවන්වැල්ල සමඟ ගෝල්ඩන් බර්ඩ්ස් ක්‍රීඩා සමාජය – රඳාවාන | වේලාව 15:00

Read More

Dialog President Gold Cup U-25 National Volleyball Championship 2024 Women – Anuradhapuraya

ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය, ඩයලොග් ආසියාටා සමාගමේ අනුග්‍රාහකත්වයෙන් පවත්වනු ලබන ඩයලොග් ජනාධිපති රන්කුසලාන අවු. 25 න් පහළ ජාතික වොලිබෝල් තරගාවලියේ ජාතික මට්ටමේ කාන්තා තරග අද දින අනුරාධපුර පළාත් ක්‍රීඩා දෙපරේතමේන්තු ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී උත්කර්ෂවත් අන්දමින් ආරම්භ විය. මෙම තරගාවලියේ ආරම්භක උත්සවය සඳහා ඩයලොග් ආසියාටා සමාගමේ වයඹ/උතුරුමැද පළාත් ජ්‍යෙෂ්ඨ කලාප කළමණාකරු බුද්ධික පෙරේරා මහතා, ඩයලොග් ආසියාටා සමාගමේ සන්නාම කළමණාකරු ඉෂාර තිලකරත්න මහතා, අනුරාධපුර දිස්ත්‍රික් වොලිබෝල් සංගමයේ සභාපති ලාල් සෙනෙවිරත්න මහතා, අනුරාධපුර දිස්ත්‍රික් වොලිබෝල් සංගමයේ ලේකම් උපාලි සුමනතිලක මහතා, ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ විධායක කමිටු නිලධාරීන් සහභාගී විය.

Read More

CAVA U-20 Women Volleyball Championship 2024

මධ්‍යම ආසියානු වොලිබෝල් සංගමය සංවිධානය කරනු ලබන CAVA U-20 (Women) Volleyball Championship වොලිබෝල් තරගාවලිය රිදි පදක්කම දිනා ගත් ශ්‍රී ලංකා ජාතික කණිෂ්ඨ කාන්තා වොලිබෝල් කණ්ඩායම 2024 ජුලි 24 දින ශ්‍රි ලංකාවට   කාන්තා කණ්ඩායම දිවයිට පැමිණිම සමඟ වොලිබොල් සංගමය ඔවුන් පිළිගැනිම සදහා පිළිගැනිමේ උත්සවයක්ද සංවිධානය කර තිබුනි.

Read More

CAVA U-20 Women Volleyball Championship 2024

අපරාජිතව අවසන් පුර්ව සටනට පිවිස ජයග්‍රහානි මනසිකත්වයෙන් සිටි ශ්‍රි ලංකා කණ්ඩායම අවසන් මහා තරගයෙදි කිරිගිස්ථානයට පරාද විය.  20 පහළ මධ්‍යම ආසියානු කාන්තා වොලිබෝල් තරගාවලියේ අවසන් තරගයේ දී කිරිගිස්ථානයට පරාජය විය… Sri Lanka 0    ( 26  17  19 ) Kyrgyzstan 3 ( 28  25   25 )

Read More

CAVA U-20 Women Volleyball Championship 2024

ඉතා තරගකාරී තරගයකට ක්‍රීඩා කළ ශ්‍රී ලංකා බාලිකා කණ්ඩායම 3-2ක් ලෙස 3 වැනි තරගය ජය ගැනීමට සමත් විය. ශ්‍රි ලංකා කණ්ඩායම අපරාජිතව ඉදිරියට යයි congratulations Sri Lanka National Under-20 Women’s  Volleyball Team

Read More

CAVA U-20 Women Volleyball Championship 2024

මාලදිවයින සමග පැවති දෙවන තරගය 3-0කින් පහසුවෙන් ජයගැනීමට ශ්‍රී ලංකාව සමත් විය.ශ්‍රි ලංකා කන්තා 20න් පහළ කණ්ඩායම මෙ වන විට අපරාජිතව තරඟා වලියෙ ඉදිරියට යයි. congratulations Sri Lanka National Under-20 Women’s Volleyball Team

Read More

CAVA U-20 Women Volleyball Championship – 2024

CAVA U-20 Women වොලිබෝල් තරගාවලිය 2024 ජුනි මස 16 දින සිට 24 දින දක්වා මාල දිවයින හිදී පැවැත්වීමට නියමිතව ඇත. ඒ සඳහා ශ්‍රී ලංකා ජාතික කණිෂ්ඨ කාන්තා වොලිබෝල් කණ්ඩායම 2024 ජුනි මස 16 (අද) දින දිවයිනෙන් පිටත් විය. මෙම තරගාවලිය සඳහා මාල දිවයින, නේපාලය, කිරිගිස්ථානය සහ ශ්‍රී ලංකාව යන රටවල් සහභාගී වීමට නියමිතව ඇත.මෙම සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකාව ලෙස චතුරි පූර්ණිමා කටයුතු කරනු ලබන අතර කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස අමිල එරංග විජේපාල මහතා කටයුතු කරනු ලබයි. දිවයිනෙන් පිටත් වීමට ප්‍රථම ශ්‍රී ලංකා ජාතික කණිෂ්ඨ කාන්තා වොලිබෝල් කණ්ඩායම සමුහ ඡායාරූපයකට පෙනි සිටින ලදි. ඉදිරිපස පේලි වමේ සිට සුලක්ෂණා පසිදුනි, පවනි පබසරා, නෙත්මි දිව්‍යාංජලී, නෙත්යා මින්දුලී, විමන්ෂා ප්‍රභානි, පුජා අත්තනායක, හර්ෂනි නිසංසලා, චතුරි පූර්ණිමා පසුපස පේලිය වමේ සිට දිල්කි නෙත්සරා, හිමායා පාරින්දි, ඉෂංකා බාලසූරිය මහත්මිය -අභ්‍යාසක, අමිල විජේපාල මහතා- ප්‍රධාන පුහුණුකරු, ඩබ්.පී.අයි සමරකෝන් මහත්මිය – කලමණාකරු, හෂාන් දමිත් මහතා – සහාය පුහුණුකරු, ලහිරු දිල්ෂාන් – කණ්ඩායම් විනිසුරු, සෙසාන්දි රුවන්යා, වත්ෂිකා දිල්ෂානි     මෙම තරගාවලියේ තරග සටහන පහත දක්වා ඇත.

Read More

අවුරුදු 25න් පහළ වොලිබෝල් තරගාවලියේ ජාතික මට්ටමේ ( පිරිමි) තරඟ 2024

 ජනාධිපති රන්කුසලාන අවුරුදු 25න් පහළ වොලිබෝල් තරගාවලියේ ජාතික මට්ටමේ ( පිරිමි) තරඟ 2024 ජූලි මස 26 , 27 සහ 28 දිනවලදී අනුරාධපුරය  ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත. එබැවින් පළාත් තරගාවලියේ ශූරතාවය සහ අනුශූරතාවය දිනා ගත් පිරිමි කණ්ඩායම් 2024 ජූලි මස 27 දින උදේ 8.00.ට අනුරාධපුර ගෘහස්ථ ක්‍රීඩාංගණයට පැමිණ ලියාපදිංචි වන ලෙස දන්වන්න .   පදිංචිය සනාථ කිරීම සඳහා DS 4 සහතිකය ද වයස සනාථ කිරීම සඳහා හැදුනුම්පත ඉදිරිපත් කිරීම අනිවාර්ය වේ .

Read More

CAVA බීච් වොලිබෝල් විනිසුරු පාඨමාලාව. 2024-07-08 දින මීගමුවේදී සාර්ථකව අවසන් කරන ලදි.

CAVA බීච් වොලිබෝල් විනිසුරු පාඨමාලාව 2024. අද දින මීගමුවේදී සාර්ථකව අවසන් කරන ලදි.අද දින සහතිකපත් ප්‍රධානය කිරීමේ අවස්ථාවට සහභාගි වූ මධ්‍යම ආසියානු වොලිබෝල් සම්මේලනයේ හා ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ ප්‍රධාන ලේකම් ඒ,එස් නාලක මහතා /මෙම වැඩසටහනේ ප්‍රධාන උපදේශක. මධ්‍යම ආසියානු වොලිබෝල් සම්මේලනයේ බීච් වොලිබෝල් කොමිසමේ සභාපති සිරිනිවාසන් ජයරාමන් මහතා (ඉන්දියාව) සහ මධ්‍යම ආසියානු බීච් වොලිබෝල් කොමිසමේ සාමාජික මොහොමඩ් හුසේන් මහතා (මාලදිවයින),ශ්‍රිලංකා බීචි වොලිබෝල් කොමිසමේ සභාපති ප්‍රියන්ත ජයකොඩි මහතා සහ ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ විධායක කමිටු සාමාජික ධනපාල ජයපත්ම මහතා සහ සජිත් නන්ද සිරි මහතා ඇතුළු නිලධාරීන් ගේ සහභාගිත්වයෙන් සිදු කරන ලදී.

Read More

තරුෂි කරුණාරත්න සහා දිල්හානි ලේකම්ට ඔලිම්පික් වරම් හිමිවෙයි

තරුෂි කරුණාරත්න සහා දිල්හානි ලේකම් 2024 පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලබා තිබෙනවා. එ අනුව යොවුන් මලල ක්‍රිඩිකා තරුෂි කරුණාරත්න මිටර් 800 ඉසව්ව නියොජනය කිරීමට සුදුසුකම් ලබා ඇත. එමෙන්ම නදිෂා ලේකම් හෙල්ල විසිකිරිම ඉසව්වෙන් තරඟ බිමට පිවිසිමට නියමිතව ඇත.

Read More

CAVA beach volleyball referee candidate course

2024 – ජුලි – 01 දින මීගමුව TOPAZ බීච් හෝටලයේ දී ආරම්භ කරන ලදි. පාඨමාලාව සඳහා විදේශීය විනිසුරු අපේක්ෂකයින් 03ක් හා දේශීය විනිසුරු අපේක්ෂකයින් 10 ක් සහභාගී වී සිටින අතර මෙම පාඨමාලාව 2024.07.01 දින සිට 07 දින දක්වා පැවැත් වේ.

Read More

කාන්තා වොලිබෝල් නේෂන්ස් ලීග් 2024

ඉතාලිය කාන්තා වොලිබෝල් නේෂන්ස් ලීග් 2024 ශූරයන් වේ! 2024.06.23 දින තායිලන්තයේ බැංකොක්හි පැවති අවසන් මහා තරගයේදී ජපානය කණ්ඩායම තරග වට 3-1 (25-17, 25-17, 21-25, 25-20) ක් ලෙස පරාජය කිරීමට ඉතාලි කණ්ඩායම සමත්විය. මෙය ඉතාලි කාන්තා කණ්ඩායම නේෂන්ස් ලීග් තරගාවලියේ ශූරයන් බවට පත්වූ දෙවන අවස්ථාව වේ.   Individual Awards • Most valuable playerPaola Egonu (ITA) • Best setterAlessia Orro (ITA) • Best outside spikersSarina Koga (JPN)Myriam Sylla (ITA)   • Best middle blockerAgnieszka Korneluk (POL)Sarah Luisa Fahr (ITA) • Best opposite spikerPaola Egonu (ITA) • Best liberoManami Kojima [ja] (JPN)

Read More

සාතිශය සංවේගය

ශ්‍රී ලංකා වොලිබෝල් විනිසුරු සංගමයේ ජාත්‍යන්තර විනිසුරුවරයෙකු වන සමිත සේනාරත්න මහතාගේ දයාබර මෑණියන් හදිසියේ අභාවප්‍රාප්ත වී ඇත.2024/06/24 දින සවස 4.00ට ඇල්පිටිය ආදාහනාගාරයේදී අවසන් කටයුතු සිදු කිරීමට නියමිතව ඇත.ශ්‍රී ලංකා වොලිබෝල් සංමේලනයේ සාතිශය සංවේගය පල කර සිටිමු 

Read More

ජාතික වෙරළ වොලිබෝල් සංචිතය තේරීමේ විවෘත තේරීම් පරීක්ෂණය පිරිමි කාන්තා

ජාතික වෙරළ වොලිබෝල් සංචිතය තේරීමේ විවෘත තේරීම් පරීක්ෂණය පිරිමි කාන්තා.මෙම වසරේදී ශ්‍රී ලංකාවේ පැවැත්වෙන මධ්‍යම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලිය සහ ලබන වසරේ දී පැවැත්වෙන දකුණු ආසියානු ක්‍රීඩා උළෙල ඉලක්ක කර ගෙන මෙම සංචිත ආරම්භ කිරීමට නියමිතයි. 2024 ජුනි 19 උදෑසන 8.00 පිරිමි. තේරීම් පරීක්ෂණය පැවැත්වෙන අතර 2024 ජුනි 20 උදෑසන 8.00 කාන්තා තේරීම් පරීක්ෂණය පැවැත්වෙනු ඇත. ස්ථානය මීගමුව beach park වෙරළ තීරය . තෝරාගන්නා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා සංචිතයේ පුහුණුවීම් කාලය තුළදී ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් මාසිකව රුපියල් 45000/- පෝෂණ දීමනාවක් ලබාදීමට නියමිතය. ජේෂ්ඨ හා කනිෂ්ඨ ක්‍රීඩක ක්‍රිඩිකාවන් හට මේ සඳහා සහභාගීය හැක .

Read More

Dialog ජනාධිපති රන් කුසලාන අවුරුදු 25න් පහළ වොලිබෝල් තරගාවලියේ පිරිමි අංශයේ ජාතික තරග

Dialog ජනාධිපති රන් කුසලාන අවුරුදු 25න් පහළ වොලිබෝල් තරගාවලියේ පිරිමි අංශයේ ජාතික තරග 2024 ජුනි 08, සහ 09 දිනවලදී කුලියාපිටිය වයඹ විශ්ව විද්‍යාල ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී පැවැත්වේ . ඔබ පලාතේ පිරිමි ශූරතාවය සහ අනුශූරතාවය දිනාගත් කණ්ඩායම් වල සංශෝධිත තරඟ අයදුම් පත සමග පදිංචිය සනාථ කිරීමේ DS 4 සහතික ද රැගෙන 2024 ජුනි 08 වෙනි දින පෙරවරු 8.30 ට වයඹ විශ්ව විද්‍යාල ගෘහස්ථ ක්‍රීඩාංගනයට වාර්තා කිරීමට කටයුතු කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.මේ පිළිබඳව ඔබ දක්වන සහයෝගය ඉතා අගය කොට සලකමි. ධනපාල ජයපත්ම ප්‍රධාන සංවිධායක ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය .0710953456

Read More

ජාත්‍යන්තර  බීච් වොලිබෝල් විනිසුරු පාඨමාලාව  2024 ශ්‍රී ලංකාව CAVA  BEACH VOLLEYBALL REFEREE CANDIDATE  COURSE 2024 – SRI LANKA

 මධ්‍යම  ආසියානු වොලිබෝල් සම්මේලනය මගින් මෙහයවනු ලබන ජාත්‍යන්තර බීච් වොලිබෝල් විනිසුරු අපේක්‍ෂක පාඨමාලාව ( CAVA  BEACH VOLLEYBALL REFEREE CANDIDATE  COURSE 2024 ) 2024  ජූලි 01  දින සිට 07 දින දක්වා ශ්‍රීලංකාවේ දී පැවැත්වීමට නියමිතව ඇත. මෙම ජත්‍යන්තර බීච් වොලිබෝල් විනිසුරු  පාඨමාලාව සදහා ශ්‍රී ලංකාව තුල දැනට බීච් වොලිබෝල් හෝ ගෘහස්ථ වොලිබෝල්  විනිසුරු කටයුතුවල නියුතු  වොලිබෝල් විනිසුරුවන් ගෙන්    අයදුම්පත් කැදවනු ලැබේ. වොලිබෝල් විනිසුරුවරයෙකු ලෙස  කටයතු කර ඇති ඔබගේ  විස්තර ඇතුලත්ව  පෞද්ගලික විස්තර   දුරකථන අංක හා විද්‍යුත් තැපෑල (E mail address ) ඇතුලත් ඉංග්‍රීසි බසින් සකස් කරන ලද අයදුම් පත් [email protected] විද්‍යුත් ලිපිනයට හෝ ලියාපදිංචි තැපෑලෙන් 2024  ජුනි 10  දිනට ප්‍රථම පහත සදහන් ලිපිනයට යොමුකරන්න ප්‍රධාන ලේකම්ශ්‍රීලංකා වොලිබෝල් සම්මේලනයඅංක 33ටොරින්ටන් පෙදෙසකොළඹ 07 . සියලුම අයදුම්කරුවන්  වයස අවුරුදු  25 ට වැඩි  හා අවුරුදු 38 ට අඩු වියයුතුවේ (.ඒ අනුව 1986 ජුලි 08 න් පසු උපන් අය සහ  2000 ජුනි 30 ට පෙර උපන් ය විය යුතුය    මෙම විනිසුරු පාඨමාලාව සමත්වන අයදුම්කරුවන්හට මධ්‍යම ආසියානු වොලිබෝල් සම්මේලනය මගින් සංවිධානය කරනු ලබන  ජාත්‍යන්තර බීච් වොලිබෝල් තරගාවලි විනිශ්චය සදහා සහභාගී වියහැකි අතර ආසියානු බීච් වොලිබෝල් විනිසුරු පාඨමාලාව (AVC BEACH VOLLEYBALL REFEREE COURSE)  සදහා අයදුම් කිරීමට ද  සුදුකම් ලබනු ඇත. අයදුම්කරුවන්ගේ සුදුසුකම් පරික්ෂා කිරීමෙන් පසුව මෙම පාඨමාලාව සදහා අයදුම් කරුවන් තෝරාගනු ලැබේ  වැඩිදුර විස්තර සදහා අමතන්න ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය –  0112 669344ධනපාල ජයපත්ම මහතා   සම්බන්ධිකරණ නිලධාරි –  071 0953456කපිල බන්නෑහක මහතා – 0718003884     Course Details Download Application

Read More

ඇෆ්ඝනිස්තානය පරාජය කරමින් ශ්‍රී ලංකා කංඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි

මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා වොලිබෝල් කංඩායම සහභාගි වූ තෙවන තරගය ඇෆ්ගනිස්ථානය සමග පැවැත්විණි .එම තරගය තරග වට 3/0ලෙස ජයග්‍රහණය කරන්නට ශ්‍රී ලංකා කංඩායම සමත් වුනා.ශ්‍රී ලංකා කංඩායම සහභාගි වූ පලමු තරගය සහ දෙවන තරගය අනපේක්ෂිත ලෙස පරාජය වුවත් ,පලමු තරගවල අඩුපාඩු සකසා ගනිමින් හොද තරග රටාවක් ප්‍රදර්ශනය කරන්නට ඇෆ්ගනිස්ථානය සමඟ තරගයේ දී  සමත් වුනා.ශ්‍රී ලංකා කන්ඩායම සහභාගි වන මී ළඟ තරගය අනිද්දා දින එනම් 15වෙනි දින ප.ව 1ට ඉරානය සමග පැවැත්වීමට නියමිතය.

Read More

ශ්‍රී ලංකා වොලිබෝල් කංඩායම ඉරානය ප්‍රථම වරට පරාජය කරමින් ඉදිරියට

මධ්‍යම ආසියානු වොලිබෝල්  තරගාවලියේ ශ්‍රී ලංකා ජාතික වොලිබෝල් කංඩායම සහභාගි වූ හතරවන තරගය ඉරානය සමග පැවැත්විණි .ශ්‍රී ලංකා ජාතික වොලිබෝල් කංඩායම තරග වට 3/0ලෙස ඉතිහාසයේ පලමු වරට  ඉරානය පරාජය කරන්නට සමත් වුනා.

Read More

DSI සුපර් ස්පෝර්ටිස් පාසල් වොලිබෝල් තරගාවලිය 2024

අධ්‍යාපන අමාත්‍යාංශය, ශ්‍රී ලංකා පාසල් වොලිබෝල් සංගමය සහ ශ්‍රී ලංකා පාසල් වොලිබෝල් සංගමය එකාබද්ධව ඩී. සැම්සන් සහ පුත්‍ර සමාගමේ (DSI) පූර්ණ අනුග්‍රහයෙන් පැවැත්වෙන DSI සුපර් ස්පෝර්ටිස් පාසල් වොලිබෝල්  තරගාවලිය 22 වන වරට ක්‍රියාත්මක කිරීම සනිටුහන් කරමින් පවත්වන ලද මාධ්‍ය සාකච්ඡාව 2024 මැයි මස 07 දින කොළඹ 02 නිපෝන් හෝටලයේ දී පවත්වන ලදි. අඛණ්ඩව මේ වන විට වසර 21 ක් පවත්වා ඇති මෙම තරගාවලිය මෙම වර්ෂයේ දී වයස අවුරුදු 11 න් පහල, 13 න් පහල, 15න් පහල, 17න් පහල හා 19න් පහල වයස් කාණ්ඩ අනුව බාලක හා බාලිකා වශයෙන් පැවැත්වීමට නියමිතව ඇත. තරගාවලියේ දිස්ත්‍රික් සහ ජාතික මට්ටමේ තරග 2024 ජූනි 15, 16, 22, 23, 29, 30 සහ ජූලි 6, 7, 13, 14, 20, 21 දිනවල පැවැත්වේ. දිස්ත්‍රික් තරගාවලියේ කණ්ඩායම් අතරින් ශූරතාවය සහ අනු ශූරතාවය හිමි කරගන්නා කණ්ඩායම් ජාතික මට්ටමේ තරගාවලිය සඳහා තරග කිරීමට සුදුසුකම් ලබා ගනු ඇත. ජාතික මට්ටමේ තරග 2024 අගෝස්තු 7 සිට 11 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත අතර  2024 DSI සුපර් ස්පෝර්ටිස් පාසල් වොලිබෝල් තරගාවලියේ අවසන් මහා තරග නොවැම්බර් 2 සහ 3 දෙදින පුරා කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත. මෙම තරගාවලියේ සමාරම්භය සනිටුහන් කිරීම සඳහා ඩී. සැම්සන් සහ පුත්‍ර සමාගමේ කළමණාකාර අධ්‍යක්ෂ තුසිත රාජපක්ෂ මහතා විසින් ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ ගරු සභාපති , ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුවේ උප සභාපති කංචන ජයරත්න මැතිතුමා හට අනුග්‍රාහක චෙක්පත  ලබාදීම සිදු කරන ලදි. එම අවස්ථාවේ දී ලබා ගත් සමුහ ඡායා රූපය පහත දක්වා ඇත Download Sinhala Form Download Tamil Form මෙම තරගාවලිය පිළිබඳ වැඩිදුර තොරතුරු සඳහා 011-2669344 අංකයෙන් ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ අමතා හෝ දිස්ත්‍රික් 25 සම්බන්ධීකරණ නිලධාරීන් මගින් හෝ ශ්‍රී ලංකා පාසල් වොලිබෝල් සංගමයේ ලේකම් චමින්ද කුමාර මහතා 0773329702 අංකයෙන් අමතා ලබා ගත හැක. සම්පුර්ණ කරන ලද අයදුම්පත්‍ර ලඟම පිහිටි DSI ප්‍රදර්ශානාරයට හෝ DSI ප්‍රධාන කාර්යාලයේ අලෙවි අංශය,ඩී. සැම්සන් සහ පුත්‍රයෝ සමාගම, නො.257,හයිලෙවල් පාර,නාවින්න,මහරගම වෙත යොමු කරන්න.අයදුම්පත්‍ භාර ගැනීම 2024 මැයි මස 31 වනදා අවසන් වේ.

Read More

CAVA Nations League(Men)  වොලිබෝල් තරගාවලිය 2024

CAVA Nations League(Men)  වොලිබෝල් තරගාවලිය 2024 මැයි 09 දින සිට 18 දින දක්වා පකිස්ථානයේ ඉස්ලාමාබාද් නුවර හිදී පැවැත්වීමට නියමිතව ඇත. ඒ සඳහා ශ්‍රී ලංකා ජ්‍යෙෂ්ඨ ජාතික පිරිමි වොලිබෝල් කණ්ඩායම 2024 මැයි මස 08 දින දිවයිනෙන් පිටත් වීමට නියමිතව ඇත.එම කණ්ඩායමේ නායකයා ලෙස දීප්ති රෝමේෂ් කටයුතු කරනු ලබන අතර කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස චන්න ජයසේකර මහතා කටයුතු කරනු ලබයි.දිවයිනෙන් පිටත් වීමට ප්‍රථම ශ්‍රී ලංකා ජ්‍යෙෂ්ඨ ජාතික පිරිමි වොලිබෝල් කණ්ඩායම සමුහ ඡායාරූපයකට පෙනි සිටින ලදි.අසුන්ගෙන වමේ සිටසුසිරි මංගල – අභ්‍යාසක, චන්න ජයසේකර  – ප්‍රධාන පුහුණුකරු , ඒ. එස් නාලක මහතා- ප්‍රධාන ලේකම් ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය, කංචන ජයරත්න මැතිතුමා – සභාපති ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය, ශ්‍රී මාල් ද සිල්වා මහතා – කළමණාකරු ,  දීප්ති රෝමේෂ් – නායක, නිශාන් ඉන්දික – සහාය පුහුණුකරුපසුපස පේලිය වමේ සිටමනෝජ් සුරංග, මලීෂ රවිශාන්, ඉසුරු මධුෂාන්, ප්‍රනීත් දිනේන්ද්‍ර, ෂෙහාන් විමුක්ති, සනුක මධුභාෂන, වසන්ත ලක්මාල්, අයේෂ් දිල්හාන්, ලහිරු ප්‍රමුදිත, මන්ජුල නලීන්, දුලංජන් සංදීප මහේෂ් වන්නිගමගේ, විමුක්ති සාගර

Read More

ජනාධිපති රන්කුසලාන වයස අවුරුදු 25න් පහළ මධ්‍යම පළාත් වොලිබොල් තරඟාවලි​ය

ජනාධිපති රන්කුසලාන වයස අවුරුදු 25න් පහළ මධ්‍යම පළාත් වොලිබොල් තරඟාවලි​ය මැයි මස 18 වන දිනමහනුවර ගැටඹේ ක්‍රීඩාංගණයේදී ක්‍රිඩා කරන ක්‍රිඩක ක්‍රීඩිකාවන් සඳ​හා ​සහතිකය අනිවාර්ය ​වේ

Read More

Head of Medical Commission of Central Asian Volleyball Association

වෛද්‍ය ලාල් ඒකනායක මහතා මධ්‍යම ආසියානු වොලිබෝල් සංගමයේ වෛද්‍ය කොමිසමේ මුල් පුටුවට පසුගියදා පැවැත්වූ මධ්‍යම ආසියානු වොලිබෝල් සංගමයේ විධායක කමිටු රැස්වීමේදී මධ්‍යම ආසියානු වොලිබෝල් සංගමයේ ස්ථිර කම්ෂන් සභා  සදහා නිලධාරීන් පත් කරන ලදී .එහිදී මධ්‍යම ආසියානු වොලිබෝල් සංගමයේ වෛද්‍ය කොමිසමේ ප්‍රධානී ලෙස  ජාතික ක්‍රීඩා වෛද්‍ය ඒකකයේ ප්‍රධානී වෛද්‍ය ලාල් ඒකනායක මහතා පත් කරන ලදී .විශේෂයෙන්ම වෛද්‍ය ලාල් ඒකනායක මහතා ජාත්‍යන්තර තරග සහ තරගාවලි වල මෙන්ම කමිටු සදහා දායකත්වය ලබා දී ඇත.එසේමවෛද්‍ය ලාල් ඒකනායක මහතා ලෝක වොලිබෝල් සම්මේලනයේ (FIVB)අනුමැතිය ලත් වෛද්‍යවරයෙකි. වෛද්‍ය  ලාල් ඒකනායක  මැතිතුමාට ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ සුභ පැතුම් එක් කර සිටිමු

Read More

Application Form for Commissions

ශ්‍රි ලංක වොලිබොල් සම්මේලන ස්ථාපිත කරන ලද කොමිසම් සභා සදහා අයදුම්පත් කැදවිම ජාත්‍යන්තර වොලිබෝල් සම්මේලනයෙහි උපදෙස් සහ ව්‍යවස්ථාවහි වගන්ති 2.9 අනුව නීති කොමිසම, මුදල් කොමිසම, අලෙවි සහ සන්නිවේදන කොමිසම, තාක්ෂණික සහ පුහුණු කොමිසම, සංවර්ධන කොමිසම, වෛද්‍ය කොමිසම, තරග නීති සහ විනිශ්චය කොමිසම, බීච් වොලිබෝල් කොමිසම සහ ක්‍රීඩක කොමිසම යන කොමිෂන් ස්ථාපිත කිරීම සඳහා අයදුම්පත් කැඳවනු ලැබේ.   අයදුම්පත් කැඳවීමේ අවසන් දිනය – 2024 මැයි 15   මේ සම්බන්ධ අයදුම්පත මෙම Link එක මගින් භාගත කරගන්න.   සම්පූර්ණ කරන ලද අයදුම්පත ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලන කාර්යාලයට ගෙනැවිත් හෝ ලියාපදිංචි තැපෑලෙන් පහත ලිපිනයට යොමු කරන්න.   ප්‍රධාන ලේකම් ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය නො 33 ටොරින්ටන් පෙදෙස කොළඹ 07 download

Read More

Application for National volleyball selection committee

please apply to the National Volleyball Selection Committee (beach / indoor) before 15.05.2024 Get the application form in English from the link below 2024 වර්ෂයෙ වොලිබෝල් තෙරීම් කමිටුව සදහා ජාතික කණ්ඩායම් නියොජනය කර ඇති නිලධාරීන් ගෙන් අයදූම්පත් කැදවනු ලැබෙ. අයදුම්පත් කැඳවීමෙ අවසන් දිනය 15/05/2024 අයදුම්පත පහත සබැඳියාව යොදා ගන්න  Download

Read More

ආසියානු බීච් වොලිබෝල් තරගාවලිය 2024

2024 අප්‍රෙල් මස 11 සිට 16 දින දක්වා තායිලන්තයේ පැවැත්වෙන ආසියානු බීච් වොලිබෝල් තරගාවලිය ශ්‍රී ලංකා කාන්තා සහ පිරිමි කණ්ඩායම් 02 බැගින් සහභාගී විය පිරිමි කණ්ඩායම් 01සදූන් මධුසංඛඅංජන සංදීපනී පිරිමි කණ්ඩායම 02මලිත් සිල්වාදිලීප චාමික කාන්තා කණ්ඩායම 01දිනේෂා ප්‍රසාදිනීජෙ. ඩබ්. පී තුෂාරි කාන්තා කණ්ඩායම 02චතුරිකා විරසිංහෂෙහානි අවස්ථා පිරිමි පුහුණුකරුඉන්දික ටීරොන් කාන්තා පුහුණුකරුතක්ෂිලා ගූණසිංහ කළමනාකරු ධනපාල ජයපත්ම Men Sri 1 Vs THA 217 – 21 15 – 21 MenSri 2 Vs Aus 208 – 2114 – 21 Womens Sri 1 Vs INA 216 – 2121 – 14 15 – 10

Read More

ජනාධිපති රන් ඩයලොග් වයස 25 න් පහළ වොලිබෝල් තරගාවලිය 2024 සමාරම්භක උත්සවය සහා බස්නාහිර පලාත් තරග

ජනාධිපති රන් කුසලාන ඩයලොග් වොලිබෝල් තරගාවලිය 25න් පහල ආරම්භක උත්සවය පසුගියදා හොරණ නගර සභා ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. ෙම අවස්තාව සදහා ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ ලේකම් සහ මධ්‍යම ආසියානු වොලිබෝල් සංගමයේ මහ ලේකම් A.S.නාලක මහතා සහ ඩයලොග් ආසියාටා සමාගමේ මෙහෙයුම් කළමනාකරු  මංජුල ගුණසේකර මහතා ඇතුලු ආරාධිත අමුත්තන් විශාල පිරිසක් සහ ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ නිලධාරීන් සහ මෙම තරගාවලියේ  පූර්ණ අනුග්‍රහය දක්වන ඩයලොග් ආසියාටා සමාගමේ නිලධාරීන්  සහභාගි විය.   ෙහි පිරිමි තරගාවලියේ ශූරතාවය රදාවාන ගෝල්ඩන් බර්ඩ්ස් ක්‍රීඩා සමාජය විසින් දිනාගත් අතර අනුශූරතාවය පොතුපිටිය ලකී සික්ස් ක්‍රීඩා සමාජය විසින් දිනා ගන්නා ලදී.කාන්තා ශූරතාවය ගම්පහ සංඝමිත්තා විදුහල දිනාගත් අතර අනුශූරතාවය හෝමාගම ක්‍රීඩා සමාජය දිනා ගන්නට සමත් විය.

Read More

ජනාධිපති රන් ඩයලොග් වයස 25 න් පහළ වොලිබෝල් තරගාවලිය 2024

ජනාධිපති රන් ඩයලොග්   වයස 25 න් පහළ වොලිබෝල්  තරගාවලිය 2024  සමාරම්භක උත්සවය සහා බස්නාහිර පලාත් තරග මාර්තු මස 30/31 දින වලදී හොරණ නගර සභා ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

Read More

Get 30% off your first purchase

X